ශ්‍රී ලංකාවට ලබා දෙන ජී.එස්.පී. ප්ලස් සහනය අනුමත වේ

ශ්‍රී ලංකාවට ජී.එස්.පී. ප්ලස් සහනය ලබාදීම සම්බන්ධයෙන් නීතිමය ලියැවිල්ලට අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා මහතා විසින් පසුගිය දා (21 ඔක්.) සිය අත්සන යොදා අනුමැතිය ලබාදීම සිදුකර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති කේ. ජී. ඩී. ඩී. ධීරසිංහ මහතා පවසයි. ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ අත්සන යෙදීමත් සමඟ මේ සහනයන් ලබන නොවැම්බර් 05 වැනිදා සිට වසර 2013 ජුලි 31 දක්වා ක්‍රියාත්මක වේ. මේ …

Continue Reading

දේශපාලනයේදී සාමුහික වගකීම ඉතා වැදගත් – අමාත්‍ය නිමල් සිරිපාල

ඊයේ (23 ඔක්.) පෙරවරුවේ බදුල්ලේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවසුවේ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂ පරාජය වූයේ පක්ෂ අභ්‍යන්තර ගැටුම් නිසා බවයි. “නගර සභා කණ්ඩායමේ සාමුහික වගකීම සමඟිය ඉතාමත් වැඳගත්. අද එක්සත් ජාතික පක්ෂයට වෙලා තියෙන දේ දිහා බැලුවොත් අපිට හොද පාඩමක් අපේ දේශපාලන කරන අයට ලබාගන්න පුළුවන්. අද එක්සත් ජාතික පක්ෂය විනාශ වුණේ පක්ෂ අභ්‍යන්තරයේ ඇතිවුණ …

Continue Reading

ජවිපෙ උද්ඝෝෂණ මාලාවක් අද සිට

ලබන අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප රුපියල් දස දහසකින් (10,000) වැඩි කරන ලෙස රජයට බලකිරීමේ දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාර රට පුරා දියත් කිරීමට දේශපාලන පක්‍ෂ සහ වෘත්තීය සමිති රැසක්‌ තීරණය කර ඇත. එක්‌සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්‌ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්‍ෂ සහ ප්‍රධාන පෙළේ වෘත්තීය සමිති කිහිපයක්‌ මේ සඳහා නායකත්වය ගෙන තිබේ. ජනතා විමුක්‌ති පෙරමුණ සංවිධානය කළ මෙහි පළමු උද්ඝෝෂණය අද (24 …

Continue Reading

ගඩාෆිගේ මරණය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍යයි

හිටපු ලිබියානු නායක කර්නල් මුවමර් ගඩාෆිගේ මරණය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇති අතර අදාළ ඝාතනය පිළිබද ශ්‍රී ලංකා රජයේ මතය එහි දැක්වේ. නිවේදනයට අනුව රජයේ මතය වනුයේ මුවමර් ගඩාෆිගේ මරණය ආශ්‍රිත වටපිටාව සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍යය බවයි.

Continue Reading

ත්‍රස්තවාදයට අසු නොවුනා නම් ගාමිණි දිසානායක මේ රටේ ජනාධිපති

හිටපු අමාත්‍ය දිවංගත ගාමීණී දිසානායකගේ 17 වැනි ගුණ සමරු උත්සවය ඊයේ (23 ඔක්.) කොළඹ මහවැලි කේන්ද්‍රය ඉදිරිපිට පිහිටි ගාමිණී දිසානායක පිළිරුව අසළදී පැවැත්විණි. ශ්‍රීමා දිසානායක මහත්මිය ඇතුළු පවුලේ ඥාතීන්, මහාසංඝරත්නය හා දේශපාලඥයින්ද එම අවස්ථාවට එක්ව සිටියහ. එහිදී අදහස් දක්වමින් දිවංගත ගාමිණී දිසානායකගේ පුත් මයන්ත දිසානායක මෙසේ පැවසීය. “එදා එතුමා රුඳුරු ත්‍රස්තවාදයට හසුවුණේ නැත්නම් අනිවාර්යෙන්ම මේ රටේ ජනාධිපති වෙනවා. එතුමා මේ …

Continue Reading

අලි පෙරහැරට ගන්නේ කොට ඇද්ද අලි විතරයි

මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවීමට සහය දුන් උතුරු කොළඹ ජනතාවට ස්තූතිය පළ කිරීම වෙනුවෙන් මෝදර කාක දූපතේ පැවති රැස්වීමකදී එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක රවී කරුණානායක මහතා පැවසුවේ මෙවර අලි පෙරහැරට එක් කරගන්නේ, කොට අදිමින් වෙහෙස වු අලින් බවයි. “ඡන්ද අපිට 64%ක් 65%ක් ලැබුනට මගේ ඉලක්කය වූයේ 85%ක් ලබා ගන්න එකයි. ඔබ සියලු දෙනාම ගිහිල්ල බලන්න අයි 20%ක් 25%ක් …

Continue Reading

ශ්‍රී ලාංකීක පුරවැසියනට නව ආරක්ෂිත විද්‍යුත් හැඳුනුම්පතක්

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් දැනට නිකුත් කරන ජාතික හැඳුනුම්පත වෙනුවට, ආරක්ෂාව සඳහා වැදගත් තොරතුරු ඇතුළත් ආරක්ෂිත විද්‍යුත් හැඳුනුම්පතක් නිකුත් කිරීමට කටයුතු සම්පාදනය කරමින් පවතියි. මෙම නව හැඳුනුම්පත දැනට භාවිත කෙරෙන ජාතික හැඳුනුම්පතෙහි අන්තර්ගත කර නොමැති නවීන ආරක්ෂිත සංකේත ඇතුළත් කර වර්තමාන අවශ්‍යතාවට ගැළපෙන අයුරින් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුක්තව සකස් කෙරෙනු ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට නිකුත් කිරීමට අපේක්ෂිත මෙම ඩිජිටල් …

Continue Reading

ආයෝජනය සඳහා හොඳම ආසියාතික රට ශ්‍රී ලංකාවයි – බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්

නොබැඳි ජාතීන්ගේ රටවලට ආයෝජනය සඳහා හොඳම ආසියාතික රට ශ්‍රී ලංකාව බවත් ඒ සඳහා අවශ්‍ය දේශපාලන ස්ථාවරත්වය සාර්ව ආර්ථික පරිසරය හා යටිතල පහසුකම් රට තුළ ගොඩනැඟී ඇති බවත් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ආචාර්ය ක්‍රිස් නෝනිස් මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ ලන්ඩන්හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ පැවැති නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාර කවුන්සිලය මඟින් නොබැඳි ජාතින්ගේ වෙළෙඳ කටයුතු පුළුල් …

Continue Reading

අල්ලස් හෝ දූෂණ ගැන පැමිණිලි කිරීමට දුරකථන අංකයක්

රජයේ නිලධාරීන්, ආයතන ප්‍රධානීන්, විදුහල්පතිවරුන් මෙන්ම ඕනෑම රාජ්‍ය සේවකයකු විශ්වාස කළ නොහැකි ආකාරයෙන් දේපළ, ධනය රැස්කරගෙන තිබේ නම් ඒ පිළිබඳව තොරතුරු සහිතව නිර්නාමිකව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම් සභාවට පැමිණිලි කළ හැකි යැයි අල්ලස් හෝ දූෂණ වැළැක්වීමේ කොමිසම පවසයි. වත්කම් නඩු යටතට ගැනෙන මේ පැමිණිලි පැය 24 පුරාම ක්‍රියාත්මක වන ක්ෂණික දුරකතන අංක 1954 ඔස්සේ හෝ ලිඛිතව දැන්විය හැකි අතර …

Continue Reading

ශී‍‍්‍ර ලංකාව ඉතා සුන්දර රටක් – සොනාක්ෂි සිංහා

ශී‍‍්‍ර ලංකාවේ ජනතාව තමා උණුසුම් ලෙස ආදරයෙන් පිළිගත්ත් බවත්, ශී‍‍්‍ර ලංකාව ඉතා සුන්දර රටක් බව බොලිවුඞ් සිනමාවේ නැගී එන තරුවක් වන සොනාක්ෂි සිංහා කියයි. කටුනායක ගුවන් තොටුපලින් පසුගිය 17 වැනිදා දිවයිනට පැමිණි ඈ සීගීරියේදී පටිගත කිරීමට නියමිත සී.එන්.එන්. රූපවාහිනී පටිගත කිරීමක් අතරවාරයේදි මේ බව සඳහන් කර තිබේ. තමාගේ දෙවැනි ශී‍‍්‍ර ලංකා සංචාරය මෙය බව ද පවසන ඈ මෙවර ලංකාවට පැමිණියේ සිවුදිනක …

Continue Reading