ශී‍‍්‍ර ලංකාව ඉතා සුන්දර රටක් – සොනාක්ෂි සිංහා

Spread the love

ශී‍‍්‍ර ලංකාවේ ජනතාව තමා උණුසුම් ලෙස ආදරයෙන් පිළිගත්ත් බවත්, ශී‍‍්‍ර ලංකාව ඉතා සුන්දර රටක් බව බොලිවුඞ් සිනමාවේ නැගී එන තරුවක් වන සොනාක්ෂි සිංහා කියයි.

කටුනායක ගුවන් තොටුපලින් පසුගිය 17 වැනිදා දිවයිනට පැමිණි ඈ සීගීරියේදී පටිගත කිරීමට නියමිත සී.එන්.එන්. රූපවාහිනී පටිගත කිරීමක් අතරවාරයේදි මේ බව සඳහන් කර තිබේ.

තමාගේ දෙවැනි ශී‍‍්‍ර ලංකා සංචාරය මෙය බව ද පවසන ඈ මෙවර ලංකාවට පැමිණියේ සිවුදිනක ඉතා කොටි කාලයකට බැවින් මෙරට සුන්දරත්වය විඳින්නට කාලය මදි බවද ඇය පවසන්නීය.

සංචාරක මණ්ඩලයේ අනුග‍‍්‍රහයෙන් ආ ඇය එහි ලා ඔෆීෂියල් සඟරාවේ ඉන්දීයා මුද්‍රණයේ මංගල කලාපයේ මුල් පිටුවේ ජායාරූපයකට පෙනී සිටීම ට ද නියමිතය. ඇය මෙම ජායාරූපය සඳහා පෙනී සිටින්නේ කසුප් රජුගේ බල කොටුවේදී වීම ද විශේෂිතය. මීට අමතරව ශී‍‍්‍ර ලංකාවේ සුන්දර මුහුදු තීරයන්හි පසුතලවල ද මෙම ජායාරූප ගැනීමට නියමිතය.

සොනාක්ෂි සිනමා නඵවකු හා දේශපාලකයකුවන ශත්රූගන් සිංහ හා පුනාම් සිංහගේ දියණියකි.

ඇයගේ පියා 70 හා 80 දශකවලදී ඉමහත් ජනප‍‍්‍රියත්වයක් ලද සිනමා නළුවකු වන අතර ඔහු පේ‍‍්‍රක්ෂකයන් අතර ජනපි‍‍්‍රයත්වයට පත්වූයේ දුෂ්ඨ චරිත රඟපෑ නළුවකු ලෙසය.

RSL

Related Posts