අල්ලස් හෝ දූෂණ ගැන පැමිණිලි කිරීමට දුරකථන අංකයක්

Spread the love

රජයේ නිලධාරීන්, ආයතන ප්‍රධානීන්, විදුහල්පතිවරුන් මෙන්ම ඕනෑම රාජ්‍ය සේවකයකු විශ්වාස කළ නොහැකි ආකාරයෙන් දේපළ, ධනය රැස්කරගෙන තිබේ නම් ඒ පිළිබඳව තොරතුරු සහිතව නිර්නාමිකව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම් සභාවට පැමිණිලි කළ හැකි යැයි අල්ලස් හෝ දූෂණ වැළැක්වීමේ කොමිසම පවසයි.

වත්කම් නඩු යටතට ගැනෙන මේ පැමිණිලි පැය 24 පුරාම ක්‍රියාත්මක වන ක්ෂණික දුරකතන අංක 1954 ඔස්සේ හෝ ලිඛිතව දැන්විය හැකි අතර ඒ තොරතුරුවලට අනුව විමර්ශන කටයුතු ආරම්භ කිරීමට කොමිසම් සභාව කටයුතු කරයි.

2011 මැයි මස 16 දා සිට මේ දක්වා පාසල්වලට දරුවන් ඇතුළත් කරගැනීමේ පැමිණිලි 226ක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම් සභාවට වාර්තා වී ඇත. අල්ලස් ගැනීමේ වරදට හසුවන අය අධ්‍යක්ෂ ජෙනරාල්ගේ අවසරය ඇතිව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කැරෙන අතර නඩු විභාගය අවසන් වන තෙක් රිමාන්ඩ් බාරයේ රඳවා තැබේ.


RSL

Related Posts