ජවිපෙ උද්ඝෝෂණ මාලාවක් අද සිට

Spread the love

ලබන අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප රුපියල් දස දහසකින් (10,000) වැඩි කරන ලෙස රජයට බලකිරීමේ දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාර රට පුරා දියත් කිරීමට දේශපාලන පක්‍ෂ සහ වෘත්තීය සමිති රැසක්‌ තීරණය කර ඇත.

එක්‌සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්‌ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්‍ෂ සහ ප්‍රධාන පෙළේ වෘත්තීය සමිති කිහිපයක්‌ මේ සඳහා නායකත්වය ගෙන තිබේ. ජනතා විමුක්‌ති පෙරමුණ සංවිධානය කළ මෙහි පළමු උද්ඝෝෂණය අද (24 ඔක්.) සවස 3.30 ට කොළඹ දී පැවැත්වෙන අතර ඉදිරියේදී සෙසු දේශපාලන පක්‍ෂ හා වෘත්තීය සමිති ඒකාබද්ධව මෙම අරගලය දියත් කිරීමට සාකච්ඡා ආරම්භ කොට ඇත.

මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප රුපියල් 10,000 කින් වැඩිකරනවාට සමගාමීව පෞද්ගලික අංශයේ සේවකයන්ගේද වැටුප් වැඩිකරන ලෙස දේශපාලන පක්‍ෂ සහ වෘත්තීය සමිති රජයෙන් ඉල්ලීමක්‌ කර ඇත.

සිය ඉල්ලීම් සැලකිල්ලට ගෙන වැටුප් වැඩිකිරීමක්‌ සිදු නොකළොත් අයවැයට විරුද්ධව පාර්ලිමේන්තුවේදී ඡන්දය පාවිච්චි කොට අනෙකුත් දේශපාලන පක්‍ෂ සහ වෘත්තීය සමිති සමග ඒකාබද්ධව මහා වැඩවර්ජන දක්‌වා වූ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට යොමුවීමට තීරණය කරන බව එක්‌සත් ජාතික පක්‍ෂ හා ජනතා විමුක්‌ති පෙරමුණ ප්‍රකාශකයෝ පවසති.

RSL

Related Posts