ජනපති රාජපක්‍ෂ මහතා පොදු රාජ්‍ය මණ්ඩලයේ 22 වැනි රාජ්‍ය නායක සමුළුවට
-
RSL
-
October 25, 2011
-
Uncategorized
-
0 Comments
පොදු රාජ්‍ය මණ්ඩලයේ 22 වැනි රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම සඳහා ඕස්ට්‍රේලියාවේ පර්ත් ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ඊයේ (24 ඔක්.) එරටට ළඟාවූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය බටහිර ඕස්ට්‍රේලියාවේ කොන්සියලුර් ඩී. ෆ්රෑන්ක් කර්ව්ලේ මහතා ඇතුළු පිරිස විසින් පිළිගන්නා ලදි. ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් තිසර සමරසිංහ මහතා ද මෙම අවසථාවට සහභාගී විය.
Continue Reading
යාපනය සරසවිය නොසන්සුන් කිරීමට බලවේගයක් ක්‍රියත්මක වෙනවා – යාපනය ආඥාපති
-
RSL
-
October 25, 2011
-
Uncategorized
-
0 Comments
යාපනය සරසවියේ ආරක්‍ෂක කටයුතු සම්බන්ධයෙන් ඔක්තෝබර් 22 වැනිදා පැවති රැස්වීමක් අමතමින් යාපනය ආඥාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ පැවසුවේ යාපනය සරසවියේ අධ්‍යයන කටයුතු කඩාකප්පල් කිරීමට පිටස්තර බලවේග උත්සාහ කරන බවත් පසුගිය සති කිහිපය තුළදී සිසුසිසුවියන් බළල් අතක් ලෙසින් භාවිතා කොට සරසවිය නොසන්සුන් කිරීම සඳහා එම බලවේග උත්සාහ කළ බවත්ය. මීට දින කිහිපයකට ඉහතදී ශිෂ්‍ය නායකයෙකුට එල්ල වූ ප‍්‍රහාරයකින් පසුව සරසවිය නොසන්සුන් …
Continue Reading
ජනපතිට මෙල්බෝන් අධිකරණයකදී නඩු පැවරේ
-
RSL
-
October 25, 2011
-
Uncategorized
-
0 Comments
ශී‍්‍ර ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහිව මෙල්බෝන්හි අධිකරණයක් ඉදිරියේ යුද අපරාධ චෝදනා පෙත්සමක් ගොනු කොට ඇතැයි දි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අරුණාචලම් ජෙගදීස්වරන් නමැති ශී‍්‍ර ලංකාවේ උපත ලැබූ ඕස්ටේ‍්‍රලියානු ජාතිකයෙකු එම ඉදිරිපත් කොට ඇති අතර ඔහු පවසන්නේ තමන් 2005 සිට 2007 දක්වා කාලයේ ස්වේච්ඡා සේවකයෙකු වශයෙන් දිවයිනේ සේවය කළ බවයි. ආරක්‍ෂක හමුදාවන්හි අණදෙන නිලධාරියා වශයෙන් ගුවන් ප‍්‍රහාර සිදු කිරීමට …
Continue Reading
ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරයේ වැඩ අවසන්
-
RSL
-
October 25, 2011
-
Uncategorized
-
0 Comments
ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරයේ සමස්ත ඉදි කිරීම් කටයුතුවලින් සියයට අනූ එකක් (91%) මේ වන විට අවසන් බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. මෙම වසර අවසානය වන විට ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය මඟින් මෙගාවොට් එකසිය පනහක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට නියමිතය. ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු අදියර පහක් යටතේ සිදුවන අතර වැඩිවන විදුලි …
Continue Reading
චැනල්-4 වැඩසටහන සාධාරණ සහ අපක්‍ෂපාතීයි – බ්‍රිතාන්‍යය මාධ්‍ය නියාමන කොමිසම
-
RSL
-
October 25, 2011
-
Uncategorized
-
0 Comments
ශී‍්‍ර ලංකාවේ යුද අපරාධ සිදුවූ බවට දැක්වෙන වාර්තා වැඩසටහනක් ප‍්‍රචාරය කිරීම මඟින් බි‍්‍රතාන්‍යයේ චැනල්-4 රූපවාහිනිය සාධාරණත්වය හා අපක්‍ෂපාතීත්වය පිළිබඳව වන නියමයන් කඩ කොට නොමැති බව එරට මාධ්‍ය නියාමන කොමිසම වන ඔක්ස්ෆෑම් තීරණය කරයි. එම වැඩසටහන ප‍්‍රචාරය කිරීමට එරෙහිව ඔක්ස්ෆෑම් වෙත පැමිණිලි 118ක් ලැබී තිබුණු බව සී21 මීඩියා වාර්තා කර සිටී.
Continue Reading
යුද්ධයෙන් පස්සේ මේ රටේ වැඩියෙන්ම ව්‍යාප්ත වෙලා තියෙන්නේ පාතාලය සහ මත්කුඩු – පා.ම. ගයන්ත කරුණාතිලක
-
RSL
-
October 25, 2011
-
Uncategorized
-
0 Comments
භාරත ලක්ෂ්මන් මහතාගේ ඝාතනය පිළිබඳව සාධාරණ පරීක්ෂණයකින් පසුව සවිස්තර වාර්තාවක් ලබාදීම ආණ්ඩුවේ වගකීම බව එක්සත් ජාතික පක්ෂය පවසයි. එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක ඊයේ (25 ඔක්.) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීය. “නීතිය වල්වැදිලා කැලෑ නීතිය රජවෙමින් ඉතාම භායානක තත්ත්වයක් ජන ජිවිතයට එල්ල වෙමින් තිබෙන බව අද වෙනකොට සිදු වන සිදුවීම් තුළින් පැහැදිලි වෙනවා. දැන් බලන කොට යුද්ධයෙන් …
Continue Reading
ලෝකෙ කොහේ ගියත් ඒකාධිපතීන්ට වෙන්නේ ඕකයි – ජෙනරාල් ෆොන්සේකා
-
RSL
-
October 25, 2011
-
Uncategorized
-
0 Comments
හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ නිලතල ඉවත් කිරීමට, පළමු යුධ අධිකරණය කළ නිර්දේශයට එරෙහිව අභියාචනාධිකරණයට ඉදිරිපත් කෙරුණු පෙත්සම ඊයේ (24 ඔක්.) කැඳවීය. අභියාචනාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මිය හමුවේ, එම නඩුව කැඳ වූ අවස්ථාවේදී දෙපාර්ශවයේම නීතීඥයින් ඉල්ලා සිටියේ, ජනවාරි 23 වන දින ඊට අදාළ නඩුවක් කැඳවීමට ඇති හෙයින් මෙම නඩුවත් එදිනම කැඳවන ලෙසයි. ඊට අවසර දුන් අභියාචනාධිකරණය 2012 ජනවාරි 23 වෙනිදා …
Continue Reading
ඉතාලියෙන් ලංකාවට වාර්ෂිකව රැකියා 3,500 ක්
-
RSL
-
October 24, 2011
-
Uncategorized
-
0 Comments
ඉතාලියේ රැකියා තුන් දහස් පන්සීයක් වාර්ෂිකව මෙරට තරුණ තරුණියන්ට ලබාදීමට ඉතාලි රජය එකඟ වී තිබේ. මෙම රැකියා තුන්දහස් පන්සීයය 2013 වසරේ සිට අඛණ්‌ඩව මෙරටට ලබා ගැනීමට අදාළ ගිවිසුම විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන ඇමැති ඩිලාන් පෙරේරා මහතා හා ඉතාලි කම්කරු, සුබසාධන හා ප්‍රතිපත්ති පිළිබඳ ඇමැති මයුරි සීරෝ සාකොන් සමඟ පසුගිය දා එරට දී අත්සන් තබා ඇත. සාත්තු සේවක, රියෑදුරු, ගෘහ …
Continue Reading
පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍යනායක සමුළුව මෙවර ඕස්ට්‍රේලියාවේදී
-
RSL
-
October 24, 2011
-
Uncategorized
-
0 Comments
ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී ලබන 28 දා ආරම්භ වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍යනායක සමුළුවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගිවීමට නියමිතය. ලෝකයේ රටවල් 54ක රාජ්‍ය නායකයන් සහභාගිවන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍යනායක සමුළුව ලබන 30දා තෙක් පැවැත්වෙන අතර මානව හිමිකම්, යහපාලනය, දේශගුණික විපර්යාස, ආදායම් ව්‍යාප්ති විෂමතාව, ආහාර සුරක්ෂිතතාව, ස්වාභාවික සම්පත් පාලනය, මූල්‍යමය ගැටලු ආදී කරුණු රැසක් කෙරෙහි විශේෂ අවධානය යොමු කරන බව …
Continue Reading
දැඩි නියඟයෙන් පුත්තලමේ ජනතාවට පීඩා
-
RSL
-
October 24, 2011
-
Uncategorized
-
0 Comments
මාස කිහිපයක සිට පවතින දැඩි නියඟය හේතුවෙන් ප්‍රදේශ රැසක ජනතාව ජල ගැටලුවකට මුහුණ පා සිටී. ඒ අතරට පුත්තලම දිස්ත්‍රික්කයත් අයත් වේ. මාස කිහිපයක සිට පවතින වැසි රහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ජනතාව තම ජල අවශ්‍යතා සපුරාගැනීමට දැඩි වෙහෙසක් දරනු ලැබේ. ඔවුන් ඊට වැඩි වශයෙන් තබ්බෝව ජලාශය උපයෝගි කර ගනී. වැව් දියෙන් ගොවිතැන් කරන තමන්දැඩි අපහසුතාවයකට පත්ව සිටින බව ගොවීහූ …
Continue Reading