ඉතාලියෙන් ලංකාවට වාර්ෂිකව රැකියා 3,500 ක්

Spread the love

ඉතාලියේ රැකියා තුන් දහස්‌ පන්සීයක්‌ වාර්ෂිකව මෙරට තරුණ තරුණියන්ට ලබාදීමට ඉතාලි රජය එකඟ වී තිබේ.

මෙම රැකියා තුන්දහස්‌ පන්සීයය 2013 වසරේ සිට අඛණ්‌ඩව මෙරටට ලබා ගැනීමට අදාළ ගිවිසුම විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන ඇමැති ඩිලාන් පෙරේරා මහතා හා ඉතාලි කම්කරු, සුබසාධන හා ප්‍රතිපත්ති පිළිබඳ ඇමැති මයුරි සීරෝ සාකොන් සමඟ පසුගිය දා එරට දී අත්සන් තබා ඇත.

සාත්තු සේවක, රියෑදුරු, ගෘහ පාලක, කෘෂිකර්ම හා කර්මාන්ත ක්‍ෂේත්‍ර වල පවතින පුරප්පාඩු සඳහා පුහුණු ශ්‍රමිකයන් යවන බවත් ඉතාලි භාෂා පාඨමාලා 2012 අප්‍රේල් සිට ආරම්භ කරමින් ඊට අදාළ රාජ්‍ය මැදිහත්වීම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය හරහා ඉතා විනිවිද භාවයෙන් යුක්‌තව ආරම්භ කරන බවත් කාර්යාංශය සඳහන් කරයි.

මැදපෙරදිග රටවල ගෘහ සේවය වෙනුවට පුහුණු ශ්‍රමිකයන්ට ඉහළ වැටුප් සහිත පුහුණු රැකියා අවස්‌ථා ලබාදීම යටතේ ඉතාලි රැකියා ලබාගැනීමට හැකි වූ බව විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන ඇමැති ඩිලාන් පෙරේරා මහතා සඳහන් කර තිබේ.


RSL

Related Posts