ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරයේ වැඩ අවසන්

Spread the love

ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරයේ සමස්ත ඉදි කිරීම් කටයුතුවලින් සියයට අනූ එකක් (91%) මේ වන විට අවසන් බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. මෙම වසර අවසානය වන විට ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය මඟින් මෙගාවොට් එකසිය පනහක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට නියමිතය.

ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු අදියර පහක් යටතේ සිදුවන අතර වැඩිවන විදුලි ඉල්ලුම සඳහා මෙම බලාගාරය මඟින් මනා පිටිවහලක් සැපයේ.

බලාගාරයේ මූලික සිවිල් වැඩකටයුතු පළමු අදියර යටතේ සිදුවන අතර එහි ප්‍රගතිය 94%ක් බව අමාත්‍යාංශය පවසයි. දෙවන අදියර යටතේ බලාගාරයේ සිවිල් කටයුතු 91%කින් අවසන් වී ඇති අතර ජල යාන්ත්‍රික සවිකිරීම් කටයුතු 99%කින් අවසන්ව ඇති බවත් අමාත්‍යාංශය පවසයි. විදුලි ජනක යන්ත්‍ර සවිකිරීම් කටයුතුවල ප්‍රගතිය 86%ක් දක්වා වර්ධනය වී ඇති අතර පස්වන අදියර යටතේ සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සියයට අසූහතරකින් (84%) අවසන් කර ඇත.

වැඩිවන විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා 2006 වසරේදී ආරම්භ කළ ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය මෙරට ඉදිකළ අවසන් විශාලතම ජල විදුලි බලාගාරය වේ.

මෙමගින් වාර්ෂිකව විදුලි ඒකක දසලක්‍ෂ 409ක දළ විදුලි ජනනයක් ඇති කිරීමට අපේක්‍ෂා කෙරේ.

RSL

Related Posts