ජනපතිට මෙල්බෝන් අධිකරණයකදී නඩු පැවරේ

Spread the love

ශී‍්‍ර ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහිව මෙල්බෝන්හි අධිකරණයක් ඉදිරියේ යුද අපරාධ චෝදනා පෙත්සමක් ගොනු කොට ඇතැයි දි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අරුණාචලම් ජෙගදීස්වරන් නමැති ශී‍්‍ර ලංකාවේ උපත ලැබූ ඕස්ටේ‍්‍රලියානු ජාතිකයෙකු එම ඉදිරිපත් කොට ඇති අතර ඔහු පවසන්නේ තමන් 2005 සිට 2007 දක්වා කාලයේ ස්වේච්ඡා සේවකයෙකු වශයෙන් දිවයිනේ සේවය කළ බවයි.

ආරක්‍ෂක හමුදාවන්හි අණදෙන නිලධාරියා වශයෙන් ගුවන් ප‍්‍රහාර සිදු කිරීමට නියෝග කොට දහස් ගණන් ජනතාව ඝාතනය කළ බවට ඔහු ජනාධිපතිවරයාට චෝදනා කොට සිටී.

ඔහුගේ නීතිඥ රොබ් ස්ටාරි පවසන්නේ, පෙත්සම විභාගය නොවැම්බර් 29 වැනිදා සිදු කිරීමට නියෝග කොට ඇති බවයි.

පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා රාජපක්‍ෂ මහතා මේ වන විට ඕස්ටේ‍්‍රලියාවට ගොස් සිටී.

RSL

Related Posts