යාපනය සරසවිය නොසන්සුන් කිරීමට බලවේගයක් ක්‍රියත්මක වෙනවා – යාපනය ආඥාපති

Spread the love

යාපනය සරසවියේ ආරක්‍ෂක කටයුතු සම්බන්ධයෙන් ඔක්තෝබර් 22 වැනිදා පැවති රැස්වීමක් අමතමින් යාපනය ආඥාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ පැවසුවේ යාපනය සරසවියේ අධ්‍යයන කටයුතු කඩාකප්පල් කිරීමට පිටස්තර බලවේග උත්සාහ කරන බවත් පසුගිය සති කිහිපය තුළදී සිසුසිසුවියන් බළල් අතක් ලෙසින් භාවිතා කොට සරසවිය නොසන්සුන් කිරීම සඳහා එම බලවේග උත්සාහ කළ බවත්ය.

මීට දින කිහිපයකට ඉහතදී ශිෂ්‍ය නායකයෙකුට එල්ල වූ ප‍්‍රහාරයකින් පසුව සරසවිය නොසන්සුන් විය.

යාපනය වැසියන්ගේ ආරක්‍ෂාව සහ අනෙකුත් අවශ්‍යතා සපුරාලීමට හා නීතිය හා සාමය ආරක්‍ෂා කිරීමට පොලිසියට සහාය වන බව ආරක්‍ෂක හමුදා ප‍්‍රධානියා වැඩිදුරටත් කීය.

සරසවියේ උපකුපලපතිනිය, යාපනය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා හා අනෙකුත් නිලධාරීන් ද එම අවස්ථාවට එක්විය.

RSL

Related Posts