යුද්ධයෙන් පස්සේ මේ රටේ වැඩියෙන්ම ව්‍යාප්ත වෙලා තියෙන්නේ පාතාලය සහ මත්කුඩු – පා.ම. ගයන්ත කරුණාතිලක

Spread the love

භාරත ලක්ෂ්මන් මහතාගේ ඝාතනය පිළිබඳව සාධාරණ පරීක්ෂණයකින් පසුව සවිස්තර වාර්තාවක් ලබාදීම ආණ්ඩුවේ වගකීම බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක ඊයේ (25 ඔක්.) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීය.

“නීතිය වල්වැදිලා කැලෑ නීතිය රජවෙමින් ඉතාම භායානක තත්ත්වයක් ජන ජිවිතයට එල්ල වෙමින් තිබෙන බව අද වෙනකොට සිදු වන සිදුවීම් තුළින් පැහැදිලි වෙනවා. දැන් බලන කොට යුද්ධයෙන් පස්සේ මේ රටේ වැඩියෙන් සංවර්ධනය වෙලා තියෙන්නේ, මේ රටේ වැඩියෙන්ම ව්‍යාප්තවෙලා තියෙන්නේ, පාතාලයයි මත්කුඩුයි කියන එක ජනතාව තේරුම් අරගෙන තියෙනවා. ලිබියානු නායක කර්නල් ගඩාෆිගේ ඝාතනය පිළිබඳ සවිස්තර වාර්තාවක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක් ලිබියාවේ අන්තර්වාර පාලන මණ්ඩලයෙන් ඉල්ලා තිබෙනවා. මේක හොඳ දෙයක් හැබැයි, අපි ආණ්ඩුවට කියනවා. අර භාරත ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රීතුමාගේ ඝාතනය පිළිබඳවත් සවිස්තර වාර්තාවක් සාධාරණ පරීක්ෂණයකින් පසුව අපක්ෂපාති පරීක්ෂණයකින් පසුව ඉක්මනින් ලබා දීම රජයේ වගකීමක් බවත් අපි ආණ්ඩුවට මතක් කරනවා”

RSL

Related Posts