තලංගම පොලිසියට ජවිපෙ ලේකම්වරයාගෙන් කට උත්තරයක්

ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාගෙන් තලංගම පොලිසිය ඊයේ (22 ඔක්.) ප‍්‍රකාශයක් සටහන් කර ගෙන ඇති බව වාර්තා වේ. පැලවත්තේ පිහිටි එම පක්ෂයේ ප‍්‍රධාන කාර්යාලය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළුවක් මූලික කර ගනිමින් ප‍්‍රධාන ලේකම්වරයාට එරෙහිව මදනායක නැමැත්තෙකු ගොනුකර ඇති පැමිණිල්ලකට අනුව ජවිපෙ ලේකම්වරයාගෙන් කට උත්තරයක් ලබා ගත් බව තලංගම පොලිසිය සඳහන් කළේය. පසුගිය 19 වැනිදා තමන් පක්‍ෂ …

Continue Reading

පකිස්ථාන ජයග්‍රහණයේ බලාපොරොත්තු සුන්වන ලකුණු

එක්.අ. එමීර් රාජ්‍යයේදී ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් තරඟයේදී අවසන් දිනයේ අවසන් පන්දුවාර 40 ක්‍රියාත්මක වන විට ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්ථානුවන්ගේ ජයග්‍රහණයේ බලපොරොත්තු බිඳ දැමීමට සමත්වී ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම තම ප්‍රථම ඉනිමේදී ලකුණු 197 කට සීමාවූ අතර ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පකිස්ථානය සිය පළමු ඉනිමට කඩුලු 6 කට ලකුණු 511 ක් ලබා ගත්තේය. දෙවන ඉනිමේදී …

Continue Reading

සාධාරණය ඉටු නොවුනහොත් B සැලසුම ක්‍රියාත්මක කරනවා – හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනයට අදාළ මරණ පරීක්ෂ‍ණයේ සාක්ෂි සටහන් කරගැනීම දෙවන දිනට ඊයේ (21 ඔක්.) සිදුවූ අවස්ථාවේදී අධිකරණ භූමියේ දී අදහස් දක්වමින් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය විසින් ප්‍රකාශ කර සිටියේ, ශ්‍රී ලංකාවේ නීතියක් පවතින බව තමන් විශ්වාස කරන බවත්, එම නීතිය විසින් හෝ සිය පියාගේ ඝාතනය සම්බන්ධයෙන් සාධාරණයක් ඉටුකරනු ඇතැයි බලාපොරොත්තු වන බවත්ය. ‍ …

Continue Reading

දුමින්ද සිල්වා භාරත මහතාට පයින් ගැහුවා

මුල්ලේරියාව සිද්ධියේදී භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාට දුමින්ද සිල්වා මහතා විසින් පයින් ගැසූ බව ඇසින් දුටු සාක්‍ෂිකරුවෙකු වන විශ‍්‍රාමික මාර්ක් ෆ‍්‍රෑරැන්ක් විජේසිංහ මහතා ඊයේ (21 ඔක්.) පැවැති මහේස්ත‍්‍රාත් පරීක්ෂණයේදී සාක්ෂි ලබාදෙමින් පැවසීය. කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතා හමුවේ මෙම මහේස්ත‍්‍රාත් පරීක්‍ෂණය සිදු විය. භාරත මුලින්ම දුමින්ද සමග පැමිණි දෙදෙනෙකු තල්ලු කළ බවත්, පසුව දුමින්ද භාරතට පයින් ගැසූ බවත් ඔහු අධිකරණය …

Continue Reading

ත්‍රස්තවාදය පරාජය කළ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ප්‍රජාවේ අවලාද එල්ලවීම කනගාටුවට කරුණක්

මෙක්සිකෝ සහ එක්සත් ජනපද ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසිංහ මහතා සමඟ ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින කොංග්‍රස් සාමාජික ඇල්බර්ට් බෙන්ජමින් මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනපද කොංග්‍රස් සාමාජිකයෝ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දා (20 ඔක්.) අරලියගහ මන්දිරයේ දී හමු විය. ලොව දරුණුතම ත්‍රස්තවාදය පරාජය කළ ශ්‍රී ලංකාවටත්, රාජ්‍ය නායකයාටත් ජාත්‍යන්තර ප්‍රජාවේ ප්‍රසාදය වෙනුවට අවලාද එල්ලවීම කනගාටුවට …

Continue Reading

රටේ ආර්ථික වර්ධනය 8% ක මට්ටමක පවත්වා ගැනීමට හැකිවුනා – ජනපති

අරලියගහ මන්දිරයේ ඊයේ (21 ඔක්.) පැවති 2012 අය වැය සැකසීම සඳහා පුද්ගල අදහස් හා යෝජනා ගැනීමේ අවසන් සාකච්ඡාවේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ ඉදිරි අය වැයෙන් පුළුල් සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත් විවධ බාධා මධ්‍යයේ වුවද පසුගිය 2010 සහ 2011 වසරවල, රටේ ආර්ථික වර්ධනය 8%ක ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමට හැකි වූ බවත්ය. එහිදී ජනාධිපතිතුමා පැවසුවේ, 2010 සහ 2011 …

Continue Reading

දර්සුමාන් වාර්තාව එ.ජාතීන්ගේ වාර්තාවක් – දර්සුමාන්

අදාළ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර්තාව දර්සුමාන් වාර්තාව ලෙස හැඳින්වීම පිළිබඳ මාධ්‍යවේදියෙකු නිව් යෝර්ක් නුවරදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මර්සුකි දර්සුමාන් මහතා පැවසුවේ ලංකාව සම්බන්ධයෙන් තම ප්‍රධානත්වයෙන් සකස් කළ වාර්තාව එක්සත් ජාතින්ගේ වාර්තාවක් බවයි. ඔහු ප්‍රකාශ කළේ, අදාළ වාර්තාව සකස් කරනු ලැබුවේ එක්සත් ජාතින්ගේ මහලේකම්වරයා විසින් පත්කරන ලද විද්වත් කමිටුවක් බවයි. එබැවින් එය හැඳින්විය හැක්කේ ශ්‍රි ලංකාව පිළිබද එක්සත් ජාතින්ගේ වාර්තාවක් …

Continue Reading

ලසන්ත වික්‍රමතුංග ඝාතන සැකකරුගේ මරණය පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න – රවී කරුණානායක

ලසන්ත වික්‍රමතුංග ඝාතන සැකකරුගේ මරණය පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්නැයි, එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධා‍යක රවී කරුණානායක ඊයේ (21 ඔක්.) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය. එමෙන්ම ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාද ප්‍රශ්න කර ඇති බව ඔහු පැවසීය. නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වන්නේ, කවර ආයතනයක් සහ පුද්ගලයකු යටතේ දැයි රවී කරුණානායක එහිදී විමසා සිටි අතර ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළේ, එය ජනාධිපතිවරයා යටතේ …

Continue Reading

යුද හමුදාවෙන් යාපනය ජනතාවට නිවාස 1,790 ක්

යුද ගැටුම් හේතුවෙන් නිවාස අහිමි වූ යාපනේ පවුල් 1,790 ක් වෙනුවෙන් රුපියල් ලක්ෂ තුන්දහසකට ආසන්න මුදලක් වැයකර යුද හමුදාව විසින් නිවාස තනා දී තිබේ. යාපනය දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක මේ නිවාස ඉදිකර ඇත. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ජගත් ජයසූරිය මහතාගේ සංකල්පයකට අනුව යාපනය ආඥාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මේනිවාස යුද හමුදාව …

Continue Reading

යුද හමුදාවේ ශ්‍රමදානය කල් යයි

යුද හමුදා සාමාජිකයන් සහ නවක සිසු සිසුවියන් යොදා ගනිමින් කිරීමට අදහස් කර තිබූ ශ්‍රමදානයට රුහුණු සරසවියේ සිසුහු ද ආචාර්යවරු බහුතරයක් ද අනධ්‍යන සේවකයෝ ද විරුද්ධ වීම හේතුවෙන් මෙම මස 22 වැනිදා රුහුණ විශ්ව විද්‍යාලයේදී පැවැත්වීමට සූදානම් කර තිබූ ශ්‍රමදානය වහාම ක්‍රියාත්මකවන පරිදි කල් දමා ඇතැයි වාර්තා වේ. ශ‍්‍රමදානයක් මුවාවෙන් යුද හමුදාව විශ්ව විද්‍යාලයට කැඳවීම සහ ආරක්ෂක අමාත්‍යංශයට සම්බන්ධ ආරක්ෂක සේවයක් …

Continue Reading