ආණ්ඩුව අයවැය ලේඛනය උත්සවයක් බවට පත් කරගෙන – ජ.වි.පෙ

පසුගිය අය වැයෙන් දුන් පොරොන්දු බොහොමයක් ඉටු නොකර නැවත ඉදිපත් කිරීමට සුදානම් වන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (19 ඔක්.) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. “2011 දී ආණ්ඩුව ආරක්ෂක වියදම ලෙස රුපියල් මිලියන දෙලක්ෂ නව දහස් අටසිය විස්සක් වෙන් කර ගත්තා. 2012දී ආණ්ඩුව දැන් යෝජනා කරලා තියෙනවා වෙන් කරන්න ආරක්ෂක වියදම ලෙස …

Continue Reading

විදුලි ඒකක මිල පහත හෙළිමට හැකියාවක් නැහැ – ඇමති චම්පික

ඊයේ (19 ඔක්.) පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක රවී කරුණානායක මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විදුලිබල අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේ තාප විදුලිය වැඩියෙන් භාවිත කිරීමට සිදුවීම නිසා විදුලි ඒකක මිල පහත හෙළිමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවයි. විදුලි ඒකක පිරිවැය වැඩිවන විට එය ආයෝජකයින්ට බලපාන්නේ දැයි රවී කරුණානායක මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය. ඔහු පෙන්වා දුන්නේ …

Continue Reading

කොළඹ විපක්ෂය හෝ ආණ්ඩුව ජයග්‍රහණය කර නැහැ – අගමැති

කොළඹ මහ නගර සභාව විපක්ෂය හෝ ආණ්ඩුව ජයග්‍රහණය කර නොමැති අතර ජනතාව දෙපාර්ශවයම ප්‍රතික්ෂේප කර ඇතැයි, අග්‍රාමාත්‍ය දී.මු. ජයරත්න ඊයේ (19 ඔක්.) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. අග්‍රමාත්‍යවරයා පැවසුවේ, ඒ අනුව දෙපාර්ශවයම එක්වී කොළඹ ගොඩනැගිය යුතු බවයි. ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මුල්‍ය සංස්ථා බැංකුව සංශෝධන පනත් කෙටුම්පතේ විවාදයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කළේය. එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසුවේ, තම පක්ෂයේ …

Continue Reading

ජනතාව සැමදා පහළ ජිවන මට්ටමක සිටිනු දැකීම මගේ අපේක්ෂාව නොවේ – ජනපති

මඩකලපුව, වව්නතිව් ජල යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත්කිරිම වෙනුවෙන් ඊයේ (19 ඔක්.) පැවැති උත්සවයකදී ‍ජනාධිපතිවරයා පැවසුවේ “සැමදා පහළ ජිවන මට්ටමක සිටිනු දැකීම තම අපේක්ෂාව නොවන බවත් කොළඹට සිමා වු සංවර්ධනය රටේ සෑම ප්‍රදේශයකට ම ව්‍යාප්ත කිරීම රජයේ අපෙක්ෂාව බවත්ය. මහින්ද චින්තන ප්‍රතිපත්තිය මගින් නගරයේ සංවර්ධනය ගම්වලට ගෙනයාමේ වැඩපිළිවෙළ සකස්කර ඇති බව පැවසු ජනධිපතිවරයා ඊට ජනතා සහය අවශ්‍ය බව සඳහන් කළේය. …

Continue Reading

භාරත ඝාතනය කුමන්ත්‍රණයක් බව වාසුදේව සැක කරයි

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනයේ කුමන්ත්‍රණයක් තිබූ බවට සැකකළ හැකි බව ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් සිය අමාත්‍යාංශයේදි අද (19 ඔක්.) තමන්ගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් බව ද අමාත්‍යවරයා කියා සිටියි. එහිදී ඝාතනය කුමන්ත්‍රණයක් පිළිබඳව පොලිස් නිලධාරින් තමන්ගෙන් කරුණු නොවිමසු බවත්, තමන් ඒ පිළිබඳව ඔවුන්ට ප්‍රකාශයක් නොකළ බවත් පවසන අමාත්‍යවරයා විනාඩි …

Continue Reading

“අපි වෙනුවෙන් අපි” නිවාස ව්‍යාපෘතියේ හයවන අදියර අම්පාරේදී

නිවසක් අහිමි රණ විරුවන්ට හිසට සෙවණක් ලබා දීමේ අරමුණින් ආරම්භ කළ “අපි වෙනුවෙන් අපි” නිවාස ව්‍යාපෘතියේ 06 වන අදියර යටතේ අම්පාර, ත‍්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත‍්‍රික්කවල ඉදිකළ නිවාස 14ක් රණ විරුවන්ට පැවරීම ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (19 ඔක්.) පෙරවරුවේ අම්පාර දිව්ලාන විද්‍යාලයේ දී සිදු විය. ශ‍්‍රී ලංකා යුද හමුදාවේ සැරයන් කේ.එම්.ආර්. ජයරත්න රණ විරුවාට හිමි නිවස පිරිනැමීම ජනාධිපතිතුමා අතින් …

Continue Reading

ඇමෙරිකානු ජී.එස්.පී ප්ලස් බදු සහන නැවතත්

2010 වසරේදී නවතා දමන ලද ශී‍්‍ර ලංකාව ද ඇතුළුව සංවර්ධනය වෙමින් පවතින රටවල් 131කට ඇමෙරිකාව විසින් ලබාදෙන ජීඑස්පී ප්ලස් බදු සහනය නැවත වරක් කි‍්‍රයාවට නැංවෙන බවට වාර්තා වේ. වසර 2013 අවසානය දක්වා කි‍්‍රයාත්මක වීමට නියමිත එම වැඩසටහන ආරම්භ කිරීමට අවශ්‍ය නීතිමය ප‍්‍රතිපාදන සඳහා ඇමෙරිකානු ජනාධිපතිවරයා අත්සන් තැබීමට නියමිත බව ශී‍්‍ර ලංකා වානිජ දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

Continue Reading

ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රිකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්න බැහැ

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශීය රටවල සේවය කරන කිසිදු රාජ්‍යතාන්ත්‍රික නිලධාරියකුට එරෙහිව නීතිමය වශයෙන් හෝ අනියම් ආකාරයෙන් කටයුතු කිරීම සඳහා කිසිවකුටත් හැකියාවක් නැතැයි රජය අවධාරණය කරයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් විසින් ඒකමතිකව ඇති කරගත් සම්මුතීන්ට අනුකූලව මෙන්ම පිළිගත් සම්ප්‍රදායන්ට අනුව ලොව ඕනෑම රාජ්‍යතාන්ත්‍රික නිලධාරියකුට එරෙහිව නඩු පැවරීම, චෝදනා ගොනු කිරීම ආදී කිසිවක් කළ නොහැකි බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. …

Continue Reading

ධනවත් දෙමළ ව්‍යාපාරිකයින් හඳුන්වා දෙන්නැයි, ලියම් ෆොක්ස් ඉල්ලීම් කරලා

ධනවත් දෙමළ ව්‍යාපාරිකයින් හඳුන්වා දෙන්නැයි, බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් ධූරයෙන් ඉල්ලා අස් වු ලියම් ෆොක්ස් තමන්ගෙන් ඉල්ලීමක් කළ බව එක්සත් ජාතික පක්ෂයේ බ්‍රිතාන්‍ය ශාඛාවේ හිටපු සභාපති රොජර් ශ්‍රීවාසන් බී.බී.සි. සිංහල සේවයට පවසා තිබේ. ඔහු පෙන්වා දී ඇත්තේ, 2007 සහ 2009 කාලය තුළ අවස්ථා කිහිපයකදී තමන් එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් සමග ෆොක්ස් හමු වූ අවස්ථාවේ මෙම ඉල්ලීම කළ බවයි. නිල රාජකාරියක් නොමැතිව …

Continue Reading

2012 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

2012 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න ඊයෙ (18 ඔක්.) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ඒ අනුව රජයේ සේවා වියදම රුපියල් එක්ලක්ෂ විසිඅටදහස් හාරසිය විසිඅටකෝටි, හතලිස් හතර ලක්ෂ හැත්තෑ එක් දහසකි. රුපියල් බිලියන 229.9 ක් වු වැඩිම මුදල රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය වෙනුවෙන් වෙන්කර ඇත. ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 104.5 ක් වෙන්කර ඇති අතර …

Continue Reading