කොළඹ විපක්ෂය හෝ ආණ්ඩුව ජයග්‍රහණය කර නැහැ – අගමැති

Spread the love

කොළඹ මහ නගර සභාව විපක්ෂය හෝ ආණ්ඩුව ජයග්‍රහණය කර නොමැති අතර ජනතාව දෙපාර්ශවයම ප්‍රතික්ෂේප කර ඇතැයි, අග්‍රාමාත්‍ය දී.මු. ජයරත්න ඊයේ (19 ඔක්.) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

අග්‍රමාත්‍යවරයා පැවසුවේ, ඒ අනුව දෙපාර්ශවයම එක්වී කොළඹ ගොඩනැගිය යුතු බවයි. ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මුල්‍ය සංස්ථා බැංකුව සංශෝධන පනත් කෙටුම්පතේ විවාදයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසුවේ, තම පක්ෂයේ බලාපොරොත්තුව රට ගොඩනැගීම බවයි.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංධානයේ මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා ද විවාදයට එක්වෙමින් කියා සිටියේ  අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශය තමන් අනුමත නොකරන බවයි.

RSL

Related Posts