ආණ්ඩුව අයවැය ලේඛනය උත්සවයක් බවට පත් කරගෙන – ජ.වි.පෙ

Spread the love

පසුගිය අය වැයෙන් දුන් පොරොන්දු බොහොමයක් ඉටු නොකර නැවත ඉදිපත් කිරීමට සුදානම් වන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (19 ඔක්.) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

“2011 දී ආණ්ඩුව ආරක්ෂක වියදම ලෙස රුපියල් මිලියන දෙලක්ෂ නව දහස් අටසිය විස්සක් වෙන් කර ගත්තා. 2012දී ආණ්ඩුව දැන් යෝජනා කරලා තියෙනවා වෙන් කරන්න ආරක්ෂක වියදම ලෙස රුපියල් මිලියන දෙලක්ෂ විසි නව දහස් නවසිය හතළිස් තුනක්. දළ වශයෙන් ගත්තොත් මිලියන 20,000 ක විතර වැඩිවීමක් තියෙනවා කලින් අවුරුද්දට වඩා. ඉතින් මේ හැම දෙයකින්ම පේන්නේ, එකක් තමයි,ආණ්ඩුව එක පැත්තකින් මේ අයවැය ලේඛනය සම්ප්‍රදායක් බවට පත් කර ගෙන අයවැය ලේඛනය උත්සවයක් බවට පත් කර ගෙන අයවැය ලේඛනය ජනතාව තුළ බොරු බලාපොරොත්තු හදන ජනතාව රවටන ජනතාව අන්දන එකක් බවට පත් කරමින් තියෙනවා”

ප්‍රධාන ලේකම්වරයා එහිදී ජනතා විමුක්ති පෙරමුණෙහි අභ්‍යන්තරික තත්වය පිළිබඳව අදහස් පළ කළේය.

“කිසිම ප්‍රශ්නයක් නෑ. අභ්‍යන්තරයේ පුංචි කණ්ඩායමක් ඉදලා පක්ෂයෙන් ඉවත් වුණා. ඒ ගොල්ලෝ දැන් එළියේ. අභ්‍යන්තරයේ නෑනේ. ඒගොල්ලෝ මාධ්‍ය පාවිච්චි කරලා පුංචි පුංචි එක එක ජාතියේ කතා හදමින් යනවා. අපි දැන් ඒවට උත්තර දෙන්න යන්නේ  නැහැ”

RSL

Related Posts