යුද හමුදාවේ ශ්‍රමදානය කල් යයි

Spread the love

යුද හමුදා සාමාජිකයන් සහ නවක සිසු සිසුවියන් යොදා ගනිමින් කිරීමට අදහස් කර තිබූ ශ්‍රමදානයට රුහුණු සරසවියේ සිසුහු ද ආචාර්යවරු බහුතරයක් ද අනධ්‍යන සේවකයෝ ද විරුද්ධ වීම හේතුවෙන් මෙම මස 22 වැනිදා රුහුණ විශ්ව විද්‍යාලයේදී පැවැත්වීමට සූදානම් කර තිබූ ශ්‍රමදානය වහාම ක්‍රියාත්මකවන පරිදි කල් දමා ඇතැයි වාර්තා වේ.

ශ‍්‍රමදානයක් මුවාවෙන් යුද හමුදාව විශ්ව විද්‍යාලයට කැඳවීම සහ ආරක්ෂක අමාත්‍යංශයට සම්බන්ධ ආරක්ෂක සේවයක් සරසවියේ ආරක්ෂාවට යෙදවීම එහි ස්‌වාධීනත්වයට බලපෑමක්‌ බව සඳහන් කරමින් එම සියලු සංගම්සාමාජිකයෝ ඊයේ (19 ඔක්. ) දහවල් විශ්වවිද්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත විය.

සරසවියට එපා නම් ලබන 22 වැනි දාට නියමිත හමුදා ශ‍්‍රමදානය අවලංගු කරන බව කී නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ගාමිණී සේනානායක මහතා, ‘රක්නා ලංකා’ ආරක්ෂක සේවය රජයෙන් එවා ඇති නිසා ඊට විරුද්ධ විය නොහැකි බවසදහන් කළේය.

මානව ශාස්ත‍්‍ර, සමාජවිද්‍යා, කලමනාකරණ හා මූල්‍ය පීඨ ආචාර්ය සංගමයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දර්ශන ලියනගේ මහතා පැවැසුයේ, උපක‍්‍රමශිලි ලෙස හමුදාව සරසවි ඇතුළට රැගෙන ඒමට රජය සැරසෙන බවයි.


RSL

Related Posts