භාරතට බල්ලෙක් වගේ වෙඩි තැබීම පිටුපස්සේ ලොකු හස්තයක් තියෙනවා – භාරතගේ සොහොයුරු

පසුගිය 08 වැනිදා ඝාතනයට ලක්වූ හිටපු පාර්ලිමෙන්තු මන්තී‍්‍ර හා වෘතීය සමිති කටයුතු පිළිබඳ ජනාධිපති අධ්‍යක්‍ෂ ජනරාල් භාරත ලක්‍ෂමන් පේ‍්‍රමවන්‍ද්‍ර මහතාගේ ඝාතකයන් හෙලිදරවුකර ගැනීමට හා ඔවුන්ට දඬුවම්දීමට ජාත්‍යන්තර ව්‍යාපාරයක් ආරම්භ කරන බව පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ සොහොයුරිය ස්වර්ණා ගුණරත්න මහත්මිය කියයි. කොළඹ කොම්පඤ්ඤවීදියේ නිපෝන් හෝටලයේ අද (18 ඔක්.) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දැක්වූ ඇය පැවසුවේ භාරත ඝාතන කුමන්ත‍්‍රණය අද ඊයේ ආරම්භ වූවක් නොවන …

Continue Reading

කරුණු දෙකක් මත දුමින්දගෙන් ප්‍රශ්න කරන්න බැහැ – ලක්‍ෂමන් හුළුගල්

දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ගැනීම සහ පාර්ලිමේන්තුවේ කතානායකවරයාගේ අවසරයකින් තොරව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුගෙන් කටඋත්තර ලබා ගත නොහැකිවීම යන කාරණා දෙක මත දුමින්ද සිල්වා මහතාගෙන් මේ වන තෙක් කට උත්තර ගෙන නැති බවත් ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජනරාල් ලක්‍ෂමන් හුළුගල්ලේ මහතා පවසයි. කෙසේවුවද, දුමින්ද සිල්වා මහතාගේ තත්ත්වය හොඳ අතට පත්වීමෙන් පසු ඔහුගෙන් කට උත්තර ගැනීමට පොලිසිය සූදානමින් සිටින බව ජ්‍යෙෂ්ඨ …

Continue Reading

ආන්දෝලනාත්මක සුදු කොඩි නඩුවේ තීන්දුව නොවැම්බර් 18 වැනිදා

සුදු කොඩි නඩුවේ තීන්දුව ලබන නොවැම්බර් 18 වැනිදා ප‍්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණ ති‍්‍ර පුද්ගල විනිසුරු මඩුල්ල අද (18 ඔක්.) ප‍්‍රකාශ කළහ. විත්තියේ තීතීඥ නලින් ලද්දුව හෙට්ටි මහතාගේ විත්තියේ දේශන අද අවසන් කිරීමෙන් පසුව ති‍්‍ර පුද්ගල විනිසුරු මඩුල්ල මෙම ප‍්‍රකාශය කළහ. වසරකට ආසන්න කාලයක් දිපාලි විජේසුන්දර (සභාපති විනිසුරු), ඩබ්ලිව්. ටී. එම්.පී.බී. වරාවැව හා ඉසෙඞ්. රෂින් යන ති‍්‍ර පුද්ගල විනිසුරු …

Continue Reading

අද්මිරාල් තිසර සමරසිංහට යුධ අපරාධ චෝදනා

ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් අද්මිරාල් තිසර සමරසිංහට එරෙහිව යුධ අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට මානව හිමිකම් සංවිධාන හා ඇතැම් මන්ත්‍රීවරුන් එරට රජයට බලපෑම් කර තිබේ. රොයිටර් වාර්තාවේ දැක්වෙන්නේ ඉන්ටර්නැෂනල් කොමිෂන් ඔෆ් ජූරිට්ස් නැමති සංවිධානය විසින් මීට අදාළ සෘජු හා පිළිගත හැකි සාක්ෂි එරට ෆෙඩරල් පොලීසිය වෙත බාරදී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර ඇති බවයි. යුද්ධයේ අවසන් අදියරේදී නාවික හමුදාව …

Continue Reading

දමිළ දේශපාලකයන් වවුනියාවේදී උපවාසයක

මුලතිව් දිස්ත්‍රික්කයේ වැලිඔය වෙනම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් ලෙස නම් කිරීම, උතුරු නැගෙනහිර ඉඩම් ලියාපදිංචි කිරිම ඇතුළු ඉල්ලීම් මුල් කරගෙන සහ උතුරු ප්‍රදේශයන්හිදී අලුතින් සිංහල ගම්මාන නිර්මාණය කිරීම නැවැත්වීම ඇතුලු ඉල්ලීම කිහිපයක් මුල්කර ගනිමින් වව්නියාව නගර සභාව ඉදිරිපිට දේශපාලන නියෝජිතයින් පිරිසක් සංකේත උපවාසයක් ඊයේ (17 ඔක්.) පැවැත්විණි. මෙම උපවාසයට දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ මහලේකම් වී.ආනන්දසංගරී මහතා ඇතුලු දෙමළ ජාතික සන්ධාන‍ පාර්ලිමේන්තු …

Continue Reading

භාරත ලක්ෂ්මන්ට අනිවාර්යෙන්ම අපි කවදා හරි සාධාරණය ඉෂ්ට කරනවා – ජෙනරාල් ෆොන්සේකා

පළමු යුද අධිකරණයේ හමුදා විනිසුරුවන්ට එරෙහිව හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා අභියාචනාධිකරණයට ගොනු කළ පෙත්සම ඩබ්ලිව්.එල්.රංජිත්. සිල්වා සහ අනිල් ගුණරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ (17 ඔක්.) යළිත් කැඳවනු ලැබිණි. අධිකරණයට පැමිණෙන අවස්ථාවේදි මාධ්‍යට අදහස් දක්වමින් ජෙනරාල් සරත් ෆොන්සේකා මෙසේ පැවසීය. “මේ නිලධාරීන්ට බටා ගෙවන් නෑ ඕවර් ටයිම් ගෙවන් නෑ. හොඳම සිරකරු‍වා තෝරන්න කියලා සල්ලි වියදම් කරලා මේ ගොල්ලන්ට පඩි ගෙවන්න දැන් …

Continue Reading

අද පාර්ලිමේන්තුවෙ ඉන්නෙ මිනීමරුවො, හොරු සහ අමු හොරු – හිටපු ජනපතිනි චන්ද්‍රිකා

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පසුගිය දා අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදි ඉහළ සාමාර්ථයන් හිමි කරගත් සිසුන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරිම වෙනුවෙන් කොළඹ බණ්ඩාරනායක සම්බන්ත‍්‍රණ ශාලාවේ පැවති උත්සවයකට සහභාගී විය. හිටපු ජනාධිපතිනිය එහිදී මෙසේ සඳහන් කළාය. “අධ්‍යාපන ක්‍ෂෙත‍්‍රය හරහා අපේ දරුවන් අපි හරියට හැදුවෙ නැත්නම් අපේ පරම්පරාව ඉවරයි. මිත‍්‍රවරුනි, බලන්න පාර්ලිමේන්තුවෙ ඉන්නෙ මොක්කුද කියල. මිනීමරුවො, හොරු, අමු හොරු. …

Continue Reading

යාපන විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිට මැර ප්‍රහාරයක්

යාපනය විශ්වවිද්‍යාලයේ කලා පිඨයේ ශිෂ්‍ය සංගමයේ සභාපති තවපාලන් මහතා ඊයේ (16 ඔක්.) මැර ප්‍රහාරයකට ලක්ව තිබේ. ඔහු යාපනය නගරයේ කන්දර්මඩම වීදිය හරහා ගමන් කරමින් සිටියදී ඔහු පසු පස යතුරු පැදි 08කින් හඹා ආ කණ්ඩායමක් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව වාර්තා වේ. බරපතල ලෙස තුවාල ලබා ඇති ඔහු යාපනය මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත්කර ඇත. වන්නි ප්‍රදේශයේ ජීවත් …

Continue Reading

යූ.ඞී.සී. සම්මාන උළෙලේ දී ”සෙල්වම්” චිත‍්‍රපටයට සම්මාන

මැලේසියාවේ ක්වාලාලම්පූර් නගරයේ පසුගිය දා පැවති යූ.ඞී.සී. සම්මාන උළෙලේ දී සංජය ලීලාරත්න අධ්‍යක්ෂණය කළ ”සෙල්වම්” චිත‍්‍රපටය 2011 වසරේ හොඳම චිත‍්‍රපටය ලෙසට සම්මාන ලබා තිබේ. 2011 වසරේ නැගී එන චිත‍්‍රපට අධ්‍යක්ෂවරයා හැටියට සංජය ලීලාරත්න මහතා සම්මානයට පාත‍්‍රවී ඇති බවත් ජාතික චිත‍්‍රපට සංස්ථාව ප‍්‍රකාශ කරයි. එම සම්මාන සමග සංජය ලීලාරත්න මහතා පසුගිය 11 වැනිදා මැලේසියාවේ සිට දිවයිනට පැමිණියේය.

Continue Reading

රටක් ඉදිරියට යෑම සඳහා නීතීයේ පරමාධිපත්‍ය හා ප්‍රජාතන්ත්‍රවාදය තිබිය යුතුයි – රනිල්

ඊයේ (16 ඔක්.) පෙරවරුවේ කොළඹ නගර සභා මැතිවරණ ව්‍යාපාරයේ ක‍්‍රියාකාරිකයන්ගේ පිරිසක් හමුවීමේ අවස්ථාවට එක්වෙමින් විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසුවේ රටේ ස්වාධීනත්වය උදෙසා පාර්ලිමේන්තුව තුළ මෙන්ම ඉන් පිටතදීත් කටයුතු කරන බවත් රටක් ඉදිරියට යෑම සඳහා නීතීයේ පරමාධිපත්‍ය හා ප්‍රජාතන්ත්‍රවාදය තිබිය යුතු බවත්ය. ඕනෑම රටක යුක්තිය පසිඳලීමේ ක්‍රමය පිළිබඳ කිසිඳු ගැටලුවක් හෝ ප්‍රශ්නයක් තිබිය නොහැකි බව පෙන්වාදුන් විපක්ෂනායකවරයා, පොලිසිය , නීතීපති …

Continue Reading