අද පාර්ලිමේන්තුවෙ ඉන්නෙ මිනීමරුවො, හොරු සහ අමු හොරු – හිටපු ජනපතිනි චන්ද්‍රිකා

Spread the love

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පසුගිය දා අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදි ඉහළ සාමාර්ථයන් හිමි කරගත් සිසුන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරිම වෙනුවෙන් කොළඹ බණ්ඩාරනායක සම්බන්ත‍්‍රණ ශාලාවේ පැවති උත්සවයකට සහභාගී විය.

හිටපු ජනාධිපතිනිය එහිදී මෙසේ සඳහන් කළාය.

“අධ්‍යාපන ක්‍ෂෙත‍්‍රය හරහා අපේ දරුවන් අපි හරියට හැදුවෙ නැත්නම් අපේ පරම්පරාව ඉවරයි. මිත‍්‍රවරුනි, බලන්න පාර්ලිමේන්තුවෙ ඉන්නෙ මොක්කුද කියල. මිනීමරුවො, හොරු, අමු හොරු. ඡන්දෙන් පත්වෙලා එනව රටේ සියළු සම්පත් හොරකම් කරනව. හැම පක්‍ෂයෙන්ම එහෙමයි. පොරකකා පත්වෙන්නෙ. තාත්ත එනව, අම්ම එනව, දුව එනව, පුතා එනව, නැන්දම්ම මේ හැමෝම. ඡන්දෙන් අර ආයතනවලට පත්වෙන්නේ ඇයි? අද ලංකාවෙ තියෙන වැඩියෙන්ම ලාබ ලබන බිස්නස් එක දේශපාලනය. රටේ සම්පත් හොරකං කරනව.

මේ තත්වයෙන් අපේ තරුණ ළමයි අඩු ගානෙ අපේ දරුවන්ගේ වයසේ ළමයිවත් බේරගමු. අපේ පරම්පරාව නම් බේරගන්න දැන් පරක්කු වැඩියි කියල තමයි අපිට හිතෙන්නෙ”

RSL

Related Posts