රටේ ආර්ථික වර්ධනය 8% ක මට්ටමක පවත්වා ගැනීමට හැකිවුනා – ජනපති

Spread the love

අරලියගහ මන්දිරයේ ඊයේ (21 ඔක්.) පැවති 2012 අය වැය සැකසීම සඳහා පුද්ගල අදහස් හා යෝජනා ගැනීමේ අවසන් සාකච්ඡාවේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ ඉදිරි අය වැයෙන් පුළුල් සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත් විවධ බාධා මධ්‍යයේ වුවද පසුගිය 2010 සහ 2011 වසරවල, රටේ ආර්ථික වර්ධනය 8%ක ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමට හැකි වූ බවත්ය.

එහිදී ජනාධිපතිතුමා පැවසුවේ, 2010 සහ 2011 වසරවල උද්ධමනය 11% සිට 5.7 %ක් වැනි අගයකට අඩුකර ගැනීමට හැකිවීම රජය ලැබූ ජයග්‍රහණයක් බවයි.

ධීවර ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් දැනට අතහැර දමා ඇති ඉස්සන් වගා කළ බිම්, වෙනත් පැළෑටි සහ මසුන් වගාව සඳහා ලබා දීමට විශේෂ වැඩපිළිවෙළක් සකස් කිරීමට ඉදිරිපත් වූ යෝජනාවක් පිළිබද කටයුතු සොයා බලන ලෙස ද ජනාධිපතිවරයා එහිදී උපදෙස් දී තිබේ.


RSL

Related Posts