විමල්ට ඇප නැතිවෙන තවත් නඩුවක්! (විශේෂ)

කෝටි 10කට ආසන්න මහජන මුදල් තම පවුලේ අයවලුන් වෙනුවෙන් කොල්ල කෑම නිසාවෙන් අත් අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර ඇති විමල් වීරවංශ හැකි ඉක්මනින් ඇප ලබාගැනීමේ අරමුණෙන් ආරම්භ කරන ලද සංදර්ශනාත්මක උපවාසය නීතිවිරෝධී බවත් ඒ නිසාවෙන් විමල්ට එරෙහිව තවත් නඩුවක් ගොනුකිරීමේ හැකියාවක් පවතින බව නීතිවේදීහු පෙන්වා දෙති.(මේ පිළිබඳව වන විශ්ලේෂණාත්මක වීඩියෝව පහතින්) රාජපක්ෂ රෙජීමයේ කුප්‍රකට අමාත්‍යවරයෙක් වූ විමල් වීරවංශ එවක තම …

Continue Reading

රවිරාජ් නඩුවෙන් නිදහස් වූ ඝාතකයින් යළි සොයයි

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා ඝාතන නඩු තීන්දුව මගින් නිදොස් කොට නිදහස් කර සිටින විත්තිකාර නාවික හමුදා නිලධාරීන් තිදෙනා සිටින ස්ථානයක් පිළිබඳව විමර්ශනය කර අධිකරණයට දැනුම් දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙහි අධ්‍යක්ෂවරයාට අභියාචනාධිකරණය ඊයේ (28) නියෝග කෙළේය. ඒ පිළිබඳව කරුණු දැක්වීම සඳහා ලබන ජූනි මස 19 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයාට නියම කරමින් නොතීසි …

Continue Reading

බැඳුම්කර මංකොල්ලයට අර්ජුනගේ බලපෑම හෙළිවන තවත් සාක්ෂි ලැබෙයි

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ උපදෙස්‌ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ මුල් නිර්දේශය වෙනස්‌ කිරීමට 2015.02.27 දින රැස්‌වූ ටෙන්ඩර් මණ්‌ඩලයට සිදු වූ බව මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති සහ ටෙන්ඩර් මණ්‌ඩලයේ සභාපති පි. සමරසිරි මහතාද ඊයේ (28 දා) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ පිළිගත්තේය. මේ අනුව රු. බිලියන 10 කට අධික ලංසු පිළිගැනීමේ අධිපතිවරයාගේ තීරණය ක්‍රියාත්මක කිරීමට …

Continue Reading

සයිටම් ගැන ආණ්ඩුවේ උපක්‍රමික කල්මැරීමට එරෙහිව වෛද්‍යවරු දැවැන්ත සටනකට

මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය සම්බන්ධව උද්ගතව තිබෙන ගැටලුවට සතියක්‌ ඇතුළත විසඳුම් නොදුන්නොත් අප්‍රේල් මුල් සතියේ දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයක්‌ ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. අනුකූලතා සහතිකයක්‌ නොමැතිව උපාධි පිරිනැමීම සඳහා ලබාදී ඇති හැකියාව අප්‍රේල් මුල් සතියට පෙර ඉවත්කර ගැනීමට රජය ක්‍රියා කළ යුතු බවත් එසේ නොකරන්නේ නම් ඊට එරෙහිව ආරම්භ කරන වෘත්තීය ක්‍රියා මාර්ගයට රටේ …

Continue Reading

කටුනායක යළි 24 පැයම විවෘත වෙයි

කටුනායක බණ්‌ඩාරනායක ගුවන් තොටුපළේ ගුවන් ධාවන පථයේ ප්‍රතිසංස්‌කරණ කටයුතු සියල්ල 100% ක්‌ මේ වන විට නිමකර ඇතැයි ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමැති අශෝක්‌ අබේසිංහ මහතා පවසයි. ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය. ගුවන් ධාවන පථයේ ප්‍රතිසංස්‌කරණ කටයුතු සඳහා දිනකට පැය අටක්‌ වසා දැමූ කටුනායක බණ්‌ඩාරනායක ගුවන් තොටුපොළ අප්‍රේල් 6 වැනිදා සිට අපි නැවත පැය 24 පුරාම විවෘත කර තබනවා. …

Continue Reading

පාළු ගෙයි වළං බින්ද අනුරගේ අන්දරය අතේ පත්තු වෙයි! (විශේෂ- වීඩියෝ)

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතා නොමැති අවස්ථාවක ඒ මහතාට දරුණු කුමන්ත්‍රණ චෝදනාවක් එල්ල කරන ලදී. එහිදී ඔහු සුපුරුදු දැඩි විලාශයෙන් යුතුව ගෙන හැර දැක්වීමට උත්සහ කරන ලද්දේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සමීප මන්ත්‍රීවරයෙකු වන මලිත් ජයතිලක මහතා තම බලය යොදාගනිමින් අපරාධ කරුවකු බේරාගැනීමට උත්සහගන්නා බවත්, සිදුකෙරෙමින් …

Continue Reading

ඇමති චම්පික හප්පාගෙන ගිය සන්දීපට තවත් සැත්කමක්

මෙගා පොලිස් අමාත්‍ය පාඨලී චම්පිකගේ වාහනයේ ගැටී බරපතළ තුවාල ලබා සිට පසුව සුවය ලබා සිය හෝමාගම පිටිපන නිවසට ගොස්‌ සිටි සන්දීප සම්පත් තරුණයා ඊයේ (26 දා) උදැසන යළි ජාතික රෝහලට ඇතුළත් කර ඇත. ඔහුගේ පියා වන දයානන්ද ගුණවර්ධන මහතා පැවැසුවේ ඔහුගේ දකුණු අත සැත්කමකට භාජනය කිරීම සඳහා මෙසේ රෝහලට ඇතුළත් කළ බවයි. මෙම අනතුරෙන් පසු තවමත් තම පුත්‍රයාට සමබරව ඇවිදීමට …

Continue Reading

ඇමතිවරුන්ට සැප ගන්න තවත් කෝටි ගාණක්

ඇමැතිවරුන් හා රාජ්‍ය ඇමැතිවරුන් නව දෙනෙකුට නව වාහන මිලදී ගැනිම සඳහා රුපියල් තිස්හත් කෝටි දසලක්ෂ අනුහත් දහසක (රු. 371,097,000) මුදලක් ඉල්ලා පාර්ලිමේන්තුවේදී පරිපුරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර තිබේ. පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා විසින් මෙය ඉදිරිපත් කරන ඇත. මේ අතර පසුගිය පාර්ලිමේනතු සතියේද පාර්ලිමේන්තුවට ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරමින් රුපියල් කෝටි 54ක් මුදලක් ඉල්ලා සිටි අතර ඊට පෙරද රුපියල් කෝටි …

Continue Reading

බැදුම්කරය මංකොල්ලයෙන් සිදුව ඇති EPF පාඩුව කෝටි 950ක්‌

සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රශ්නගත භාණ්‌ඩාගාර බැඳුම්කර ගනුදෙනුවලින් සේවක අර්ථසාධක අරමුදලට රු. කෝටි 950 ක පමණ අතිවිශාල අලාභයක්‌ සිදුව ඇතැයි මහ බැංකුව විසින් සිදුකළ අභ්‍යන්තර පරීක්‍ෂණයක්‌ මගින් හෙළිදරව් කරගෙන ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්‌ඩල ආරංචි මාර්ග පවසයි. ඉකුත් මාර්තු 23 දින පැවැති මුදල් මණ්‌ඩල රැස්‌වීමට අදාළ අභ්‍යන්තර පරීක්‍ෂණ වාර්තාව ඉදිරිපත්ව ඇති අතර එම වාර්තාව මගින් එම අර්ථසාධක අරමුදලේ බැඳුම්කර …

Continue Reading

බන්ධනාගාර වලට වෙඩි නොවදින බස් රථ

බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් වෙඩි නොවදින ආරක්ෂක බස් රථයක් නිර්මාණය කර තිබේ. බන්ධනාගාරගතවන දරුණු අපරාධකරුවන් සහ පාතාල සාමාජිකයින් රැගෙනයමින් සිටියදී පසුගිය කාලයේ අවස්තා කිහිපයකදීම බන්ධනාගාර බස්රථවලට වෙඩි තැබීම් ගණනාවක්ම වාර්තා වූ අතර ඉන් බන්ධනාගාර නිලධාරීන් මෙන්න සැකකරුවන් කිහිප දෙනෙකුම ජීවිතක්ෂයට පත් වූහ. එයට පිළියමක් ලෙස කෑගල්ල බන්ධනාගාර සහකාර අධිකාරී වරයාගේ සංකල්පයක් අනුව මෙම බස් රථය නිර්මාණය කර ඇත. බන්ධනාගාර භාවිතයේ තිබූ …

Continue Reading