පාළු ගෙයි වළං බින්ද අනුරගේ අන්දරය අතේ පත්තු වෙයි! (විශේෂ- වීඩියෝ)

Spread the love

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතා නොමැති අවස්ථාවක ඒ මහතාට දරුණු කුමන්ත්‍රණ චෝදනාවක් එල්ල කරන ලදී. එහිදී ඔහු සුපුරුදු දැඩි විලාශයෙන් යුතුව ගෙන හැර දැක්වීමට උත්සහ කරන ලද්දේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සමීප මන්ත්‍රීවරයෙකු වන මලිත් ජයතිලක මහතා තම බලය යොදාගනිමින් අපරාධ කරුවකු බේරාගැනීමට උත්සහගන්නා බවත්, සිදුකෙරෙමින් පවතින පරීක්ෂණ වෙනතකට යොමුකිරීමට බලපෑම් කරන බවත්ය.

එහෙත් සිදුව ඇත්තේ අපුරු සිදුවීමකි. එනම් අරලිය ගහ මන්දිරයේ ශානි පුමුඛ කල්ලියක උවමනාව මත ගිලින ලද ඇමයක ප්‍රතිථලයක් ලෙස ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහා කුමන්ත්‍රණයක් විලාසයෙන් ලෙස එලිදක්වන ලද කථා වස්තුව පැය 24ක් ගතවීමටත් මත්තෙන් පාළු ගෙයි වළං බින්ද ගොනා සේ ශ්‍රීලනිප මන්ත්‍රී මලිත් ජයතිලකගේ පිළිතුරු කථාවත් සමඟ නිහඬව නෑ සුනා සේ සිටීමටයි.

පොට පටලවා ගත් අනුර කියූ අන්දරය

පසුගිය රාජපක්ෂ පාලන සමයේ නාවික හමුදාපතිවරයා වූ වසන්ත කරන්නාගොඩගේ පුද්ගලික ආරක්ෂකයෙකු වූ සම්පත් මුණසිංහ හෙවත් නේවි සම්පත් විසින් කප්පම් ගැනීම සඳහා පැහැරගෙන ගොස් ඝාතනය කළ තරුණයින් පස්දෙනාගේ පරීක්ෂණ යටපත් කිරීම සඳහා ශ්‍රීලනිප මන්ත්‍රී මලිත් ජයතිලක විසින් පොලිස්පතිවරයාටත් එම පරීක්ෂණ භාරව කටයුතු කරන නිලධාරීයාටත් බලපෑම් කළ බවයි.

පැය 24ක් යෑමටත් මත්තෙන් අනුරගේ අන්දරය අතේ රෝලක් වුණු හැටි

තමා පාර්ලිමේන්තුවේ නොමැති අවස්ථාවකදී ආචාරධර්ම පයියකටත් මායිම් නොකරමින් අනුර කුමාර දිසානායක සිදුකළ කථාවට ඊට පසුදාම පිළිතුරු දීමට ශ්‍රීලනිප මන්ත්‍රී මලිත් ජයතිලක පැමිණියේය.

ඔහු ජවිපෙ නායක අනුර කුමාර පොට පටලවමින් ගැසූ අන්දරයේ නියම කථා වස්තුව නම් ගම් සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. එහිදී පා.ම. මලිත් ජයතිලක විසින් එවක නාවික හමුදාපතිගේ පුද්ගලික ආරක්ෂකයා වූ නේවි සම්පත්ගේ මෙහෙයවීමෙන් කප්පම් ගැනීම සඳහා ඝාතනය කරන ලද තරුණයින්ගේ පරීක්ෂණවලින් කුප්‍රකට මිනීමරුවකු වන නේවි සම්පත්ව මුදාගැනීම සඳහා ඔහුට එල්ල වී ඇති එම ඝාතන චෝදනා නාවික බුද්ධි අංශ නිලධාරීයෙකු වන ලුතිනන් කමාන්ඩර් ධම්මික අනිල් මාපාගේ පිට පැටවීමට යන සැලැස්ම පිටුපස වූ බිහිසුණු කුමන්ත්‍රණය පිළිබඳව සාක්ෂි සහිතව පාර්ලිමේන්තුව හමුවේ කරුණු ඉදිරිපත් කරන ලදී. (වීඩියෝ පටය බලන්න )

ඒත් සමඟම අතේ පත්තු වුණු අනුරගේ අන්දරය හමුවේ අනුර කුමාර ‘හ්ම්..’ ශබ්දයක් පිට කිරීමට ගියේ නැත. ඔහුට ඉතිරි වූයේ පා.ම. මලිත් ජයතිලකගේ හැන්සාඩ් එක දෙස බලා කෙකර ගෑමටය.

ජනපති මෛත්‍රීට එරෙහි අරලියමන්දිරයේ කුමන්ත්‍රණය

මේ වන විට එජාපයට අරක්ගත් අරලිය ගහ මන්දිරයේ කල්ලියට ඇති ප්‍රධානම හිසරදය සහ බාධාව ජනපති මෛත්‍රීට අතිශයින් හිතවත්, ඔහුට අවංකවම ආදරය කරන පිරිස්ය. ඒ ඔහුන්ට අවශ්‍ය පරිදි කුප්‍රකට කොල්ලකෑම්(මහ බැංකු බැඳුම්කරය වැනි ), ජාතික සම්පත් කුණුකොල්ලයට හොරෙන් විකුණාගැනීම් (හම්බන්තොට වරාය වැනි )දේ සඳහා මෙම පිරිස් නිසාවෙන් ඉල්ලවන පීඩනයත්, දේශපාලන බුද්ධි අංශයක් ලෙස ක්‍රියාත්මක වෙමින් සියලු දේ ජනාධිපතිවරයාට වාර්තා කිරීමත් නිසාවෙනි. මේ නිසාවෙන්ම අරලිය ගහ මන්දිරයේ කල්ලියේ ප්‍රධානම කර්තෘවය වී ඇත්තේ ජනාධිපතිවරයා වටා සිටින මෙම ප්‍රධාන කණ්ඩායමේ චරිත ඝාතනයත් ඔවුන්ට එහිදී කුමන්ත්‍රණ නිර්මාණය කොට ඒවා විවිධ පැතිකඩ ඔස්සේ විකාශනය කිරීමත්ය.

එහෙත් සැබැවින්ම බොහෝ දෙනෙකුට එකවර විශ්වාස කළ නොහැකි ඒත් අවාසනාවට ඇත්ත කථාව නම් මෙම කොන්ත්‍රාත්තුවට කරගසා සිටින්නේ ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක වන බව ඔහු විසින්ම දිනෙන් දින ඔප්පු කරමින් සිටීමයි.

RSL

Related Posts