ඇතුලේ ඉදන් වෙලේ සුදා ජයටම වැඩ! ජාවාරම් කළ කෝටි 2.5ක කුඩු තොගයක් අල්ලයි
හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින වෙලේ සුදා නමැති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවාට අයත් රුපියල් කෝටි දෙකහමාරකට අධික වටිනාකමෙන් යුත් හෙරොයින් තොගයක් පිළියන්දල ප්‍රදේශයේ නිවසක තිබියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් පෙරේදා (14 දා) රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇත. මෙම හෙරොයින් තොගය සඟවා ගෙන සිටි වෙලේ සුදාගේ සමීපතම ගෝලයකු ද අත්අඩංගුවට ගත් අතර ඔහු සතුව තිබී …
Continue Reading
නක්ල්ස් සංරක්ෂිතයේ අක්කර 35ක් හෝටලයක් හදන්න සමාගමකට!
නකල්ස් සංරක්ෂණ වනාන්තරයට අයත් ස්වාරක්ෂක කලාපයේ අක්කර 35 ක භූමි භාගයක හෝටලයක් ඉදිකිරීම සඳහා සමාගමකට ලබා දී ඇති බව තහවුරු වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. මන්ත්‍රීවරයා සහ පරිසර සංවිධාන නියෝජිතයින් එම ප්‍රදේශයේ සංචාරයක නිරත වූ අතර එහිදී ඔවුන් අනාවරණ කළේ නකල්ස් රක්ෂිතයේ ඉඩම් ලබා නොදුන් බවට ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා විසින් මේ සම්බන්ධයෙන් …
Continue Reading
සරත් එන්. සිල්වාගේ පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප වෙයි
පළාත් සභා මැතිවරණ සංශෝධන පනත පාර්ලිමේන්තුව මඟින් සම්මත කළ ආකාරය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා හිටපු අගවිනිසුරු සරත්. එන්. සිල්වා මහතා විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ තීන්දුවක් මත විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(14) නියම කළේය. එම පෙත්සම අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, බුවනෙක අලුවිහාරේ සහ නලින් පෙරේරා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සලකා …
Continue Reading
ඥානසාර හිමිට බරපතළ වැඩ සහිත වසරක සිරදඬුවමක්; ඉහළ උසාවියකට ගොස් බේරෙයිද..?
අතුරුදහන්ව සිටින මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට බැනවැදී තර්ජනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු වු ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට බරපතළ වැඩ සහිත වසරක සිරදඬුවමක් නියම කර ඇත. හෝමාගම ප්‍රධාන මහේස්ත‍්‍රාත් උදේශ් රණසිංහ මහතා විසින් මෙම තීන්දුව ලබා දී තිබේ. ඒ අනුව රුපියල් 3000ක දඩයක් හා මාස 6කින් ගෙවී යන පරිදි වසරක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් 1 හා 2 යන …
Continue Reading
“ග්‍රාමශක්ති” පුත්තලමේ ගම්මාන රැසක් සවිබල ගන්වයි; ගමේ වැඩ ගොඩකට ජනපතිගෙන් ජනතාවගේ අතටම මුදල්
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක ජනතාව සවිබල ගන්වමින් ගම හදන “ග්‍රාම ශක්ති” ව්‍යාපෘතියේ පුත්තලම දිස්ත්‍රික්කයේ මෙහෙයුම් කමිටු රැස්වීම ඊයේ(13) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පුත්තලම මදුරන්කුලිය මර්සි අධ්‍යාපන කේන්ද්‍රයේ දී පැවැත්විණි. මෙහිදී පුත්තලම සහ කුරුණෑගල දිස්ති්ක් ලේකම්වරුන්ට ග්‍රාමශක්ති ජනතා සමිති සදහා ලබාදෙන ප්‍රතිපාදනවල පළමු වාරිකය ප්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය. මේ අතර සි/ස කොන්කඩවල වට්ටක්කා සහ සෙසු බෝග …
Continue Reading
ජාතික ආරක්ෂාව අනතුරේ හෙළන නීති විරෝධි රූපවාහිනී සේවා ගැන තොරතුරු TRCයට NMWJ ලියලම භාරදෙයි
ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන නීති විරෝධි කේබල් රූපවාහිනී සේවාවන් ගැන වහාම පරීක්ෂණ අරඹන්නැයි වෙබ් මාධ්‍යවේදීන් ජාතික ව්‍යාපාරය ශ‍්‍රී ලංකා විදුලි සංදේශ හා නියාමන කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටී. මෙම ඉල්ලීම කරමින් එම සංවිධානය විසින් ශ‍්‍රී ලංකා විදුලි සංදේශ හා නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත අද(13) ලිපියක් බාර දුන්නේය. එම ලිපිය පහතින්. සභාපති, ශ‍්‍රී ලංකා විදුලි සංදේශන හා නියාමන කොමිෂන් සභාව, …
Continue Reading
ගෝඨාගේ කතරගම මන්දිරය හෙළිදරව්වෙන් පසු කිරිවෙහෙර විහාරාධිපති හිමි වෙඩි පිට වෙඩි කෑ හැටි (Video)
රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක සහ ඝාතන අංශ ප්‍රධානියා වූ ගෝඨාභය රාජපක්ෂට අයත් යැයි කියන කතරගම පිහිටි මන්දිරයක් පිළිබඳව මාධ්‍ය අනාවරණය කිරීමෙන් පසු සහ ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමෙන් පසු වෙඩි ප්‍රහාරයකට ලක්ව තුවාල ලැබූ කතරගම කිරිවෙහෙර රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොඹවක ධම්මින්ද හිමි වැඩිදුර ප්‍රතිකාර සඳහා අද(13) දහවල් ගුවනින් කොළඹ පෞද්ගලික රෝහලට රැගෙන ආ බවට වාර්තාවේ. තුවාල ලැබූ ධම්මින්ද හිමි සහ අනෙක් …
Continue Reading
විශේෂඥ වෛද්‍යවරු පෞද්ගලික සේවාවලින් ඉවත් වෙයි!
ලබන 18 වන දිනෙන් පසු පෞද්ගලික වෛද්‍ය සේවාවලින් ඉවත් වීමට විශේෂඥ වෛද්‍යරුන් තීරණය කර තිබේ. රජය විසින් පනවා ඇති නව බදු ප්‍රතිපත්තියට විරෝධය පල කරමින් මෙම තීරණය ගෙන ඇති බවයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය සුනිල් විජේසිංහ මහතා සඳහන් කළේය. නව බදු ප්‍රතිපත්තියට අනුව අප්‍රේල් පළමු වැනි දින සිට වෛද්‍යවරුන් උපයන ආදායමෙන් සියයට 24ක බදු අයකිරීමක් සිදුවන අතර එය සියයට …
Continue Reading
ශ්‍රීලනිපයේ එක් මන්ත්‍රීවරයෙකු හැර සියලු දෙනා ඇමතිවරු වෙති
නව රාජ්‍ය ඇමැතිවරු දෙදෙනෙක් සහ නියෝජ්‍ය ඇමැතිවරු පස් දෙනෙක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ ඊයේ (12) දිවුරුම් දුන්හ. රංජිත් අලුවිහාරේ මහතා සංචාරක, සංවර්ධන හා ක්‍රිස්‌තියානි ආගමික කටයුතු රාජ්‍ය ඇමැති ලෙසද, ලකී ජයවර්ධන මහතා කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන රාජ්‍ය ඇමැති ලෙසද පත්ව ඇත. ඊට අමතරව අජිත් මාන්නප්පෙරුම මහතා – පරිසර නියෝජ්‍ය ඇමැති, අංගජන් රාමනාදන් මහතා – කෘෂිකර්ම …
Continue Reading
ලොවක් වෙනස් කළ හැරවුම් ලක්ෂයක්
-
RSL
-
June 13, 2018
-
පුවත් සහ වාර්තා, විදේශීය
-
0 Comments
ලෝක සාමය පතන ලොව පුරා ජනතාවට සැනසුමක් ලබා දෙමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අතර හමුව ඊයේ (12) සිංගප්පූරුවේ සෙන්තෝසා දූපතේ පිහිටි කැපෙල්ලා සුඛෝපභෝගී නිකේතනයේදී සිදුවිය. මෙහිදී දෙරටේ නායකයෝ අතට අත දෙමින් එකිනෙකා පිළිගත්හ. මෙය ඉතාම සුවිශේෂීයි. උතුරු කොරියානු නායකයා හමු වීම ගෞරවයක්” ට්‍රම්ප් කීය. මෙහි පැමිණීම පහසු වුණේ නැහැ. අපට බොහෝ දුෂ්කරතාවලට මුහුණ …
Continue Reading