ගෝඨාගේ කතරගම මන්දිරය හෙළිදරව්වෙන් පසු කිරිවෙහෙර විහාරාධිපති හිමි වෙඩි පිට වෙඩි කෑ හැටි (Video)

Spread the love

රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක සහ ඝාතන අංශ ප්‍රධානියා වූ ගෝඨාභය රාජපක්ෂට අයත් යැයි කියන කතරගම පිහිටි මන්දිරයක් පිළිබඳව මාධ්‍ය අනාවරණය කිරීමෙන් පසු සහ ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමෙන් පසු වෙඩි ප්‍රහාරයකට ලක්ව තුවාල ලැබූ කතරගම කිරිවෙහෙර රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොඹවක ධම්මින්ද හිමි වැඩිදුර ප්‍රතිකාර සඳහා අද(13) දහවල් ගුවනින් කොළඹ පෞද්ගලික රෝහලට රැගෙන ආ බවට වාර්තාවේ.

තුවාල ලැබූ ධම්මින්ද හිමි සහ අනෙක් ස්වාමීන් වහන්සේ හම්බන්තොට මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

ඊයේ (12) රාත්‍රී 10.50ට පමණ ජීප් රථයකින් පැමිණි පුද්ගලයින් තිදෙනෙකු විහාරාධිපති හිමියන් සහ තවත් හිමිනමකට වෙඩි තබා පළාගොස් තිබු අතර එහිදී විහාරධිපති හිමියන්ගේ උදරයට වෙඩි ප්‍රහාරය එල්ල වී තිබූ අතර අනෙක් ස්වාමීන් වහන්සේගේ පාදයකට වෙඩි වැදී තිබුණි.

තුවාල ලැබූ විහාරාධිපති හිමියන් හම්බන්තොට මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ධනුෂ්ක පෙරේරා මහතා පැවසීය.

මේ අතර වෙඩි තැබීම සිදුකල සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව පොලීසිය පවසයි.

පොලිස් කණ්ඩායම් 04 ක් සහ පොලිස් විශේෂ කාර්යා බලකා නිලධාරීන් කණ්ඩායමක් ඒ සඳහා යොදවා ඇති බව වාර්තා වෙයි.

සැකකරුවන් පළා ගිය බව කියන ජීප් රථය පොලීසිය විසින් සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

බලය නැති දා ගෝඨාභය රාජපක්ෂ වැන්නෙකුගේ හැසිරීම මෙපරිදි නම් යළි යම් හෙයකින් බලය ලැබුණහොත් සුපුරුදු මැර පාදඩ ඝාතන සංස්කෘතිය කෙළෙස ක්‍රියාත්මක වේදැයි යන්න දේශපාලන විචාරයකයෝ ප්‍රශ්න කරති.

RSL

Related Posts