මංගලගේ නොහැකියාව ජනතාවගේ බොක්කට නොවෙයි උණ්ඩුකපුච්චයටම දැනිලා

යහපාලන රජයේ වත්මන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ මුල්‍ය සහ ආර්ථික කළමනාකරණයේ ඇති නොහැකියාව සහ අසමත්කම මේ වන විට රටේ ජනතාවගේ බොක්කට නොව උණ්ඩුකපුච්චයටම දැනී ඇති අතර එය විදවමින් පසුවෙති. මීට පෙර රුපියල මෙතරම් මස්තබාල්දු වූ යුගයක් තිබුණා නම් ඒ පිළිබඳ ප්‍රකාශ කරන්නැයි එජාපයේ ඕනෑම ආර්ථික ඔස්තාර්වරයකුට අභියෝග කරන බවත්, ඩොලරයේ අගය වසර 4ක් තුළ රු. 33කින් වැඩි කරමින් යහපාලන …

Continue Reading

විශේෂ මහාධිකරණයෙන් ගෝඨා ඇතුළු 07ටම ඇප

වීරකැටිය, මැදමුලන ප්‍රදේශයේ පිහිටි ඩී.ඒ. රාජපක්‍ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රජයේ මුදල් රුපියල් මිලියන 90 කට ආසන්න ප්‍රමාණයක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා එල්ලවී සිටින හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත්දෙනකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ අද (10) කැඳවූ අවස්ථාවේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 07 දෙනෙකු ඇප මත මුදාහැරිමට …

Continue Reading

කට්ටි පැන්න ගෝඨාගේ නඩුව අද විශේෂ මහාධිකරණය හමුවට

විවිධාකාර උපක්‍රම භාවිතා කරමින් තමාට එරෙහි නඩු උපක්‍රමශිලීව මඟ හරිමින් සිටි ගෝඨාභය රාජපක්ෂ එරෙහි නඩුවලින් එක් නඩුවක් ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද (10) විශේෂ මහාධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතව ඇත. වීරකැටිය, මැදමුලන ප්‍රදේශයේ පිහිටි ඩී.ඒ. රාජපක්‍ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රජයේ මුදල් රුපියල් මිලියන 90 කට ආසන්න ප්‍රමාණයක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා එල්ලවී සිටින හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ …

Continue Reading

“රටකට ඕනෑ අපමණ අගයක්” කියලා ආපු ආණ්ඩුව දැන් කිරි දරුවෝ ඉන්න අම්මලත් රට පටවන්නයි සූදානම

“රටකට ඕනෑ අපමණ අගයක්” යැයි කියා බලයට පැමිණි ආණ්ඩුව මේ වනවිට කිරි දරුවන් ඉන්න අම්මලා පවා මැදපෙරදිග වහල් සේවයට පැටවීමේ සූදනාමක් පවතින බවත් මේ වනවිට ඊට අවශ්‍ය කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත් එතෙර අපි සංවිධානයේ සභාපති, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා හෙළි කරයි. පසුගිය කාලයේ කාන්තාවන් විදේශ රැකියා සඳහා පිටත්ව යාමේදී පවුල් වාර්තාවක් ලබා ගත් බවත් …

Continue Reading

යහපාලනයේ ආර්ථිකය අනන මංගලගෙන් එන රෙද්දෙ බද්ද සහ එන්ටප්‍රියිසස් ශ්‍රී ලංකා

යහපාලන ආණ්ඩුවේ ආර්ථික ක්‍රියාදාමය මුලුමනින්ම අවුල් ජාලාවක් කොට රටේ ජනතාව මත බදු පිට බදු ගැසූ වත්මන් යහපාලන ආණ්ඩුවේ කුප්‍රකට මුදල් අමාත්‍යවරයා වූ මංගල සමරවීර මෙරටට ආනයනය කරන අමුරෙදි සහ නූල් වෙනුවෙන් අය කළ සෙස් බද්දට අමතරව 15%ක වැට් බද්දක්ද අයකරන්නට පටන් ගෙන ඇතැයි වාර්තාවේ. මංගලගේ රෙද්දෙ බද්ද මේ හේතුවෙන් මෙරටට ආනයනය කරන අමුරෙදි සහ නූල් වෙනුවෙන් අය කළ සෙස් බද්දට …

Continue Reading

ආණ්ඩු විරෝධී සිසු සටන් මට්ටු කරන්න විජේදාස ගහන්න යන අලුත්ම ගැටේ

විශ්වවිද්‍යාල නවකවධ ඇතුළු විනය විරෝධි ක්‍රියාවල යෙදෙන්නන් පෙන්වමින් නිදහස් අධ්‍යාපනය කප්පාදු කරමින් ආණ්ඩුව ගෙන යන ක්‍රියාමාර්ගවලට එරෙහිව විශ්ව විද්‍යාල තුළින් මතුවන ආණ්ඩු විරෝධය මර්දනය සඳහා ආණ්ඩුව “මහපොළ ශිෂ්‍යාධාරය” උපයෝගී කරගනිමින් මෙතෙක් කිසිදු ආණ්ඩුවක් විසින් සිදුනොකළ ශිෂ්‍යාධාර කපාදැමීම තුළින් සිසුන් මර්දනය කිරීමේ පහත් පිළිවෙතක් උසස් අධ්‍යාපන අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් ක්‍රියාත්මක කරමින් සිටී. විශ්වවිද්‍යාලවල දේපළ හා පොදු දේපළවලට හානි සිදු කරන …

Continue Reading

ජනබලය අස්සේ සිදු වුණු තිරිසන් වැඩක්!

ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධාන කළ “ජනබලය කොළඹට” විරෝධතාවයට එක්වු පිරිසකට ලබා දුන් කිරිපැකට් පානය කරීමෙන් පසු රෝගාතුර විමේ සිද්ධිය පිටුපස එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමන් මහාත සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ පවසයි. ඊයේ(07) කොළඹ පැවති මාධ්‍යහමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. ජනබලය කොළඹට රැළියට සහභාගී වු පිරිසිකට හඳුනානොගත් පිරිසක් විසින් වස දැමු කිරි පැකට්ටු ලබා දී …

Continue Reading

අධිකරණයට අපහාස කළ උතුරු මහ ඇමති විග්නේශ්වරන් අධිකරණයට

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් එම පළාත් සභාවේ අමාත්‍යවරුන් වන ආනන්දි සසිදරන් සහ සි.සිවනේසන් යන අයට ලබන 18 වනදා නැවත අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි අභියාචනාධිකරණය නියම කර තිබේ. උතුරු පළාත් සභාවේ ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බී.ඩෙනිෂ්වරන් මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට එරෙහිව ඒ මහතා විසින් මීට පෙර අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් …

Continue Reading

ජනබලය දෙවන ගමනට සූදානම්..!

‘ජනබලය විරෝධතා සහ සත්‍යග්‍රහ ව්‍යාපාරයේ දෙවැනි අදියර ‘ජනබලය නුවරට’ මැයෙන් මහනුවර නගරය කේන්ද්‍ර කරගනිමින් ඉදිරියේදී පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය. බත්තරමුල්ල, නෙලුම් මාවතේ ඊයේ (06) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවට එක් වෙමින් ඒ මහතා සඳහන් කර සිටියේ එය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පක්‍ෂ නායක රැස්වීමකදී තීරණය කරන බවයි. එමෙන්ම …

Continue Reading

වැඩ කරන, වැඩ කරපු 72; 2030 ට

ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීමට සාපේක්‍ෂව එක්සත් ජාතික පක්‍ෂය ශක්තිමත් කළ යුතු බැවින් තරුණ නායකත්වයෙන් යුත් නව පරපුරක් බිහි කිරීමේ කාර්යය තමන් විසින් අරඹා ඇති බවත්, 2030 වන විට ශක්තිමත් පක්‍ෂයක් ලෙස ඉදිරියට ගෙන යෑමට එජාපයේ භාරකාරත්වය ඔවුන්ට පවරන බවත් එජාප නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි. “වැඩ කරන වැඩ කරපු 72” යන තේමාව යටතේ එජාප 72 වැනි මහා සම්මේලනය ඊයේ (06) …

Continue Reading