ජනබලය දෙවන ගමනට සූදානම්..!

Spread the love

‘ජනබලය විරෝධතා සහ සත්‍යග්‍රහ ව්‍යාපාරයේ දෙවැනි අදියර ‘ජනබලය නුවරට’ මැයෙන් මහනුවර නගරය කේන්ද්‍ර කරගනිමින් ඉදිරියේදී පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.

බත්තරමුල්ල, නෙලුම් මාවතේ ඊයේ (06) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවට එක් වෙමින් ඒ මහතා සඳහන් කර සිටියේ එය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පක්‍ෂ නායක රැස්වීමකදී තීරණය කරන බවයි.

එමෙන්ම ලක්‍ෂ 20කට අධික ජනතාවකගේ සහභාගිත්වයෙන් පැවැති ‘ජනබලය කොළඹ’ විරෝධතා සහ සත්‍යග්‍රහ ව්‍යාපාරය අතිසාර්ථකව නිමාකළ බවත් ප්‍රජාතන්ත්‍ර විරෝධී ආණ්ඩුව වහාම ඉල්ලා අස්වී පාර්ලිමේන්තු මහ මැතිවරණයක් පවත්වන තුරුම ‘ජනබලය’ විරෝධතා සහ සත්‍යග්‍රහ මාලාව රටපුරා පවත්වන බවද මන්ත්‍රිවරයා අවධාරණය කළේය.

RSL

Related Posts