එජාප නායකත්වය ඩැහැ ගන්න චම්පික, රාජිත සමඟින් අලුත් පාරක් කපයි

රටේ දේශපාලන අරාජිකත්වය සහ එජාපයේ අභ්‍යන්තර අර්බුදය දඬමීමා කරගනිමින් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය මේ මොහොතේ කෙසේ හෝ ඩැහැ ගැනීම සඳහා එජාපයට රිංගා ගෙන සිටින ජාතික හෙළ උරුමයේ නායක පාඨලී චම්පික රණවක දැඩි සටනක් සහ මෙහෙයුමක් දියත් කර ඇතැයි වාර්තාවේ. “රනිල් වෙනුවෙන් අරලිය මැඳුර රකිමු” මෙහෙයුම සඳහා සක්‍රීය මාධ්‍ය භූමිකාවකට පණ පෙවූ චම්පික රණවක එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසද පරයා එමින් …

Continue Reading

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හොඳම විසඳුමයි -අස්ගිරි මහ නා හිමි

පවතින ගැටලුකාරී තත්ත්වයට වඩා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම යහපත් යැයි අස්ගිරි පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමිපාණන් වහන්සේ පැවැසූහ. කෘෂිකර්මයට මෙන්ම රටේ සෑම ක්ෂේත්‍රයකටම ප්‍රතිපත්තියක් අවශ්‍ය යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවේ ඉකුත්දා (10දා) මහ නායක හිමියෝ මේ බව කීහ. රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව දැනුම් දීම සඳහා පැමිණි අමාත්‍යවරයා මල්වතු මහා විහාරයේදී …

Continue Reading

එජාපයට තවත් බලාපොරොත්තු සහගත රැයක් නිමාවෙයි

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ජනාධිපති නියෝගය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අද(12) එක්සත් ජාතික පක්ෂය සමඟ එම පක්ෂයේම පාර්වශව කණ්ඩායම් විසින් මූලික අයිතිවාසිකම් පෙත්සම් 13ක් ඉදිරිපත් කෙරුණි. පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට තමන්ට කල් අවශ්‍ය බව නීතිපතිවරයා අද (12) ශ්‍රේෂ්ඨාධිකරණයට දැන්වීය. මෙය ජනාධිපති විසින් කළ විධානයක් වන හෙයින් මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට කල් අවශ්‍ය බව නීතිපති ජයන්ත ජයසූරිය අධිකරණයට …

Continue Reading

ජනපති නියෝගයට එරෙහි පෙත්සම් 10 අද හවසටම කැඳවා තීන්දුව දෙන්න සූදානම්!

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් නිකුත් කළ නියෝග වැනි නීති විරෝධී යැයි ප්‍රකාශ කරමින් ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද(12) සවස 2 ට සලකා බැලීමට නියමිතව තිබේ. ඒ අනුව අදාළ පෙත්සම් අද අගවිනිසුරු නලින් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන සහ ප්‍රසන්න ජයවර්ධන යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් සලකා බැලීමට නියමිතය. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ …

Continue Reading

රනිල්ගේ නායකත්වය යටතේ සජිත්ට ඡන්දය කරන්න අවස්ථාව දෙනවා – එජාප මහලේකම්

එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට එලඹෙන මහමැතිවරණය සඳහා නායකත්වය ගෙන කටයුතු කිරීමේ අවස්ථාව ලබාදිය හැකි බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පවසයි. අග්‍රාමාත්‍යධුරය අහිමි වූයේ රනිල් වික්‍රමසිංහගේ වරදකින් නොවන නිසා එය ඔහු ලැබූ පරාජයක් නොවන බවත්, පසුගිය මහමැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය විශිෂ්ට ජයක් ලැබූයේ රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් බව …

Continue Reading

විශේෂ ප්‍රකාශයක් සමඟින් ජනපති පාර්ලිමේන්තුව විසුරුවා හැරි හේතු කියයි (වීඩියෝ)

කථානායකවරයාගේ ක්‍රියාකලාපයත්, මන්ත්‍රිවරුන් අතරේ ඇති වූ දූෂිත තත්ත්වයත්, ගැටුම් සහගත තත්ත්වයන් නිර්මාණය වීමත් යන සියල්ල සැලකිල්ලට ගනිමින් ඇති වූ දේශපාලන අර්බුදය විසඳා ගැනීම සඳහාත්, පාර්ලිමේතුවේ මන්ත්‍රිවරුන්ගේ වටිනාකම රුපියල් මිලියන 100 සිට 150 දක්වා මිල නියම කිරීමත් නිසා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තීරණය කළ බව ඊයේ(11) දිනයේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අවධාරණය කර සිටියේය. ඇති වූ දේශපාලන අර්බුදය විසඳා ගැනීම …

Continue Reading

එක්සත් ජාතීන්ගෙන් යළි සිහි කැඳවීමක්!

නීතියේ ආධිපත්‍යයට සහ අදාළ නෛතික ක්‍රියාවලියට අනුව යමින් අර්බුද විසඳා ගන්නා ලෙසත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට සහ ආයතනවලට ගරු කිරීම ඉතා වැදගත් බවත් ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් සඳහන් කර ඇත. එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා මීට පෙර ද ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබූ අතර මහලේකම්වරයා නොවැම්බර් 1 වැනිදා ජනාධිපති මෛත්‍රිපාල …

Continue Reading

‘ජනපතිගේ තීරණය ව්‍යවස්ථාවට අනුකූලයි’ – නීතිඥ සංගමයේ සභාපති

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ගත් තීරණය ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ යු.ආර්.ද සිල්වා පවසයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බවට විවිධ පාර්ශවයන් ඉදිරිපත් කරන තර්කයේ ඇති බලාත්මකභාවය පිළිබඳව විමසු අවස්ථාවේදී එසේ පැවසු ජනාධිපති නීතීඥ යු.ආර්.ද සිල්වා මේ සම්බන්ධයෙන් මත පළ කිරීමෙන් කිසිඳු ප‍්‍රයෝජනයක් නැතැයිද මෙහි යම් ගැටළුවක් ඇත්නම් එය නිරාකරණය කරගත යුත්තේ …

Continue Reading

බණ්ඩාරනායකවරුන්ගෙන් පසු බිහි වූ රාජපක්ෂවරුන්ගේ පක්ෂය

ශ්‍රී ලංකාවේ පැරණිම ප්‍රධානම දේශපාලන පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙරට පරිණත බොහෝ දෙනා හඳුන්වනු ලබන්නේ “බණ්ඩාරනායකවරුන්ගේ පක්ෂය” කියාය. එය දිවංගත එස්.ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක විසින් වර්ෂ 1951 දී ආරම්භ කරනු ලදුව එතුමාගේ බිරිඳ වන දිවංගත සිරිමා රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක, එම දෙපලේ දියණිය වූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමරතුංග ආදී බණ්ඩාරනායකවරුන් තිදෙනෙකුම රාජ්‍ය නායකත්වය ඉසිලූ පක්ෂයකි. බණ්ඩාරනායකවරුන්ගෙන් පසු හිටපු ජනාධිපති …

Continue Reading

මහමැතිවරණයට එජාපෙය “හංසයා” ප්‍රමුඛ පුළුල් සන්ධානයකින්..!

ජනාධිපතිවරයා විසින් හදිසියේ කැඳවන ලද මහමැතිවරණයට මුහුණදීම සඳහා එක්සත් ජාතික පෙරමුණ පුළුල් සන්ධානයක් ගොඩනැඟීමට කටයුතු කරමින් සිටින බවට අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. එක්සත් ජාතික පක්ෂය සමඟ දැනට සන්ධාන ගත වී සිටින දේශපාලන පක්ෂ හැරුනු කොට ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය යන ප්‍රධාන සුළු පක්ෂ සමඟින් එක්ව මෙම නව සන්ධානය ගොඩනැඟීම සඳහා වන මූලික සාකච්ඡා මේ වන සිදුවෙමින් …

Continue Reading