විශේෂ ප්‍රකාශයක් සමඟින් ජනපති පාර්ලිමේන්තුව විසුරුවා හැරි හේතු කියයි (වීඩියෝ)

Spread the love

කථානායකවරයාගේ ක්‍රියාකලාපයත්, මන්ත්‍රිවරුන් අතරේ ඇති වූ දූෂිත තත්ත්වයත්, ගැටුම් සහගත තත්ත්වයන් නිර්මාණය වීමත් යන සියල්ල සැලකිල්ලට ගනිමින් ඇති වූ දේශපාලන අර්බුදය විසඳා ගැනීම සඳහාත්, පාර්ලිමේතුවේ මන්ත්‍රිවරුන්ගේ වටිනාකම රුපියල් මිලියන 100 සිට 150 දක්වා මිල නියම කිරීමත් නිසා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තීරණය කළ බව ඊයේ(11) දිනයේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අවධාරණය කර සිටියේය.

ඇති වූ දේශපාලන අර්බුදය විසඳා ගැනීම සඳහා සුදුසුම ප්‍රජාතන්ත්‍රවාදීවූත් යුක්ති සහගත වූත්, සාධාරණ වූත් තීන්දුව වියයුත්තේ එය පොදු ජනතාවට භාරදීම බවද ජනාධිපතිවරයා අවධාරණය කරයි.

උතුම් රාජ්‍ය පාලනයක් සහිත ඉතාම සාදාචාරසම්පන්න සාමකාමී ගුණවත් සමාජයක් ස්වදේශිකත්වය මුල්කරගත් වටිනාකම් ඇති සංස්කෘතිය අපේ දේශීයත්වය ස්වදේශිකවාදය මුල්කරගත් රාජ්‍ය පාලනයක් සඳහා සියලූ දෙනගේ සහයෝගය තමා ඉල්ලා සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

මැතිවරණය පවත්වනු ලබන මැතිවරණ කොමිෂන් සභාවට සහ රාජ්‍ය නිලධාරීන්ට, ආරක්ෂක කටයුතුවල යෙදෙන පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදාවට සහයෝගය ලබා දෙන ලෙස ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව පැහැදිලි කරමින් දින 14 ක් ඇතුළත ජනතාව අමතන තුන්වන අවස්ථාව මෙය බව ද ජනාධිපතිවරයා විසින් දක්වා තිබේ.

RSL

Related Posts