එජාප නායකත්වය ඩැහැ ගන්න චම්පික, රාජිත සමඟින් අලුත් පාරක් කපයි

Spread the love

රටේ දේශපාලන අරාජිකත්වය සහ එජාපයේ අභ්‍යන්තර අර්බුදය දඬමීමා කරගනිමින් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය මේ මොහොතේ කෙසේ හෝ ඩැහැ ගැනීම සඳහා එජාපයට රිංගා ගෙන සිටින ජාතික හෙළ උරුමයේ නායක පාඨලී චම්පික රණවක දැඩි සටනක් සහ මෙහෙයුමක් දියත් කර ඇතැයි වාර්තාවේ.

“රනිල් වෙනුවෙන් අරලිය මැඳුර රකිමු” මෙහෙයුම සඳහා සක්‍රීය මාධ්‍ය භූමිකාවකට පණ පෙවූ චම්පික රණවක එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසද පරයා එමින් දැඩි උද්දීපනයක් ඇති කළ චරිතය බවට පත්විය. අරලිය ගහ මන්දිරයට රැස්වන එක්සත් ජාතික පාක්ෂිකයින් තම ග්‍රහණයට නතු කරගනිමින් උද්වේගකර කතා පවත්මින් නායකත්ව ඉනිමකට පණපෙවීමට චම්පික රණවක දැඩි වෙහෙසක් ගනු පෙනින.

එහෙත් හදිසියේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණයත් සමඟ එජාප පාක්ෂිකයින් යළි සජිත් දෙසට හැරීමට පටන් ගත් අතර එයින් බැහැරට ගැනීම සඳහ චම්පික, රාජිත සමඟ එක්ව මෙහෙයුමක් අරඹා ඇත. මේ වන විට එජාප නායක රනිල්ට නායකත්වය හැරදා යෑම සඳහා එල්ලවන බලපෑම සහ පීඩනය හමුවේ යම් මොහොතක එය සජිත් අතට පත් වුවහොත් තම දේශපාලන ඉලක්කය සපුරාගත නොහැකි බව හොඳින්ම දන්නා චම්පික මේ වන එය සජිත් අතට පත්වීම වලක්වා රනිල් අත තබා නායකත්වය මණ්ඩලයක් තුල රැඳී සිටීම ඔහුගේ අවස්ථානුකූල දේශපාලන උපාය බවට පත්ව ඇත. හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නද අගමැති-ජනාධිපති සිහින දකින්නෙකු බව ප්‍රසිද්ධ රහසක් වන අතර මේ මොහොතේ තම ඉලක්කය සපුරා ගැනීම සඳහා චම්පික, රාජිතව ඈදාගෙන තිබේ.

ඒ අනුව ඊයේ (12) පැවති ජනහමුවක් අමතමින් චම්පික රණවක ප්‍රසිද්ධියේ සඳහන් කර සිටියේ “එලඹෙන මහමැතිවරණය සඳහා එක්සත් ජාතික පෙරමුණ තනි නායකත්වයක් යටතේ නොව නායකත්ව මණ්ඩලයක් යටතේ මෙහෙය විය යුතු බව”යි. මෙය චම්පික විසින් එජාප නායකත්වය සජිත් ප්‍රේමදාස අතට යෑම වැලැක්වීම සඳහා එසැනින් සැලසුම් කළ මෙහෙයුමක් බව දැන් පැහැදිලිය.

කෙසේ වෙතත් මේ මොහොතේ සජිත් ප්‍රේමදාස අතර එජාප පක්ෂ නායකත්වය පත් නොවුන හොත් එය සදාකාලිකවම ඔහුගෙන් සහ සැබෑ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙකු අතින් උඩින් පාත් වූ ඕපාතිකයෙකු අතර මුළු පක්ෂයම නතු වීමේ දැඩි අවදානමක් පවතින බවට දේශපාල ආරංචි මාර්ග සඳහන් කරයි.

ආශ්‍රිත පුවත්: කරුණාකර ගෞරවාන්විතව නායකත්වය සජිත්ට බාරදෙන්න; රනිල්ට එරෙහි පීඩනය දැඩි වෙයි

RSL

Related Posts