මා කිසිවිටෙකත් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලින් ඉවත් වී නැහැ

සියලු පුරවැසියන්ට ප්‍රමාණවත් ජීවන තත්ත්වයක් ඇති බව සහතික කිරීම සහ රටේම වේගවත් සංවර්ධනයක් ඇති කිරීම වෙනුවෙන් කැපවී කටයුතු කරනවා – ජනපති. රටේ පවතින ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී මූලධර්මවලින් තමා කිසිවිටෙකත් ඉවත් වී නැති බවත්, සියලුම පුරවැසියන්ට ප්‍රමාණවත් ජීවන තත්ත්වයක් ඇති බව සහතික කිරීම සහ මහජන යහපත සඳහා රාජ්‍ය හා පෞද්ගලික ආර්ථික ක්‍රියාකාරකම් මඟින් සමස්ථ රටේම වේගවත් සංවර්ධනයක් ඇති කිරීම යන අරමුණු සාක්ෂාත් …

Continue Reading

ප්‍රසිද්ධ ස්ථානවල ලිංගික අතවර හා හිංසන කළොත් වෙන්න යන දේ

ප්‍රසිද්ධ ස්ථානවල සිදුවන ලිංගික අතවර සහ ලිංගික හිරිහැර ඇතුළු සියලු ආකාරයේ ලිංගික අතවර සහ ලිංගික හිංසනයන් අපරාධයක් බවට පත් කෙරෙන පරිදි දණ්ඩ නීති සංග්‍රහයට සංශෝධන ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. අධිකරණ ඇමැතිවරයා විසින් මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත. ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදකයා විසින් සකස් කරන ලද පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ අවසරය ලැබී ඇත. එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට …

Continue Reading

ඉතා තීරණාත්මක අණපනත් 15ක් ගැන අධිකරණ ඇමැති කළ හෙළිදරව්ව

ඉදිරි සති කිහිපය තුළ ඉතා වැදගත් අණපනත් 15ක් පමණ සම්මත කර ගැනීම සඳහා මේ වන විට කටයුතු සම්පාදනය කරමින් පවතින බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. ඉකුත් මාස 18ක පමණ වැනි කාලය තුළ නව පනත් 75ක් පමණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර රටට අවශ්‍ය මූලික වෙනස සිදුකිරීමට හැකියාව ලැබුණු බව ද අමාත්‍යවරයා සඳහන් …

Continue Reading

පාස්කු ප්‍රහාරයේ පූර්ව බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් බලධාරීන් ගත් ක්‍රියාමාර්ග විමර්ශනයට ජනපතිගෙන් කමිටුවක්

විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඒ. එන්. ජේ. ද අල්විස් මහත්මිය කමිටුවේ සභාපති ධූරයට. කමිටු වාර්තාව සැප්තැම්බර් 15 දිනට පෙර ජනපතිට ලබා දීමට උපදෙස්. 2019 අප්‍රේල් 21 දින සිදුවූ බෝම්බ ප්‍රහාර පිළිබඳ ලැබුණු පූර්ව බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය (SIS), ජාතික බුද්ධි ප්‍රධානී (CNI) සහ අනෙකුත් බලධාරීන් ගත් ක්‍රියාමාර්ග පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විමර්ශන කමිටුවක් පත් …

Continue Reading

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවන් විසඳීමට ජනපතිගෙන් විශේෂඥ කමිටුවක්

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂඥ කමිටුවක් පත් කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයක සදහන් වෙයි. හිටපු ජනාධිපති ලේකම්වරයෙකු වූ උදය සෙනෙවිරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්.ඩී.ජේ. නිලුක්ෂාන්, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හිරන්සා කලුතන්ත්‍රි, ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් …

Continue Reading

විශේෂ හෙළිදරව්ව: මෝදි ගැන 100%ක් නිවැරදි අනාවැකි කී සමාගමෙන් ලංකාවේ ජනපති අපේක්ෂකයින් ගැන විශේෂ හෙළිදරව්වක්

මෝදි ගැන අනැවැකි කී සමාගම ලංකාවට රනිල් වික්‍රමසිංහගේ සහ අනුර කුමාරගේ ජනප්‍රියත්වය මැනීමට සූදානම් මිලියන 9.3 ක පුරවැසියන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් අධ්‍යයනයට නවතම මත විමසුමෙන් පෙන්නුම් කරන්නේ අපේක්ෂකයින් තිදෙනාම සියයට 25ක් වත් ලබා ගැනීමට අපොහොසත් වී ඇති බවයි තීරණය නොකළ ඡන්දදායකයින් සියයට 35 ට වැඩි යි පසුගිය දා පැවැති ඉන්දීය මහ මැතිවරණයේදී අගමැති නරේන්ද්‍ර මෝදිගේ ජයග්‍රහණය ගැන අනාවැකි පළ කළ …

Continue Reading

විවිධාකාරයෙන් බුදු දහම විකෘති කරන භික්‍ෂුන් ගැන CID පරීක්‍ෂණ..

සම්බුද්ධ දේශ­නාව විකෘති කර­න්නන්ට එරෙ­හිව දැඩි නීති ක්‍රියා­ත්මක කිරී­මට රජය අපේක්ෂා කරන බව බුද්ධශාසන, ආග­මික හා සංස්කෘ­තික කට­යුතු අමා­ත්‍යාං­ශයේ ලේකම් සෝම­රත්න විදා­න­ප­තිරණ මහතා පැව­සීය. වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ අමා­ත්‍යාංශ ලේක­ම්ව­රයා මෙසේද පැවසීය. මේ දින­වල ශ්‍රී සද්ධ­ර්මය විකෘති කර­මින් විවිධ පාර්ශ්ව­යන් විසින් කරනු ලබන ප්‍රකාශ සම්බ­න්ධ­යෙන් මහා නායක ස්වාමීන් වහ­න්සේලා විසින් ජනා­ධි­ප­ති­ව­රයා වෙත කරන ලද පැමි­ණි­ල්ල­කට අනුව එම ධර්මය විකෘති කර­න්නන් සම්බ­න්ධ­යෙන් …

Continue Reading

රටක් ගොනාට ඇන්දූ ඩයනාගේ මන්ත්‍රීධුරය අහිමි කල ඕෂලගේ මෙහෙයුම (Videos)

සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා(08) තීන්දු කළේය. ගාමිණී අමරසේකර සහ කුමුදුනී වික්‍රමසිංහ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ වගඋත්තරකාර …

Continue Reading

ජනාධිපතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

නීතිඥවරයෙකු විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් අගවිනිසුරු තනතුර හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ සෙසු විනිසුරු ධුර සඳහා නම් නිර්දේශ කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. වත්මන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වශයෙන් පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ නාම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාව …

Continue Reading

SJB-NPP විවාදයට මැදිහත් වෙන්න බැරි බව නීතීඥ සංගමය දැනුම් දෙයි..!

සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය අතර වන විවාදය සංවිධානය කිරීමට මේ අවස්ථාවේ සම්බන්ධ විය නොහැකි බවට ශ්‍රී ලංකා නීතිඥ සංගමය තීරණය කර තිබේ. එම සංගමයේ මහා සභා සභා රැස්වීමේදී ඒකමතිකව මෙම තීන්දුව ගෙන තිබේ. සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විසින් මෙම විවාදය සඳහා මැදිහත් වෙන්නැයි නීතිඥ සංගමයෙන් ඉල්ලීමක් කර තිබිණ. ඒ අනුව එහි සභාපතිවරයා විසින් …

Continue Reading