ප්‍රසිද්ධ ස්ථානවල සිදුවන ලිංගික අතවර සහ ලිංගික හිරිහැර ඇතුළු සියලු ආකාරයේ ලිංගික අතවර සහ ලිංගික හිංසනයන් අපරාධයක් බවට පත් කෙරෙන පරිදි දණ්ඩ නීති සංග්‍රහයට සංශෝධන ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. අධිකරණ ඇමැතිවරයා විසින් මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත.
ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදකයා විසින් සකස් කරන ලද පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ අවසරය ලැබී ඇත. එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලෙස අධිකරණ ඇමැතිවරයා උපදෙස් ලබාදී ඇත.