විශේෂ හෙළිදරව්ව: මෝදි ගැන 100%ක් නිවැරදි අනාවැකි කී සමාගමෙන් ලංකාවේ ජනපති අපේක්ෂකයින් ගැන විශේෂ හෙළිදරව්වක්

Spread the love
  • මෝදි ගැන අනැවැකි කී සමාගම ලංකාවට

  • රනිල් වික්‍රමසිංහගේ සහ අනුර කුමාරගේ ජනප්‍රියත්වය මැනීමට සූදානම්

  • මිලියන 9.3 ක පුරවැසියන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් අධ්‍යයනයට

  • නවතම මත විමසුමෙන් පෙන්නුම් කරන්නේ අපේක්ෂකයින් තිදෙනාම සියයට 25ක් වත් ලබා ගැනීමට අපොහොසත් වී ඇති බවයි

  • තීරණය නොකළ ඡන්දදායකයින් සියයට 35 ට වැඩි යි

පසුගිය දා පැවැති ඉන්දීය මහ මැතිවරණයේදී අගමැති නරේන්ද්‍ර මෝදිගේ ජයග්‍රහණය ගැන අනාවැකි පළ කළ ජාත්‍යන්තර තොරතුරු තාක්ෂණ සමාගමක් විසින් ශ්‍රී ලංකාවේ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු ඇතැයි අපේක්ෂා කරන සියලුම ජනාධිපති අපේක්ෂකයින් පිළිබඳ පුළුල් ජනප්‍රිය මත විමසුමක් පවත්වන බව දැනගන්නට ඇත.

ඉන්දියානු ඇමරිකානුවන් විසින් පවත්වාගෙන යනු ලබන මෙම සමාගමට මෙරටට පැමිණ මත විමසුමක් පවත්වන ලෙස ඇතැම් සංවිධාන විසින් ආරාධනා කර ඇත. වාර්තාවන්ට අනුව මෙම සමාගම විසින් මෙරට පුරවැසියන් මිලියන 9.3කගේ සමාජ මාධ්‍ය ගිණුම් අධ්‍යයනය කරමින්  ඔවුන්ගේ සමීක්ෂණය ආරම්භ කර ඇති අතර අදාළ ඔවුන්ගේ අනාවැකි පිළිබඳව අදාළ බලධාරීන්ට යාවත්කාලීන කිරීම් ලබා දෙන බව ද විශ්වාසනීය තොරතුරු මූලාශ්‍ර හරහා දැන ගැනීමට ලැබී ඇත.

ශ්‍රී ලංකාවේ ඉදිරි මැතිවරණ රැල්ල අධ්‍යයනය කිරීමට මෙම සමාගම කැඳවූ මුල් කාලයේ ඔවුන් මාස තුනක් සමාජ මාධ්‍ය ප්‍රවණතා අධ්‍යයනය කළ අතර රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක සම සජිත් ප්‍රේමදාස යන ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් තිදෙනාගේම ප්‍රතිශත මාරුවීම් පිළිබඳ බලධාරීන්ට සති දෙකකට වරක් යාවත්කාලීන ලබා දී ඇත.

අදාළ සංවිධානය විසින් ඊයේ (11) ඉදිරිපත් කරන ලද නවතම වාර්තාවට අනුව අපේක්ෂකයින් තිදෙනාම සියයට 25ටවත් ළඟා වීමට අපොහොසත් වන අතර, අපේක්ෂකයින් තිදෙනා අතර සමීප තරඟයක් ඇතැයි කණ්ඩායම පුරෝකථනය කර ඇත. නවතම අනාවැකියට අනුව වික්‍රමසිංහ, අනුර කුමාර සහ සජිත් ප්‍රේමදාස යන තිදෙනාම සියයට 21 සහ 22 ක සාමාන්‍ය ඡන්ද පදනමක් පවත්වාගෙන යමින් සිටින අතර, තමා ඡන්ද ලබා දෙන්නේ කාටදැයි තීරණය නොකළ ඡන්දදායකයින් සියයට 35කට වඩා ඉහළින් ලැයිස්තුගත කර ඇත.

Twitter (X), Facebook සහ Instagramහි ප්‍රවණතා අධ්‍යයනය කිරීමෙන් සහ මහජන අදහස් අධ්‍යයනය කිරීමෙන් මෙම අනාවැකි පළ කර ඇත.

මෙම සමාගම පසුගිය ඉන්දීය මහ මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂයේ ජයග්‍රහණය නිවැරදිව පුරෝකථනය කළ අතර මෝදි අපේක්ෂිත වාර්ගාත ජයග්‍රහණය නොකරන බවට ද අනාවැකි පළ කළේය. නමුත් ප්‍රධාන ඉන්දීය මාධ්‍ය ආයතන වාර්තා කළේ ඔහු වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ජයග්‍රහණය කරන බවයි.

පරිවර්තනය – මධූ වික්‍රමසිංහ

මූලාශ්‍රය – ඩේලි මිරර්

 

Related Posts