SJB-NPP විවාදයට මැදිහත් වෙන්න බැරි බව නීතීඥ සංගමය දැනුම් දෙයි..!

Spread the love

සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය අතර වන විවාදය සංවිධානය කිරීමට මේ අවස්ථාවේ සම්බන්ධ විය නොහැකි බවට ශ්‍රී ලංකා නීතිඥ සංගමය තීරණය කර තිබේ.

එම සංගමයේ මහා සභා සභා රැස්වීමේදී ඒකමතිකව මෙම තීන්දුව ගෙන තිබේ.

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විසින් මෙම විවාදය සඳහා මැදිහත් වෙන්නැයි නීතිඥ සංගමයෙන් ඉල්ලීමක් කර තිබිණ.

ඒ අනුව එහි සභාපතිවරයා විසින් මෙම යෝජනාව මහ සභාවට ඉදිරිපත් කර තිබේ.

ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවීමක් සිදුව නැති වීම හා ඊට ඉදිරිපත් වන අපේක්ෂකයන් ද නිශ්චිතව පැහැදිලි නොවීම යන තත්ත්වයන් මත දෙදෙනෙකු පමණක් සම්බන්ධ කර විවාදයක් පැවැත්වීම ගැටලු සහගත බව නීතිඥ සංගමය  අදහසයි.

Related Posts