එන වසරේ තැපැල් ගාස්තුත් ඉහලට..!
ලබන වසරේ තැපැල් ගාස්තුව සංශෝධයට අවධානය යොමුව ඇතිබව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. බොහෝ අමුද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාම ඊට හේතුවී තිබේ. ඒ සම්බන්ධයෙන් මූලික සාකච්ඡා මේ වනවිට ආරම්භ කර තිබේ. තැපැල් ගාස්තු සංශෝධනය සඳහා වැට් බදු ඉහළ යාම අදාල නොවන බව තැපැල් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි. – තවලම නිපුනි හසරංගී
Continue Reading
බදු නොගෙවුවොත් සමාවක් නෑ..! ආශු මාරසිංහගෙන් ප්‍රකාශයක්..!
කිසිම සමාගමකට 2024 වසරේ සිට බදු නොගෙවා ඉන්නට අවස්ථාවක් දෙන්නේ නැතැයි ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය අාශු මාරසිංහ මහතා පැවසීය. 2024 ජනවාරි සිට බදු විමර්ශන අරඹන බව කී මාරසිංහ මහතා බදු නොගෙවන සමාගම් බදු දැලට හසු කරගන්නට පියවර ගන්නා බව පැවසීය. බදු නොගෙවන අය කවුදැයි අනාවරණය කරගැනීමේ ක්‍රමවේදයක් සකසන බවද මාරසිංහ මහතා සඳහන් කළේය. පසුගිය මාස හතරේ රාජ්‍ය ආදායම එකතු …
Continue Reading
අවුරුදු සමරන්න පුළුවන් වෙලා තියෙන්නේ රනිල් රට භාරගත් නිසා – සමන් රත්නප්‍රිය
නව අවුරුද්ද සැමරීමට සහ නත්තර සැමරීමට හැකියාව ලැබුණේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ රට භාර ගැනීම නිසා බව ජනාධිපති වෘත්තීය සමිත් අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය පවසනවා. ඒ අනුව වෙනත් පුද්ගලයෙක් රට භාරගත්තා නම් මේ වන විටත් තවදුරටත් ආර්ථික අර්බුදයක සිටීමට සිදුවන බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.
Continue Reading
ලංසාගේ නව සංධානයේ නායකත්වය අනුරට..! ජනවාරි 01දා සිට නව සංධානය වැඩ අරඹයි..!
නව සන්ධානයේ ජනාධිපතිවරණ මෙහෙයුම් සටන මෙන්ම ප්‍රචාරණ කටයුතු ලබන ජනවාරි මස පළමු වැනිදා පෙරවරුවේ රාජගිරිය ලේක් ඩ්‍රයිව්හි පිහිටි පක්ෂ කාර්යාලයේදී සුභ මොහොතින් ආරම්භ කිරීමට සියලු කටයුතු මේ වන විටත් සූදානම් කර තිබේ. ඒ නව සන්ධානයේ මෙහෙයුම් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා සහ නිමල් ලන්සා මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. මේ සඳහා නව සන්ධානයට එකතුවී සිටින සියළු වෘත්තීය සමිති නියෝජිතයින්ට දැනටමත් පක්ෂ කාර්යාලය …
Continue Reading
පරක්කු වූ රස පරීක්ෂක ප්‍රතිඵල මාස හයක් ඇතුළත..!
ප්‍රමාද වී තිබූ රස පරීක්ෂණ වාර්තා මාස හයක් ඇතුළත කඩිනමින් ලබාදෙන බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් රස පරීක්ෂක වාර්තා ලබාගැනීමට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය ගෙන්වීමට තිබූ අපහසුතාවයන් නිසා මේ ප්‍රමාදයන් සිදුවූ බව බව අමාත්‍යවරයා කීය. නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීමට ලබන ජනවාරි මස නව පනත් අටක් සම්මත කර …
Continue Reading
තවත් ප්‍රාන්තයක් ට්‍රම්ප්ගේ අපේක්ෂකත්වය අත්හිටුවයි..!
2024 වසරේ පැවැත්වෙන ඇමෙරිකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටින, රිපබ්ලිකන් අපේක්ෂක, හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අත්හිටුවීමට එරට තවත් ප්‍රාන්තයක් පියවර ගෙන තිබේ. මීට පෙර, ඇමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තය ද ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අත්හිටුවීමට කටයුතු කළේය. ඒ, ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝගයක් අනුවය. කොලරාඩෝ ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව ලබා දුන්නේ ඇමෙරිකන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි සංශෝධනයේ විධි විධානයකට අනුව බව පැවැසිණි. …
Continue Reading
කුඩු රොෂාන්’ගේ කෝටි 6 ක දේපළ පොලිස් භාරයට..!
පොලිසියෙන් සැගවීම සඳහා වරකාපොළ ප්‍රදේශයේ හෝටලයක සිටියදී අත්අඩංගුවට ගත් ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් යැයි කියන ‘මට්ටක්කුගේ කුඩු රොෂාන්’ නැමැත්තාට අයත් රුපියල් කෝටි 6 කට ආසන්න දේපළ භාරයට ගත් බව ගම්පහ ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. ‘කුඩු රොෂාන්’ නැමැත්තාට අයිති යැයි කියන ජාඇල ප්‍රදේශයේ ඉඩමක් සහ ජීප් රථයක් මෙසේ පොලිස් භාරයට ගත් බවත් ඒ සම්බන්ධයෙන් වැඩි දුර පරීක්‍ෂණ නීති විරෝධී වත්කම් පිළිබඳව පොලිස් කොට්ඨාසය …
Continue Reading
අතීත පව් අනාගත පරපුරට පටවන්න එපා..! මන්ත්‍රි වජිරගෙන් ප්‍රකාශයක්..!
අතීතයේ වූ ඛෙිදවාචක අනාගත දරු පරපුරට අත්විඳීමට ඉඩ ලබා නොදීමේ භාරදූර වගකීම ඉදිරි ජනාධිපතිවරණයේ දී ලාංකික ජනතාව මත පැවරෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. නැවතී තිබුණු ලෝක බැංකු, ආසියා සංවර්ධන බැංකු, ජයිකා ආයතනය ඇතුලු ලංකාවට ආධාර සහ ණය දුන් කණ්ඩායම් වල සංවර්ධන ව්‍යාපෘති නැවත 2024 ජනවාරි මාසය ලබන විට ආරම්භ වීමට නියමිත බව කී …
Continue Reading
ගෝඨා පැන්නූ බැසිල්ගේ කුමන්ත‍්‍රණය දිලිත් හෙලි කරයි…!
රට තුළ ආර්ථික අර්බුදයක් නිර්මාණය කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා එළවා දැමූයේ බැසිල් රාජපක්ෂ මහතා විසින් ඔහු රටේ ජනාධිපතිවරයා වීමට බව බව මවුබිම ජනතා පක්‍ෂයේ නායක දිලිත් ජයවීර මහතා පවසයි. එහි ප්‍රතිඵලය ලෙස අවසානයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවී පොදු ජන පෙරමුණ සහ ජාතිකවාදී කඳවුර විනාශයට පත්වුණු බවත් හෙතෙම කියා සිටී. බැසිල් රාජපක්ෂගේ කුමන්ත්‍රණය හේතුවෙන් අපේක්ෂා භංගත්වයට පත්වූ පොහොට්ටුවේ සාමාජික පිරිසක් අද වන …
Continue Reading
විග්නේෂ්වරනුත් ජනපති සටනට..!
දෙමළ දේශපාලන පක්ෂවල එකඟතාවයකින් යුතුව ආරාධනයක් කරන්නේ නම් තමා මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් වීමට සූදානම් බව දෙමළ ජනතා සන්ධානයේ නායක සී.වී විග්නේෂ්වරන් මහතා පැවසීය. දෙමළ දේශපාලන පක්ෂ තනි තනිව ජනාධිපතිවරණ අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට වඩා පොදු ද්‍රවිඩ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම කාලෝචිත බවද ඔහු සඳහන් කළේය. පොදු ද්‍රවිඩ අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේ නම් ඒ සඳහා සුදුසුම පුද්ගලයා තමා බවද ඔහු කීවේය. මීළඟ …
Continue Reading