බදු නොගෙවුවොත් සමාවක් නෑ..! ආශු මාරසිංහගෙන් ප්‍රකාශයක්..!

Spread the love

කිසිම සමාගමකට 2024 වසරේ සිට බදු නොගෙවා ඉන්නට  අවස්ථාවක් දෙන්නේ නැතැයි ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය අාශු මාරසිංහ මහතා පැවසීය.

2024 ජනවාරි සිට බදු  විමර්ශන අරඹන බව කී මාරසිංහ මහතා බදු නොගෙවන සමාගම් බදු දැලට හසු කරගන්නට පියවර ගන්නා බව පැවසීය.

බදු නොගෙවන අය කවුදැයි අනාවරණය කරගැනීමේ ක්‍රමවේදයක් සකසන බවද මාරසිංහ මහතා සඳහන් කළේය.

පසුගිය මාස හතරේ රාජ්‍ය ආදායම එකතු කිරීම නිවැරදිව සිදුකර තිබෙන්නේ යැයිද  ජනාධිපති කාර්යාලයේ ද රාජ්‍ය  ආදායම එකතු කිරීම විමර්ශනය කරන ඒකකයක් පිහිටුවා ඇතැයි ද මාරසිංහ මහතා සඳහන් කළේය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී ආශු මාරසිංහ මහතා මේ බව සඳහන් කළේය.

Related Posts