නව සන්ධානයේ ජනාධිපතිවරණ මෙහෙයුම් සටන මෙන්ම ප්‍රචාරණ කටයුතු ලබන ජනවාරි මස පළමු වැනිදා පෙරවරුවේ රාජගිරිය ලේක් ඩ්‍රයිව්හි පිහිටි පක්ෂ කාර්යාලයේදී සුභ මොහොතින් ආරම්භ කිරීමට සියලු කටයුතු මේ වන විටත් සූදානම් කර තිබේ.
ඒ නව සන්ධානයේ මෙහෙයුම් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා සහ නිමල් ලන්සා මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.
මේ සඳහා නව සන්ධානයට එකතුවී සිටින සියළු වෘත්තීය සමිති නියෝජිතයින්ට දැනටමත් පක්ෂ කාර්යාලය විසින් ආරාධනා පත් යවා තිබේ.
ලබන වසරේ පළමුව පැමිණෙන්නේ ජනාධිපතිවරණයක් බවත් ඊට මුහුණ දීම සඳහා නව සන්ධානය වෙනත් කිසිදු සංවිධානයකට නොදෙවෙනි බලවේගයක් නිර්මාණය කිරීම අපේක්ෂාවයි.
එහි පළමු පියවර 2024 ජනවාරි පළමු වැනිදා පක්ෂ කාර්යාලයේ කටයුතු වලින් ඇරඹීමට නියමිතය.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා පසුගිය සතියේ විදේශ ගතව සිටි නිසා ඔහුගේ සුභාශින්ෂණ සමග රාජගිරිය නව සන්ධාන පක්ෂ කාර්යාලයේ කාර්යමණ්ඩලය සඳහා විශේෂ නත්තල් සැමරුම් උත්සවයක් සමඟ සාදයක් පසුගිය බදාදා පැවැත්වුණි.
මන්ත්‍රීවරයා විසින් එවන ලද විශේෂ නත්තල් කේක් ගෙඩිය සුගීශ්වර බණ්ඩාර සහ සිරිපාල අමරසිංහ මහත්වරු විසින් කපා කාර්යමණ්ඩලයේ සාමාජිකයින්ට ලබා දුන්හ.
මේ අවස්ථාවට නව සන්ධානය සමග කටයුතු කරන වෘත්තීය සමිති නායකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
– Repoter