ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉදිරි පැය 48 තුල අපේක්ෂකයින් ප්‍රවර්ධන කටයුතු තහනම්- මැ.කො.
මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් කිරීමෙන් පසුව අද (08 දා ) සිට එළැඹි පැය 48 ක නිහඬ කාල සීමාවේදී තරග කරන දේශපාලන පක්‍ෂ හෝ ස්‌වාධීන කණ්‌ඩායම් හෝ අපේක්‍ෂකයන් ප්‍රවර්ධනයට හේතු වන පරිදි ආගමික සිද්ධස්‌ථානවලදී හෝ පිටතදී ආගමික වතාවත් හෝ දේශපාලන ක්‍රියාකාරකම් සිදු කිරීම සම්පූර්ණයෙන් තහනම් බව මැතිවරණ කොමිසම දැනුම් දෙයි. නීතිවිරෝධී ලෙස ක්‍රියා කරන අයට එරෙහිව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් …
Continue Reading
පුංචි ඡන්දයේ ජය කාටද..?
එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී කිසිදු දේශපාලන පක්ෂයකට සියයට 50 ක ඡන්ද ප්‍රතිශතයක් නොලැබෙන බව සමීක්ෂණයක් මඟින් හෙළි වී ඇතැයි විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි. අද(07) පැවති ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළේය. දිස්‍ත්‍රික්ක 24ක සිදු කරන ලද සමීක්ෂණයකින් අනතුරුව එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය, අත, …
Continue Reading
දූෂිත කෝටිපති ඡන්ද අපේක්‍ෂකයන්ට ඔබේ අනාගතය විනාශ කරන්නට ඉඩ දෙන්න එපා – ඇමැති මනෝ ගනේෂන්
විවිධ දූෂණ අපරාධ සහ සමාජ විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ වී ජනතාව බිය ගන්වමින් තරුණ ජීවිත විනාශ කරමින් දෙමාපියන්ගේ අනාගත සිහින බොඳකර දැමූ කෝටිපති ඡන්ද අපේක්‍ෂකයන්ට ඡන්දය ලබා දීමෙන් තමන්ගේ අනාගතය නැවත විනාශය කරා ගෙන යැමෙන් වළකින්නැයි තමා ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජාතික සහජීවනය, සංවාදය සහ රාජ්‍ය භාෂා ඇමැති මනෝ ගනේෂන් මහතා ප්‍රකාශ කළේය. තමන් කිසිවකුටත් කඩේ නොයන බවත්, තමා සැම විටම …
Continue Reading
පොහොට්ටුවේ අපේක්ෂයාගේ මවට අයත් ලී මෝලෙන් ලක්ෂ 1 ½ දැව තොගයක් අත්අඩංගුවට
වෙන්නප්පුව ප්‍රදේශීය සභාවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයෙන් තරඟ කරන අපේක්ෂකයෙකුගේ මවට අයත් බව කියන ලී මෝලක තිබී රුපියල් ලක්ෂ 1 ½ ක් පමණ වටිනා දැව තොගයක් හලාවත අඩවි වන කාර්යාලයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අද (07) දිනයේ දහවල් මෙම වැටලීම සිදු කර ඇත. ලුණුවිල – කිරිමැටියාන ප්‍රදේශයේ මෙම මෝල පවත්වා ගෙන ගොස් ඇති අතර මැතිවරණයට ඉදිරිපත් වී …
Continue Reading
ලන්ඩන් නුවර පැවති නිදහස් දින සැමරුමදා ලාංකීය අභිමානය රැකූ බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු ජනපති නියෝගයෙන් යළි සේවයට
බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු මහතාගේ සේවය අත්හිටුවීමට ගත් තීරණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැදිහත්වීමෙන් අවලංගු කර තිබේ. ලන්ඩන් නුවර පැවති නිදහස් දින සැමරුම් උත්සවයකදී මෙම බ්‍රිගේඩියර්වරයාගේ හැසිරීම පිලිබඳව සමාජ මාධ්‍යවල පළවූ වීඩියෝ දර්ශන පිලිබඳව අවධානය යොමු කරමින් විදේශ අමාත්‍යංශය ඔහුගේ සේවය අත්හිටුවීමට පියවර ගෙන තිබිණි. මේ පිලිබඳව ලන්ඩන් නුවර සිටින ශ්‍රී ලංකා …
Continue Reading
පුංචි ඡන්දේ ප්‍රචාරණ කටයුතු අද රාත්‍රී 12 න් අවසන්
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඡන්ද අපේක්ෂකයින් විසින් සිදුකරන ප්‍රචාරණ කටයුතු අද (07) මධ්‍යම රාත්‍රි 12.00න් පසු අවසන් කළ යුතු බව මැතිවරණ කොමිසම පවසයි. අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රි රත්නායක මහතා පෙන්වාදෙන්නේ ඡන්ද දායකයින් හට ඡන්දය භාවිත කරන පාර්ශවය සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා නිහඩ පරිසරයක් නිර්මාණය කිරීම මෙමගින් අපේක්ෂා කරන බවයි.
Continue Reading
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා.. – අකිල විරාජ්
ගිරිබාව ප්‍රදේශයේ ජනරැළියක් අමතමින් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහ ලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටියේ ඉන් අනතුරුව 2019 වසර අවසානයේ එක්සත් ජාතික පක්ෂයේම ජනාධිපතිවරයෙකු බලයට පත්කරන බවයි. තම පක්ෂයට ජනාධිපතිවරයෙකු දැනට නොමැති බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා එය අර්ථ දක්වනු ලැබුවේ “මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා” යනුවෙනුයි. පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව මාස කිහිපයක් තුළ පළාත් …
Continue Reading
ජල සම්පාදන සේවකයෝ වර්ජනයක් අරඹති
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ජල සම්පාදන වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානය වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ. ජල සම්පාදන වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු උපාලි රත්නායක මහතා සඳහන් කළේ අද දිනයේ සිට දින 03 කාලයක් දිවයින පුරා මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි. ඊයේ (04) දිනයේදී විෂයභාර අමාත්‍යවරයා සමඟ පැවැති සාකච්ඡා ද අසාර්ථක වූ බැවින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කිරිමට තීරණය කළ …
Continue Reading
බැඳුම්කර විවාදයට මාත් එනවා-හිටපු ජනපති
මහ බැංකු බැඳුම්කර ජනාධිපති විමර්ශන වාර්තාව සහ බරපතළ වංචා දූෂණ ජනාධිපති විමර්ශන වාර්තාව සම්බන්ධයෙන් පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදයට තමා සහභාගී වීමට අපේක්ෂා කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ අදාළ විවාදය පැවැත්වෙන දින ගණන දීර්ඝ කර ගැනීමට ඒකාබද්ධ විපක්ෂය කටයුතු කරන බවයි. මාතලේ ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් …
Continue Reading
හෙට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී විශේෂ පක්ෂ නායක රැස්වීමක්
විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට(05) පැවැත්වීමට නියමිතව තිබේ. පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල මහතා සඳහන් කළේ පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී එම රැස්වීම පැවැත්වීමට නියමිත බවයි. එහිදී මහ බැංකු බැඳුම්කර සහ බරපතළ වංචා විමර්ශන වාර්තා සම්බන්ධයෙන් පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදය පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්ය. ලබන 06 වැනිදා අදාළ විවාදය පැවැත්වීමට නියමිත අතර ඉන් අනතුරුව ඒ සඳහා ඉදිරි දින යොදා ගන්නේ …
Continue Reading