ලන්ඩන් නුවර පැවති නිදහස් දින සැමරුමදා ලාංකීය අභිමානය රැකූ බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු ජනපති නියෝගයෙන් යළි සේවයට

Spread the love

බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු මහතාගේ සේවය අත්හිටුවීමට ගත් තීරණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැදිහත්වීමෙන් අවලංගු කර තිබේ.

ලන්ඩන් නුවර පැවති නිදහස් දින සැමරුම් උත්සවයකදී මෙම බ්‍රිගේඩියර්වරයාගේ හැසිරීම පිලිබඳව සමාජ මාධ්‍යවල පළවූ වීඩියෝ දර්ශන පිලිබඳව අවධානය යොමු කරමින් විදේශ අමාත්‍යංශය ඔහුගේ සේවය අත්හිටුවීමට පියවර ගෙන තිබිණි.

මේ පිලිබඳව ලන්ඩන් නුවර සිටින ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය වෙත අවශ්‍ය උපදෙස් ලබාදුන් බව විදේශ කටයුතු අමාත්‍යංශය ඊයේ (06) නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේය.

මෙම සිද්ධිය පිලිබඳව යුධ හමුදාව විසින්ද නිදහසට කරුණු විමසා බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

මේ සම්බන්ධයෙන් කල විමසීමකදී යුධ හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා සඳහන් කළේ අදාළ සිද්ධිය පිලිබදව බ්‍රිතාන්යයයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සිදුකරන ඕනෑම පරීක්ෂණයකට යුධ හමුදාවේ සහයෝගය ලබා දෙන බවයි.

එහෙත් පරීක්ෂණයකින් තොරව ඔහුගේ සේවය අත්හිටුවීම පිලිගත නොහැකි බව යුධ හමුදාපතිවරයා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අදාල බ්‍රිගේඩියර්වරයාගේ කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද යුධ හමුදාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.

කෙසේවෙතත් මෙම සිද්ධිය පිලිබඳව විශේෂ අවධානයක් යොමුකර ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමාත්‍ය ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු මහතාගේ සේවය අත්හිටුවමින් යොමු කර තිබූ ලිපිය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබේ.

එමෙන්ම ඔහු යලි සේවයේ පිහිටුවන ලෙසද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබා දී ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා සදහන් කළේය.

RSL

Related Posts