මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා.. – අකිල විරාජ්

Spread the love

ගිරිබාව ප්‍රදේශයේ ජනරැළියක් අමතමින් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහ ලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටියේ ඉන් අනතුරුව 2019 වසර අවසානයේ එක්සත් ජාතික පක්ෂයේම ජනාධිපතිවරයෙකු බලයට පත්කරන බවයි. තම පක්ෂයට ජනාධිපතිවරයෙකු දැනට නොමැති බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා එය අර්ථ දක්වනු ලැබුවේ “මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා” යනුවෙනුයි.

පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව මාස කිහිපයක් තුළ පළාත් සභා මැතිවරණය ද පවත්වන බවත්, ඉන් අනතුරුව කඩිනම් සංවර්ධනයක් දියත් කරන බවද එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහ ලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එහිදී සඳහන් කළේය.

RSL

Related Posts