දූෂිත කෝටිපති ඡන්ද අපේක්‍ෂකයන්ට ඔබේ අනාගතය විනාශ කරන්නට ඉඩ දෙන්න එපා – ඇමැති මනෝ ගනේෂන්

Spread the love

විවිධ දූෂණ අපරාධ සහ සමාජ විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ වී ජනතාව බිය ගන්වමින් තරුණ ජීවිත විනාශ කරමින් දෙමාපියන්ගේ අනාගත සිහින බොඳකර දැමූ කෝටිපති ඡන්ද අපේක්‍ෂකයන්ට ඡන්දය ලබා දීමෙන් තමන්ගේ අනාගතය නැවත විනාශය කරා ගෙන යැමෙන් වළකින්නැයි තමා ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජාතික සහජීවනය, සංවාදය සහ රාජ්‍ය භාෂා ඇමැති මනෝ ගනේෂන් මහතා ප්‍රකාශ කළේය.

තමන් කිසිවකුටත් කඩේ නොයන බවත්, තමා සැම විටම කඩේ යමින් සිටින්නේ මහජනතාව වෙනුවෙන් පමණක්‌ බවත් හෙතෙම සඳහන් කර සිටියේය.

ඉකුත්දා උතුරු කොළඹ පැවති ජන හමුවක්‌ අමතමින් හෙතෙම මේ බැව් කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් කරුණු දැක්‌වූ ඇමැති මනෝ ගනේෂන් මහතා මෙසේද කීවේය.

“මම ජනපතිතුමාට හෝ අගමැතිතුමාට කඩේ යන්නේ නැහැ. පට්‌ටපල් හොරුන්ට කඩේ යන්නෙත් නෑ. ඒ අයට කඩේ ගියා නම් මට සුපිරි නිවාස, බැංකු ගිණුම්වලට කෝටි ගණන් මුදල් පුරවා ගන්න තිබුණා. මගේ දෙමාපියෝ මට උගන්වලා තියෙන්නේ මහජනතාවට කඩේ යන්න. මම කාටවත් බය නෑ. මහින්දට, ගෝඨාට බය නොවුණු මම තව කාටවත් බයේ දුවන්නෙ නැහැ. දුවයි කියලා හිතනවා නම් ඒවා වෙරි සොරි. ගෝඨාභයට, බැසිල්ට, මහින්දට කෙළින් මුහුණ දුන්නු මට අද ඉන්න අය බුල්ටො වගේ. මම හැමදාමත් ඉන්නේ ජනතාව අතර. ගෙදර යන්නේ රෑ 12 ත් පහුවෙලා. මම තර්ජන ගර්ජනවලට බයේ මේ ඇමැතිකම් කරන්නේ නැහැ. ඒ නිසා ජනතාව වෙනුවෙන් කරන සේවය කාටවත් නවත්තන්නත් බැහැ.

RSL

Related Posts