පුංචි ඡන්දයේ ජය කාටද..?

Spread the love

එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී කිසිදු දේශපාලන පක්ෂයකට සියයට 50 ක ඡන්ද ප්‍රතිශතයක් නොලැබෙන බව සමීක්ෂණයක් මඟින් හෙළි වී ඇතැයි විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.

අද(07) පැවති ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළේය.

දිස්‍ත්‍රික්ක 24ක සිදු කරන ලද සමීක්ෂණයකින් අනතුරුව එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය, අත, කුකුළා හා අශ්වයා යන පක්ෂවලින් ප්‍රථමස්ථානයට පත්ව ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කරයි.

කෙසේ වෙතත් සමස්ථ ප්‍රතිඵලය අනුව පාවෙන ඡන්ද ප්‍රතිශතය සියයට 15 ක් පමණ වු බවත්, මැතිවරණ ප්‍රචාරක වැඩපිළිවෙල ආරම්භ කළ දිනයේ සිට අද වන විට දෙගුණයක වර්ධනයක් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හිමිකර ගෙන ඇති බව ද කියා සිටි අමාත්‍යවරයා පසුගිය මැතිවරණයේ දී සියයට 46 ක් හිමිකර ගත් එක්සත් ජාතික පක්ෂයට අද වසර 2 හමාරක් අවසානයේ එම ප්‍රතිශතය වර්ධනය කර ගැනීමට නොහැතකි තත්ත්වයකට පත්ව ඇති බව ද සඳහන් කළේය.

RSL

Related Posts