විධායක ජනපති ධුරය අහෝසි නොකළොත් ජවිපෙන් ජනපති අපේක්‍ෂකයෙක්! කිසිවෙකුට 45%ක් වත් නැහැ
ලබන ඔක්තෝබර් 15 වැනිදාට පෙර විධායක ජනාධිපතිධුරය අහෝසි කර ගන්නට බැරි වුණොත් ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණින් ප‍්‍රබල අපේක්‍ෂකයකු ඉදිරිපත් කරන බව ජ.වි.පෙ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත‍්‍රී බිමල් රත්නායක මහතා පැවසීය. ජනාධිපතිවරණයක් පැවැත්වුණොත් කාටවත් සියයට 45 ට වඩා ගන්න බැහැ. මෙවර අපි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්‍ෂකයා හරහා දැවැන්ත ඡුන්ද ප‍්‍රමාණයක් ලබාගෙන එය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී දැවැන්ත ජනවරමක් බවට පත් කරගන්නා …
Continue Reading
නම දැමූ පසු ගෝඨාගේ පරාජය පෙනි පෙනී රාජපක්ෂවරු පසුබසිති! ගෝඨාගේ නම පෞද්ගලික මතයක් බව කියමින් බැසිල් කථා ගෙතීම අරඹයි
රාජපක්ෂ පවුලේ තනි පක්ෂය වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රෝහණ රාජපක්ෂ විසින්ම පසුගියදා මාධ්‍ය හමුවේ තම මීලඟ ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ බව පැවසීමෙන් අනතුරුව බලාපොරොත්තු වූ අන්දමේ කිසිඳු ප්‍රාතිහාරයක් සිදු නොවීම නිසා මේ වන විට වෙනත් ආකාරයේ වැල් වටාරම් කථා ගොතමින් සිටින බව පෙනී යයි. ඔහු සති අන්ත ලංකාදීප පුවත්පත වෙත සම්මුඛ සාකච්ඡාවේදී පලකර ඇති අදහස් තුළින් …
Continue Reading
ශ්‍රීලනිප-පොහොට්ටු සාකච්ඡා තෙවන වටයටත් දින තීන්දුයි! කරුණු 20 කට එකඟයි!
ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර ඊයේ (21) පැවැති සාකච්ඡාවේදී පක්‍ෂ දෙකේ මධ්‍යම කාරක සභාවල අනුමැතියට යටත්ව මූලික කරුණු 20 ක් සඳහා එකඟතාවකට පැමිණීමට හැකිව තිබේ. දෙපාර්ශ්වය අතර පැවැති දෙවැනි වටයේ සාකච්ඡාවේදී මූලික ප‍්‍රතිපත්ති රාමුව කෙරෙහි අවධානයට යොමු කෙරුණු බව සාකච්ඡා වට එක් වූ පක්‍ෂ දෙකේ නියෝජිතයෝ සඳහන් කළහ. මැතිවරණයක් ඉලක්ක කරගෙන ගොඩනැගෙන සන්ධානයක කල් පැවැත්මක් නොමැති බැවින් තිරසාර සන්ධානයක් ගොඩනැගීමට …
Continue Reading
රාජපක්ෂලා සෙල්ලම් ගෙයක් හදාගෙන – නීතිඥ රජික කොඩිතුවක්කු
“මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන මිනිස්සු පවුලේ ප්‍රජාතන්ත්‍රවාදය හදාගන්න තමයි වැඩ කරගෙන යන්නේ. පවුලේ අපි එක. පවුලේ අපි අතට තමයි සියලුම රාජ්‍ය බලය කේන්ද්‍රගත වෙන්න ඕන කියලා හිතලා කටයුතු කරනකොට තමයිමේ විදිහට අයියලා මල්ලිලා හතර පස්දෙනා එකතුවෙලා සෙල්ලම් ගෙදරක වගේ ඔයා ජනාධිපති, ඔයා අගමැති, ඔයා ආර්ථික කටයුතු ඇමති කියලා වෙන්කරගෙන රට පාලනය කරන්න උත්සාහ කරන්නේ. එතකොට අනික් සියලූම දෙනාම …
Continue Reading
කිසිලෙසකින්වත් මම යළි වහලෙකු වී රාජපක්ෂ පවුල් සමාගමට වැඩ කරන්නේ නැහැ- විජිත් විජිතමුණි සොයිසා (වීඩියෝ)
දේශපාලන පක්ෂයක් ලෙස පැවසුවද පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා තෝරන්නේ තනි පවුලක් විසින් බවත්, තමා කිසිඳු ලෙසකින් එවැනි තනි පවුලක් අරක්ගත් පක්ෂයක වහලෙකු වී රාජපක්ෂ පවුල් සමාගමට සේවය නොකරන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජේමුණි සොයිසා මහතා පැවසීය. මන්ත්‍රීවරයා මෙම අදහස් පළකළේ මොණරාගල ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි. තමා මහින්ද රාජපක්ෂ මහතාට කොන්දේසි විරහිතව අසීමිතව උදව් කළ බවත්, එහෙත් එතුමාට …
Continue Reading
ආණ්ඩුව රටේ ආදායම වැඩි කරන්නේ, බදු මුදල් දෙගුණයක් වැඩි කරලා
ආණ්ඩුව රටේ ආදායම වැඩි කරන බව ආඩම්බරයෙන් කියනවා. බදු ආදායම දෙගුණයක් කිරීමෙනුයි ඒ ආදායම වැඩිකරගෙන තියෙන්නේ. නමුත්, බදු ආදායමෙන් කරන දෙයක් ගැන ආණ්ඩුව කියන්නේ නැහැ. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ අද(20) පෙරවරුවේ තංගල්ල ප්‍රාදේශීය සභාවේ පැවති උත්සවයකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා, වරාය විකිණුවා. ගුවන්තොටුපල විකුණන්න හදනවා. වරාය වගේ නොවේයි ගුවන්තොටුපල විකුණුවාම …
Continue Reading
ශාසන කීර්ති ශ්‍රී දේශාභිමානී නමින් පුද ලද මිනිසකුගේ ප්‍රතිරූපය
පිදිය යුත්තන් පිදීමේ, ඔවුනට ගරුබුහුමන් දැක්වීමේ ‘පුදන ගුණයට’ දිගු ඉතිහාසයක් පවතී. යමෙකු ඉටු කරන ලද විශිෂ්ට මෙහෙවර අගය කිරීම මෙහි මුඛ්‍ය අරමුණ වේ. එසේ ගරුබුහුමන් ලබන්නා එහි ගෞරවය රැකීමට නිතැතින්ම සමත් වන්නකු විය යුතුය. එවන් පුද්ගලයකුට ගෞරව සම්මානය පුදන්නා වූ සමාජ සංස්ථාව ද නිතැතින්ම ගෞරවයට පාත්‍ර වනු ඇත. එසේ බලන කල පාර්ලිමේන්තුවේ වත්මන් කථානායක දේශබන්දු කරු ජයසූරිය මැතිතුමන්, ශ්‍යාමෝපාලි වංශික …
Continue Reading
Exclusive: ජනපති අපේක්ෂත්වය ගැන රාජපක්ෂ පවුලේ තීරණය පක්ෂයේ නමින් ජනපතිට! ජනපතිට බෝලයක් බස්සවා ශ්‍රීලනිපය කඩා දැමීමේ සැලැස්මකුත් ඒ අතරට!
ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කෙරෙන අපේක්‍ෂකයා සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයාගේ නිල නිවසේදී පසුගියදා පැවැති සාකච්ඡාවේදී රාජපක්ෂ පවුල විසින් ගත් තීරණය පිළිබඳ දැනුවත් කිරීමට රාජපක්ෂ පක්ෂවරුන්ගේ නිල දේශපාලන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මඟින් ඉදිරි දින කිහිපය තුළදී ජනාධිපතිවරයා හමුවී සිදුකිරීමට නියමිතය. විපක්ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිල නිවසේදී හිටපු කථානායක චමල් රාජපක්‍ෂ, හිටපු ඇමැති බැසිල් රාජපක්‍ෂ, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, …
Continue Reading
කොහොම කලත්, මොන තර්ක දැම්මත් පොහොට්ටුවට තනියම දිනන්න බැහැ
මීලග ජනාධිපතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට තනිව ජය ගැනීමට නොහැකි බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි. මීලග ජනාධිපතිවරණයෙන් ජය ගැනීමට නම් ශ‍්‍රීලනිපය සතු ඡන්ද ලක්‍ෂ 14 අනිවාර්යෙන්ම අවශ්‍ය බවද ඔහු කියා සිටී. ශ‍්‍රීලනිපය ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ස්ථිර වශයෙන්ම මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කරන බවත් පවසන ඔහු එසේ කිරීමට තම පක්‍ෂයට අයිතියක් ඇතැයිද සදහන් …
Continue Reading
රනිල් හොරගල් අහුලමින් ජනාධිපති හීන දකිනවා – මහාචාර්ය විජේසුරිය ප්‍රසිද්ධ වේදිකාවේ රනිල්ට පහරදෙයි
පොහොට්ටුව හා ශ්‍රීලනිපය අතර ඇතිවී තිබෙන බෙදීමෙන් වාසි ලබාගෙන මීළඟ ජනාධිපතිවරයා වීමට රනිල් වික්‍රමසිංහ මහතාද ගල් ඉබ්බෙක් මෙන් ගණන් බලන බව මහාචාර්ය සරත් විජේසූරිය මහතා පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වූ පසු තමනට ජය ලැබෙන්නේ යැයි වික්‍රමසිංහ මහතා මේ අවස්ථාවේදී සිහිනයක් දකිමින් සිටින බවද ඔහු කියා සිටී. ඇතැම්විට රාජපක්ෂවරුන්ගෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රතිඥා ලබාදී ඇතැයි ද තමන් උපකල්පනය කරන බවද …
Continue Reading