ශ්‍රීලනිපය වැඩ අරඹයි; ජනපති වැඩ බලන්න යයි (Video)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡාවක් අද(05) පෙරවරුවේ නිදහස් පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මරදාන ඩාලි පාරේ පිහිටි නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැත් විය. සාකච්ඡාව සඳහා පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය මෙන්ම පසුගියදා ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ද සහභාගී වී සිටි බව සඳහන් වෙයි. සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික …

Continue Reading

සුව ඇමති නීතිපතිගෙන් මසාජ් සෙන්ටර් ගැන කරුණු විමසයි!

කූට ලේඛණ සකස් කර ගනිමින් දිවයින පුරා පවත්වාගෙන යන සම්භාහන මධ්‍යස්ථාන පිළිබඳව ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා නීතිපතිවරයාගෙන් කරුණු විමසීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත. නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ දී ඊයේ (04) පැවැති දේශීය වෛද්‍ය පළාත් අමාත්‍ය සමුළුවේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. සමුළුවට එක්ව සිටි පළාත් ආයුර්වේද කොමසාරිස්වරුන් ප්‍රකාශ කළේ …

Continue Reading

ඉන්ෆ්ලුවන්සාව මර්දනයට රජයේ මැදිහත්වීම ප්‍රමාණවත් නොවන බවට වෛද්‍යවරුන්ගෙන් චෝදනා (Video)

දකුණේ පැතිර යන ඉන්ෆ්ලුවන්සා රෝගය ගැන රජයේ ක්‍රියාකලාපය අපැහැදිලි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා කීවේය. සාමාන්‍යයෙන් සෑම වසරකදීම ඇතැම් පළාත්වල මෙම රෝගය ව්‍යාප්ත වුවත් වාර්තාගත මරණ සංඛ්‍යාවක්‌ සිදු වූයේ මෙම වසරේ බව කී වෛද්‍ය අලුත්ගේ මහතා රජය ආරම්භයේදීම මෙම රෝගය ව්‍යාප්ත වීම වළක්‌වා ගැනීමට පියවර නොගත් බව ද කීවේය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභා …

Continue Reading

බුකීකරුවන්ගේ ක්‍රිකට් මැච් ෆික්ස් කිරීමේ හෙළිදරව්ව ගැන ICCය අල්ජසීරා සමඟ සාකච්ඡාවක

ක්‍රිකට් තරග පාවාදීම සම්බන්ධයෙන් අල්ජසීරා රූපවාහිනි සේවය පසුගියදා නිකුත් කරන ලද වාර්තාමය වැඩසටහනක් මඟින් හෙළිදරව් කරන ලද පුද්ගලයන් පිළිබද සංස්කරණය නොකරන ලද වීඩියෝ දර්ශන හා සාක්ෂි සියල්ල ලබාගැනීමේ අරමුණින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය(අයි.සී.සී-ICC) එම රූපවාහිනි සේවය සමග පැවැත්වීමට නියමිතව තිබූ හමුව සුළු අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබේ. වාර්තාමය වැඩසටහනේ සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන ලබා ගැනීම පිළිබඳව අල් ජසීරා පුවත් සේවය සමඟ ලන්ඩන් …

Continue Reading

බුද්ධගයාවට බෝම්බ ගැසූ 5 දෙනා දිවි ඇති තෙක්‌ හිරේ

2013 දී බුද්ධගයා විහාරයේ බෝම්බ පිපිරවූ ත්‍රස්‌ත සාමාජිකයන් පස්‌දෙනාටම ජීවිතාන්තය දක්‌වා සිරදඬුවම් නියම කර ඇත. පැට්‌නා හි විශේෂ අධිකරණයක්‌ මගින් පසුගිය සිකුරාදා මෙම තීන්දුව ලබාදී ඇති අතර ඒ අනුව ඉන්දීය මුජහිඩීන් සංවිධානයේ සාමාජිකයෝ පස්‌ දෙනෙක්‌ මෙලෙස ජීවිතාන්තය දක්‌වාම සිරගත කෙරෙති. මොවුහු සියලුදෙනාම මුස්‌ලිම් ජාතිකයෝ වෙති. බුද්ධගයා විහාරයේ බෝම්බ පිපිරීම් සිදුවූයේ 2013 ජුලි 07 වැනිදාය. මෙම ප්‍රහාරයෙන් ටිබෙට්‌ භික්‍ෂුවක්‌ හා තවත් …

Continue Reading

එජාපයේ 15ක් ස්වාධීන වෙයි! රනිල්ට එරෙහිව එජාපයෙන්ම විශ්වාසභංගයක්!

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියා කලාපයට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන් පහළොස් දෙනෙක් පාර්ලිමේන්තුවේ ස්වාධීනව ක්‍රියා කිරීමට තීරණය කර ඇති බව දේශපාලන වාර්තාකරු සදහන් කලා. ඒ අනුව හෙට,අනිද්දා හෝ ලබන 15 වැනිදා සිට මෙම කණ්ඩායම පාර්ලිමේන්තුවේ ස්වාධින මන්ත්‍රීවරුන් ලෙස ක්‍රියා කිරිමට නියමිත අතර එම තින්දුවට ආසන්නම හේතුව වි ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු වූ ආකාරයට පක්ෂයේ නායකයාගේ …

Continue Reading

බැඳුම්කරේ වෙනුවෙන් ඇලෝසියස් සමඟ ඩීල් කළ මන්ත්‍රීවරුන් ගැන වාර්තාවක් පාර්ලිමේන්තුවට

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් සමඟ දුරකථන සංවාද පවත්වමින් බැඳුම්කර මගඩිය යටගැසීම සඳහා ඩීල් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳව මෙම සතිය තුළ පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි. කථානායක කරූ ජයසූරිය මහතා විසින් අදාළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. අර්ජුන් ඇලෝසියස්ගෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් මුදල් ලබාගෙන ඇති බවට මේ දිනවල විවිධ මාධ්‍ය වාර්තා පළ වූ අතර මේ …

Continue Reading

ශ්‍රීලනිපයේ දැවැන්ත වෙනසකට තාවකාලික පුටු වෙනසක්; මහින්දට ජ්‍යේෂ්ඨ උපදේශකත්වය!

ඉදිරි මැතිවරණය ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානයක් සඳහා අද(03) නව තාවකාලික නිලධාරී මණ්ඩලයක් පත්කර තිබේ. නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව, විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාව, පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ දී රැස්වූ අතර එහිදී මෙම නව නිලධාරී මණ්ඩලය පත් කර ගැණුනි. ඒ අනුව පක්ෂයේ සභාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා …

Continue Reading

ජාතික ආරක්ෂාව අනතුරේ! TRC ලොක්කන්ට කප්පම් දෙමින් කොටි හිතවාදින් නීතිවිරෝධී කේබල් රූපවාහිනි ව්‍යාපාරයක..

උතුරේ සිට ක්‍රියාත්මක වන නීතිවිරෝධී කේබල් රූපවාහිනි සේවාවන් කිහිපයක් රටේ ජාතික ආරක්ෂාවට දැඩි ලෙස තර්ජනයක් එල්ල කරමින් තිබේන බවට තොරතුරු අනාවරණය වෙමින් තිබේ. හිටපු එල්ටීටීඊ නායකයෙකු වූ පොට්ටු අම්මාන්ගේ ඥාති සහෝදරයෙක් වන යාපනයේ තරු හෝටලයක හිමිකාරිත්වය දරණ මෙම කූට ව්‍යාපාරිකයා ඉතාම වංචනීක ව්‍යාපාර රැසක් මෙහෙයවනු ලබන පුද්ගලයෙකු බවද අනාවරණය වි තිබේන නමුත් ඔහු උතුරේ පොලිස් ප්‍රධානින්ට සහ විදුලි සන්දේශන නියාමන …

Continue Reading

සිරිකොතේ රහස් සාකච්ඡාවක්

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් පිරිසක් පසුගියදා “සිරිකොත” එම පක්ෂයේ මූලස්ථානයේදී රහස් සාකච්ඡාවක් පවත්වා ඇත. ඊට සහභාගී වූ බහුතරය රනිල් හිතවාදීන් වන අතර මෙහිදී එජාපයේ ඉදිරි මැතිවරණ සැලසුම් සහ පක්ෂය තුළ රාජකීයන්ගේ විධායක බලය අභියෝගයකින් තොරව පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර ඇත. ඒ අනුව එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ඇමැතිවරු පිරිසකට අපේක්ෂක වරම් අහිමි වීමේ අවදානමක් නිර්මාණය …

Continue Reading