විධායක ජනපති ධුරය අහෝසි නොකළොත් ජවිපෙන් ජනපති අපේක්‍ෂකයෙක්! කිසිවෙකුට 45%ක් වත් නැහැ

ලබන ඔක්තෝබර් 15 වැනිදාට පෙර විධායක ජනාධිපතිධුරය අහෝසි කර ගන්නට බැරි වුණොත් ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණින් ප‍්‍රබල අපේක්‍ෂකයකු ඉදිරිපත් කරන බව ජ.වි.පෙ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත‍්‍රී බිමල් රත්නායක මහතා පැවසීය. ජනාධිපතිවරණයක් පැවැත්වුණොත් කාටවත් සියයට 45 ට වඩා ගන්න බැහැ. මෙවර අපි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්‍ෂකයා හරහා දැවැන්ත ඡුන්ද ප‍්‍රමාණයක් ලබාගෙන එය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී දැවැන්ත ජනවරමක් බවට පත් කරගන්නා …

Continue Reading

දරුවන්ගේ මානසික තත්ත්වය දුර්වල කරන පහේ ශිෂ්‍යත්වය අහෝසියි!

දරුවන්ගේ මානසික තත්ත්වය දුර්වල කරන පාසල්වල පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළයුතු යැයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඊයේ (25) පොලොන්නරුවේදී පැවැසීය. පහේ ශිෂ්‍යත්ව විභාගය යනු දරුවන්ගේ මානසික තත්ත්වය දුර්වල කරන දරුවන්ගේ මානසික තත්ත්වය වට්ටන, අම්මලා ලෙඞ්ඩු කරන, අම්මලා මානසික රෝගීන් කරන එකක් බවද ජනාධිපතිවරයා කීවේය. පිබිදෙමු පොලොන්නරුව දිස්ත‍්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ පොලොන්නරුව රාජකීය විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද මෛත‍්‍රි ශිල්ප කලා …

Continue Reading

කුප්‍රකට බැඳුම්කර වංචාවට අත්අඩංගුවට ගත් ජෙෆ්රි ඇලෝසියස් ඇතුළු පස්දෙනාම රිමාන්ඩ්

මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පර්පචුවල් ට්‍රෙෂරිස් (perpetual treasuries) සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් ඇතුළු එම සමාගමේ අධ්‍යක්ෂවරුන් සිව්දෙනා සහ මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පී.සමරසිරි යන අය ලබන 05 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය. රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් අද (25) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියට පමුණුවන …

Continue Reading

මෙරට දැවැන්ත ආයෝජන ව්‍යාපෘති දෙකක් ඇරඹේ

නිසි ආර්ථික ප්‍රතිපත්තියක් නොමැතිව පසුගිය රජය විසින් ඉදිකළ ව්‍යාපෘතීන් නැවත සංවර්ධනය කර රුහුණු ආර්ථික සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය බවට හම්බන්තොට පත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හම්බන්තොටදී ඊයේ (24) පැවසීය. එක් තිරසර ප්‍රතිපත්ති මාලාවක් ඔස්සේ ආර්ථිකය ඉදිරියට ගෙන යෑමේ ප්‍රතිඵලයක් ලෙස ශක්තිමත් සංවර්ධන පදනමක් සැකසී ඇති බව පැවසූ වික්‍රමසිංහ මහතා තම උපන්දිනය වෙනුවෙන් ලැබුණු වටිනාම ත්‍යාගය හම්බන්තොට තෙල් පිරිපහදුව සහ සිමෙන්ති …

Continue Reading

තාවකාලික විදුලි කප්පාදුව හෙට සිට කාලසටහනකට

විදුලි විසන්දි කිරීම් පිළිබදව හෙට (25) සිට කාල සටහනක් ප්‍රකාශයට පත් කිරීමට විදුලිබල මණ්ඩලය තීරණය කර ඇත. ජල පෝෂක ප්‍රදේශවලට පවතින වැසි රහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් විදුලි උත්පාදනය සීමාවීම මෙන්ම පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් විදුලි ඉල්ලුම ඉහළ යාම මෙලෙස විදුලි කප්පාදු කිරීමට හේතු වී ඇති බව විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සදහන් කළේය. පසුගිය දින කිහිපය පුරා දිවයිනේ විවිධ ප්‍රදේශවල …

Continue Reading

නාවික හමුදා STF විශිෂ්ට මෙහෙයුමකින් දකුණු මුහුදේදී කුඩු නැවක් අත්අඩංගුවට

හොරොයින් ප‍්‍රවාහනය කරමින් තිබූ නෞකාවක් දකුණු මුහුදු තීරයේදී නාවුක හමුදා අත්අඩංගුවට පත්ව තිබේ. මේ සමගම ඉරාන ජාතිකයන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙහෙයුම සිදු කර ඇත්තේ පොලිස් මත්ද‍්‍රව්‍ය කාර්යංශය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා නාවික හමුදාව ඒකාබද්දවයි. නෞකාවේ තිබී හොරොයින් කිලෝ 600ක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර තවත් තොගයක් ජාවාරම්කරුවන් විසින් මුහුදට දමා ඇතැයි පොලිසිය කියයි. දැනට සොයාගෙන ඇති හෙරොයින් …

Continue Reading

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න එජාපයත් එකඟ වෙයි

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් වන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනතා විමුක්ති පෙරමුණු නියෝජිතයන් අතර පැවැත්වූ සාකච්ඡාවේදී එක්සත් ජාතික පෙරමුණ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ප්‍රතිපත්තියක් ලෙස එකඟ වූ බවත්, ඉදිරියේදී එක්සත් ජාතික පෙරමුණ අනෙකුත් පක්ෂ සමඟ සාකච්ඡා කර මේ පිළිබඳ තීරණයකට එළඹීමට කටයුතු යොදන වග දැනුම් දුන් බවත් ජනතා විමුක්ති පෙරමුණේ …

Continue Reading

ථෙරවාද ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරීමේ යෝජනාව ජනපති විසින් යුනෙස්කෝවට ඉදිරිපත් කරයි

ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස නම් කිරීමේ යෝජනාව, අතිපූජනීය ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියෝජිතවරිය වෙත භාරදීමේ භාග්‍යමත් අවස්ථාව අද (23) පස්වරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළගාවේ මහ මළුවේ දී සිදු විය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එම යෝජනාව එක්සත් ජාතින්ගේ සංවිධානයේ නේවාසික නියෝජිතවරිය වන හැනා සිංගර් මහත්මිය වෙත පිළිගන්වනු ලැබීය. ස්‍යාමෝපාලි මල්වතු මහාවිහාර පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ …

Continue Reading

නම දැමූ පසු ගෝඨාගේ පරාජය පෙනි පෙනී රාජපක්ෂවරු පසුබසිති! ගෝඨාගේ නම පෞද්ගලික මතයක් බව කියමින් බැසිල් කථා ගෙතීම අරඹයි

රාජපක්ෂ පවුලේ තනි පක්ෂය වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රෝහණ රාජපක්ෂ විසින්ම පසුගියදා මාධ්‍ය හමුවේ තම මීලඟ ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ බව පැවසීමෙන් අනතුරුව බලාපොරොත්තු වූ අන්දමේ කිසිඳු ප්‍රාතිහාරයක් සිදු නොවීම නිසා මේ වන විට වෙනත් ආකාරයේ වැල් වටාරම් කථා ගොතමින් සිටින බව පෙනී යයි. ඔහු සති අන්ත ලංකාදීප පුවත්පත වෙත සම්මුඛ සාකච්ඡාවේදී පලකර ඇති අදහස් තුළින් …

Continue Reading

මිනීමරන්නේ නැති, පලිගන්නේ නැති, නිදහස ගරුකරන ප‍්‍රජාතන්ත‍්‍රවාදී අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කරන්න – වෙල්ගම මහින්දට දන්වයි

මිනීමරන්නේ නැති, පළිගන්නේ නැති, ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන නායකයෙක් ජනාධිපති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරනු ඇතැයි තමා විශ්වාස කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි. ඊයේ(22) කොළඹ අධිකරණ සංකීර්ණයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය. තමා වමේ දේශපාලඥයෙත් බවත්, “මම බැඳුනෙත් ශ්‍රී ලංකාකාරයෙක් විදියට මං මැරෙන්නෙත් ශ්‍රී ලංකාකාරයෙක් හැටියට“ බව …

Continue Reading