මාකඳුරේ මඳුර් සමඟ කොටු වූ තවත් දරුණු ගණයේ අපරාධකරුවෙකු වූ කංජිපානි ඉම්රාන් අත්අඩංගුවට ගත් මෙහෙයුම (වීඩියෝ)

මාකඳුරේ මදූෂ්ගේ සමීපතමයකු වන, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම ඝාතන සිද්ධි රැසක සැකකරුවකුද වූ මුහම්මද් නජීම් ඉම්රාන් නොහොත් කංජිපානි ඉම්රාන් කටුනායක ගුවන්තොටුපොළේදී අද(28) අත්අඩංගුවට ගැනුණි. පොලිසිය සඳහන් කළේ ඩුබායි රාජ්‍යෙයන් මෙරටට පිටුවහල් කෙරුණු කංජිපානි ඉම්රාන් කටුනායකදී මාලදිවයිනට පැනයාමට සැලසුම් කර තිබූ බවයි. පැය කිහිපයක් පුරා සිදු කළ ප්‍රශ්නකිරීම් වලදී ඔහු රහස් පොලිස් නිලධාරීන් හමුවේ හඬාවැටී තිබේ. පසුගිය පෙබරවාරි මාසයේ ඩුබායිහී ජුමෙයිරා මරීනා …

Continue Reading

පොහොට්ටුවේ කියලා අන්තිමට වැමෑරුවේ නැද්ද? මහින්ද බේරුණෙත් අමරවීරගේ ලියුම නිසා කියලා අමතක කරන්න එපා

ඒකාධිපතියෙක් ලෙස ක්‍රියා නොකරන පලිගැනීම නොකරන ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් ලංකාවේ ජනාධිපති විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම පවසයි. අද (27) කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. “මම තවම ඉන්නේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ. අපිට කියන්න බෑ පොහොට්ටුවේ කියලා. ඔය එක්කෙනෙක්ක්ටවත් කියන්න පුළුවන් ද පොහොට්ටුවේ කියලා. දැන් පොහොට්ටුව කියලා කොහොමද අන්තිමට වමාරපු හැටි. දැන් …

Continue Reading

හම්බන්තොට තෙල් පිරිපහදු ව්‍යාපෘතිය හරහා මුදල් විශුද්ධිකරණය කිරීමේ අවදානමක්

හම්බන්තොට තෙල් පිරිපහදු ව්‍යාපෘතිය හරහා මුදල් විශුද්ධිකරණය කිරීමේ අවදානමක් ඇති බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය සඳහන් කරන්නේ මතභේදයට තුඩු දී ඇති, යෝජිත ඇමරිකානු ඩොලර් බිලියන 3.85 ක වටිනාකමකින් යුතු හම්බන්තොට මිරිජ්ජවිල තෙල් පිරිපහදු ව්‍යාපෘතිය, හෙවත් මූල්‍ය කාර්ය සාධක බලකායේ, මුදල් විශුද්ධිකරණයට අරමුදල් සපයන ‘අළු ලේඛනයෙන්’ බැහැරවීම සඳහා ශ්‍රී ලංකාව දරන උත්සාහයට ඍණාත්මක බලපෑමක් …

Continue Reading

රට පාවාදෙමින් ශ‍්‍රී ලංකා ජිනීවා තානාපති මානව හිමිකම් කොමිසම සමග අත්සන් කළ වාර්තාව ජනපති විසිකරයි (වීඩියෝ)

ජාත්‍යන්තරය හෝ වෙනත් කිසිවකු පවසන අන්දමට රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි හෝ රටේ ස්වාධීනත්වයට හානි වන කිසිවක් සිදුකිරීමට තමා සූදානම් නොමැති බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පැවැසීය. ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා මේ බව අවධාරණය කළේ කළුතර, මීගහතැන්න ප‍්‍රදේශයේ පැවති උත්සවයකට ඊයේ (27) පෙරවරුවේ සහභාගි වෙමිනි. උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල ආරක්ෂක අංශ විසින් භාවිත කරන ලද ඉඩම් එම ජනතාව වෙත නැවත නිදහස් කිරීම …

Continue Reading

ඩුබායි රටෙන් පිටුවහල් කළ නදීමාල් කටුනායකදී සී.අයි.ඩියෙන් ප‍්‍රශ්න කර මුදා හරී

‘‘හතරපස් දෙනා බැගින් වූ කුඩා කණ්ඩායම්වලට වෙන් කරලා අපි බර්ඩුබායි පොලිසියේ සිර මැදිරිවල වෙන වෙනම රඳවා සිටියා. තාත්තා රඳවලා හිිටියෙ මම හිටපු සිරමැදිරියෙ නෙවෙයි. ඩුබායි පොලිසිය අපට කන්න බොන්න දීල සැලකුවා’’ යැයි කටුනායකදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයට පත් වූ ගායන ශිල්පී නදීමාල් පෙරේරා ඊයේ (27) කටුනායක ගුවන් තොටුපළේදී පොලිස් ප‍්‍රශ්න කිරීම් හමුවේ කියා සිටියේය. ඩුබායි පොලිසිය අපේ රුධිරය, මුත‍්‍රා සාම්පල් …

Continue Reading

වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය විසුරුවා හරියි

මීට වසරකට ඉහතදී පමණ වෙබ් සහ සමාජජාල මාධ්‍ය නිදහස සුරක්ෂිත කිරීම ඉලක්ක කරගත් “වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය” විසුරුවා හැරීමට එම සංවිධානයේ සාමාජිකයින් විසින්ම තීරණය කර ඇතැයි වාර්තාවේ. මේ සම්බන්ධයෙන් වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික සංවිධානයේ හිටපු ලේකම්වරයා විසින් නිකුත් කළ විසුරුවා හැරීමේ නිවේදනයේ දැක්වෙන්නේ මෙසේය. -උපුටා ගැනීම- වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය විසුරුවා හරින ලද බවට වන මාධ්‍ය නිවේදනය විධායක සභාව සහ බහුතර …

Continue Reading

ආර්ථිකය ගොඩගන්න කාන්තා දායකත්වය අත්‍යාවශ්‍ය මොහොතක්

රටේ බහුතරයක් වන කාන්තාවන් දේශපාලන, ආර්ථික හා සමාජයීය වශයෙන් සෑම අංශයකින්ම බලගැන්වීම සඳහා වත්මන් රජය මේ වන විට පියවර රැසක් ගෙන තිබෙන බවත්, කාන්තා දායකත්වය නොමැතිව රටේ ආර්ථිකය දියුණු කළ නොහැකි බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (26) අරලියගහ මන්දිරයේ පැවැති කාන්තා උත්සවයක් අමතමින් පැවසීය. ප්‍රාදේශීය සභා මට්ටමින් කාන්තා නියෝජනය වැඩි කිරීම සඳහා එක්සත් ජාතික පක්‍ෂය එදා පියවර ගත් අවස්ථාවේ …

Continue Reading

දෙපැත්තේ අය මොන කතා කිව්වත්, ඇත්තටම තවමත් ජනාධිපති අපේක්ෂකයා තීරණය කොට නැහැ – තිලංග ඇත්තම සිද්ධිය කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අය දේශපාලන වේදිකාව තුළ කවර ආකාරයේ ප්‍රකාශ සිදුකළද සත්‍ය වශයෙන්ම පක්ෂය දෙකම නියෝජනය කරමින් ඉදිරිපත් වන පොදු අපේක්ෂකයා කවුරුන්ද යන්න මෙතෙක් තීරණය කොට නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා අද (26) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ …

Continue Reading

ජනාධිපතිවරණයට ගෝඨා දාන්න තීරණය කලේ නැහැ, දිනන්න පුළුවන් කෙනා වේලාවට ගේනවා – මහින්ද මාධ්‍ය ප්‍රධානීන්ට කියයි

ඉදිරි ජනපතිවරණය සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත්වීම සම්බන්ධයෙන් කිසිම තිරණයක් ගෙන නොමැති බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි. පුවත්පත් කතුවරුන් හා ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන් හා පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. එසේම ඉදිරි ජනපතිවරණයට බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් නොවන බවට පැවැසූ බවත් ඔහු ප්‍රකාශ කළේය. “පවුලේ පොඩි සාදයක් තිබුණා. ඒකේ කතා කළේ නෑ (ජනපති අපේක්ෂකත්වය). …

Continue Reading

අතීතයට දොස් පවරා වැඩක් නැහැ; ඉදිරි දින කිහිපය තුල මම මේ අභියෝගයට ස්ථිර විසඳුමක් ලබාදෙනවා – රවී

පවතින විදුලි කප්පාදුවට ස්ථිරසාර විසඳුමක් අප්‍රේල් මස දහ වැනි දින වන විට ලබා දීමට පියවර ගන්නා බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. අද(26) කොළඹ පැවති සම්මන්ත්‍රණයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ සදහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය රවී කරුණානායක, “විදුලිබල මණ්ඩලයෙන් මේ වනවිට විදුලි කප්පාදුව පිළිබදව නිවේදන නිකුත් කරලා තිබෙනවා. 29 දා මම …

Continue Reading