දරුවන්ගේ මානසික තත්ත්වය දුර්වල කරන පහේ ශිෂ්‍යත්වය අහෝසියි!

Spread the love

දරුවන්ගේ මානසික තත්ත්වය දුර්වල කරන පාසල්වල පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළයුතු යැයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඊයේ (25) පොලොන්නරුවේදී පැවැසීය.

පහේ ශිෂ්‍යත්ව විභාගය යනු දරුවන්ගේ මානසික තත්ත්වය දුර්වල කරන දරුවන්ගේ මානසික තත්ත්වය වට්ටන, අම්මලා ලෙඞ්ඩු කරන, අම්මලා මානසික රෝගීන් කරන එකක් බවද ජනාධිපතිවරයා කීවේය.

පිබිදෙමු පොලොන්නරුව දිස්ත‍්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ පොලොන්නරුව රාජකීය විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද මෛත‍්‍රි ශිල්ප කලා මණ්ඩපය ශ‍්‍රවණාගාරය සිසු අයිතියට පත් කිරීමෙන් අනතුරුව පැවැති උත්සව සභාව අමතමින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා එසේ පැවැසීය.

සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමා නිදහස් අධ්‍යාපනය යටතේ එදා මේ ශිෂ්‍යත්ව විභාග ක‍්‍රමය ආරම්භ කළේ එතුමා මධ්‍ය විද්‍යාල 50 ක් රටේ ආරම්භ කර ඉතාම දුප්පත් දරවන්ට ශිෂ්‍යත්ව විභාගය සමත් වීමෙන් පසුව රජයෙන් ශිෂ්‍යත්වයක් ලබා දීමට බව කීය. එහෙත් අද ජනප‍්‍රිය යැයි සම්මත පාසැල්වලට දරුවන් ඇතුළු කර ගැනීමට දුප්පත් පොහොසත් බේදයකින් තොරව දරුවන් ඊට මුහුණ දෙන බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මේ රටේ විශ්වවිඉාලවලට අතුළුවන්නේ ශිෂ්‍යත්ව විභාගය සමත්වන දරුවන්ගෙන් සියයට 14 ක් බවත් ඉතිරි සියයට 86 ශිෂ්‍යත්ව විභාගය අසමත් දරුවන් බවද ජනාධිපතිවරයා පැවසීය.

පසුගිය වර්ෂවල ශිෂ්‍යත්ව විභාගය අසමත් දරුවන් තම මාපියන්ගේ තාඩන පීඩන වලට ලක්වූ අවස්ථා සහ එහි ප‍්‍රතිඵල ලෙස ඇතැම් දරුවන් සිය දිවි නසා ගැනීම්වලට පවා යොමුවූ බවද වැඩි දුරටත් පෙන්වා දුන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා කළ යුත්තේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීම බවද පැවැසීය.

RSL

Related Posts