මිනීමරන්නේ නැති, පලිගන්නේ නැති, නිදහස ගරුකරන ප‍්‍රජාතන්ත‍්‍රවාදී අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කරන්න – වෙල්ගම මහින්දට දන්වයි

Spread the love

මිනීමරන්නේ නැති, පළිගන්නේ නැති, ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන නායකයෙක් ජනාධිපති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරනු ඇතැයි තමා විශ්වාස කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

ඊයේ(22) කොළඹ අධිකරණ සංකීර්ණයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

තමා වමේ දේශපාලඥයෙත් බවත්, “මම බැඳුනෙත් ශ්‍රී ලංකාකාරයෙක් විදියට මං මැරෙන්නෙත් ශ්‍රී ලංකාකාරයෙක් හැටියට“ බව ද මෙහිදී වෙල්ගම මහතා කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපති අපේකෂකයෙක් ඉදිරිපත් නොවුණ හොත්, පමණක් තමා මහින්ද රාජපක්ෂ මහතා ගැන විශ්වාසය තබා සිටින බව ද කියා සිටි කුමාර වෙල්ගම මහතා, මහින්ද රාජපක්ෂ මහතා පළිගන්නේ නැති නායකයෙක් ඉදිරිපත් කරනු ඇති බවට තමා විශ්වාස කරන බව ද පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන ඕනෑම අයෙකුට තමා එකඟ නොවුනත් පළිගන්නේ නැති විවේචනවලට ඔරොත්තු දිය හැකි නායකයෙක්ට සිය සහය දෙන බව ද මන්‍ත්‍රීවරයා සඳහන් කළේය.

RSL

Related Posts