වෛද්‍යවරු රජයට සතියක්‌ කල්දෙති

සයිටම් ආයතනයට එරෙහි තම ඉල්ලීම් සතියක්‌ ඇතුළත ආණ්‌ඩුව විසින් ඉටු නොකළොත් දීප ව්‍යාප්ත අඛණ්‌ඩ මෙන්ම බරපතළ වෛද්‍ය වර්ජනයක්‌ සිදුකරන බවට ඊයේ (02) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු ඇඟවීමක්‌ කළේය. සෙසු වෘත්තීය සමිති සමගද ඒකාබද්ධ වී මෙම වැඩවර්ජනය සිදු කරන බවද එම සංගමය ප්‍රකාශ කරයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ශාඛා සංගම් 112 ක නියෝජිතයෝ ඊයේ (02 දා) කොළඹට රැස්‌වී ඒකමතිකව මෙම …

Continue Reading

සිවිල් සංවිධානයක් සිදුකළ පැමිණිල්ලෙන් මහෙස්ත්‍රාත් ඉවතට!

ලංකා අධිකරණ කේෂ්ත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සිවිල් සංවිධානයක් සිදුකළ පැමිණිල්ලක් අනුව මහෙස්ත්‍රාත්වරයෙකු මහෙස්ත්‍රාත් ධූරයෙන් ඉවත් කොට ඇත. මෙසේ ඉවත් කොට ඇත්තේ කොළඹ 10, වතුර ටැංකිය පාරේ ව්‍යාජ ලිපිනයකින් අධිකරණ සේවයේ පත්වීම් ලැබූ ඩී.එම්.ඒ.අයි.දිසානායක නම් 2 වන පන්තියේ 1 ශ්‍රේණියේ අධිකරණ නිලධාරි (මහෙස්ත්‍රාත්වරයා) ය. ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් විසින් මහේස්ත්‍රාත්වරයා ගේ පත්වීමට එරෙහිව අධිකරණ සේවා …

Continue Reading

අගමැති රනිල්ගෙන් අලුත් බැංකුවක්!

අඩු සහ මධ්‍යම ආදායම්ලාභී පවුල් සඳහා නිවාස ලබා දීමේ වැඩසටහන සදහා ඉඩම් ලබා දීමට යටතේ ‘ඉඩම් බැංකුවක්’ ස්ථාපිත කිරීමට පියවර ගැනේ. මෙ සදහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව ඇමැති මණ්ඩලය විසින් අනුමත කර ඇත. මේ නිවාස වැඩසටහන ජාතික ප්‍රමුඛතාවක් ලබා දෙමින් කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමේ අරමුණින්, මහා භාණ්ඩාගාරය යටතේ විශේෂ කාර්ය ඒකකයක් (සීමාසහිත පොදු සමාගමක්) …

Continue Reading

දේශපාලනඥයින්ගේ සහ ජාවාරම්කරුවන්ගේ අවශ්‍යතා මත රටේ ජනතාවගේ ජීවිත බිල්ලට!

සල්ලි තියෙන සුළු ජාවාරම්කරුවන් කණ්ඩායමකගේ සහ දේශපාලනඥයින් ටිකකගේ අවශ්‍යතා මත අපේ රටේ ජනතාවගේ ජීවිතත් නිදහස් අධ්‍යාපන ආයතනත් දණ ගැස්වීමේ උත්සහය පරාජයට පත් කරන බවත් සයිටම් ආයතනය නීත්‍යානුකූල කිරීමෙන් ලංකාවේ අධ්‍යාපනයේ ප‍්‍රමිතිය ඛාදනය කිරීමට ඉඩ නොදෙන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා සඳහන් කරයි. ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ …

Continue Reading

එන්න අපි මිනිසා වෙනුවෙන් මනුස්සකම වපුරමු..

මේ සටහන සමාජ ජාලවෙත මුදා හැරියේ නිනී සෙනවිරත්න. සමාජ සත්කාරක මෙහෙවර අතරින් ඉහලින්ම ඉන්න ඈ මේ ඉල්ලා සිටින්නේ තව ජීවිතයකට අත්වැලක්. ඔබ එන්න. මේ පින්කමට හැකි අයුරින් දායක වෙන්න. ඇය මෙන්ම අපිත් ඔබෙන් ඉල්ලා සිටින්නේ මනුස්සකමට පණදෙන්න කියායි. මේ සිය ෆේස්බුක් ගිණුමේ නිනී තැබූ සටහනයි. ”ජීවිතේ කියන්නෙ පුදුමාකාර දෙයක්.. සතුට සැනසුම සමබරයි කිව්වට හැමදාම දුක් විදින මිනිස්සු ත් ඉන්නවා. මේ …

Continue Reading

ජනපතිගේ වැඩපිළිවෙළ ජාතික බුද්ධි මණ්ඩලයේ පැසසුමට!

මෙරට පිරිවෙන් අධ්‍යාපනය ශක්තිමත් කරමින් එහි ඉදිරි ගමන වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉටුකරන මෙහෙවර ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලයේ පැසසුමට ලක් වෙයි. ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය ඊයේ(31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී මේ බව සදහන් කෙරිණි. පිරිවෙන් අධ්‍යාපනය නගා සිටුවමින් එහි පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කර ඇති වැඩසටහන් පිළිබද පිරිවෙන් අධ්‍යක්ෂ මහාචාර්ය පූජ්‍ය නාබිරිත්තන්කඩවර …

Continue Reading

හෙළිවුණු අයර්ලන්තයේ දේපල ගැන අනුර කුමාර මුනිවතින් පිළිගනී! (විශේෂ)

පසුගියදා සමාජ ජාල තුළින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට අයත් යැයි කියන අයර්ලන්තයේ දේපල සම්බන්ධයෙන් ඒ මහතාගෙන් මාධ්‍යවේදියෙකු නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පවසා ඇත්තේ, තමා සමාජජාල මඟින් ගෙන යන ප්‍රචාරයන්ට පිළිතුරු දීමට ඉදිරිපත් නොවන බවයි. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට අයත් කියන එම අයර්ලන්තයේ නිවසට අදාලව බදු ගෙවන ලෙස එරටින් නිකුත් කළ ලිපියක් …

Continue Reading

තවත් අක්කර 340ක් ඩොලර් එක ගාණෙ ඉන්දියාවට විකුණයි

පෞද්ගලික ටයර් කර්මාන්ත ශාලාවක්‌ පිහිටුවීමට හොරණ -වගවත්ත ආයෝජන කලාපයෙන් අක්‌කරයක්‌ රුපියල් සියය බැගින් අක්‌කර 100 ක්‌ ලබා දුන් ආකාරයටම ඊට යාබද තවත් අක්‌කර 340 ක්‌ අක්‌කරයක්‌ ඩොලර් එක බැගින් ආයෝජන මණ්‌ඩලය විසින් ඉන්දියානු සමාගමකට පවරා ඇත. නීතිපති දෙපාර්තමේන්තුව හෝ පාර්ලිමේන්තුව දැනුවත් නොකොට රජයේ අනුමැතියකින් තොරව ආයෝජන මණ්‌ඩලය මෙලෙස එම අක්‌කර 340 භූමිය පවරා ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි. ඉන්දියානු මර්බොක්‌ …

Continue Reading

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට (Exclusive)

කුප්‍රකට සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට එරෙහිව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යෑමට තීන්දු කර ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ. මාලඹේ සයිටම් ආයතනයට වෛද්‍ය උපාධිය පිරිනැමීම සඳහා නීත්‍යනුකූල බලයක් තිබෙන බවට අභියාචනාධිකරණය විසින් ලබාදුන් තීන්දුවට එරෙහිව මෙලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යෑමට තීන්දු කර ඇත. එම තීන්දුව ගෙන ඇත්තේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ පසුගිය මාසික මහසභා රැස්වීමේදී …

Continue Reading

සමලිංගික පනතේ තිරය පිටුපස සැලැස්ම එළියට (විශේෂ)

දින කිහිපයකට පෙර මහත් ආන්දෝලනයට තුඩු දුන් සමලිංගික පනත සහ එහි සැලැස්ම පිළිබඳව තිරය පිටුපස කතාව මේ වන අනාවරණය වී තිබේ. සමලිංගික විවාහ නීතිගත කිරීම සදහා අවශ්‍ය කෙටුම්පත සම්පාදනය කර ඇත්තේ මලික් සමරවික්‍රමට අයත් කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවසේදී බව වාර්තා වේ. මෙම කෙටුම්පත සකස් කිරීමේ අවස්ථාවට රනිල්,මලික්,හර්ෂද සිල්වා මෙන්ම ඇමරිකානු තානාපති කාර්යාලයේ නිලධාරිනියන් දෙදෙනෙකුද, නෝර්වේ තානාපති කාර්යාලයේ ප්‍රධානියෙකු මෙන්ම …

Continue Reading