දින කිහිපයකට පෙර මහත් ආන්දෝලනයට තුඩු දුන් සමලිංගික පනත සහ එහි සැලැස්ම පිළිබඳව තිරය පිටුපස කතාව මේ වන අනාවරණය වී තිබේ.
සමලිංගික විවාහ නීතිගත කිරීම සදහා අවශ්‍ය කෙටුම්පත සම්පාදනය කර ඇත්තේ මලික් සමරවික්‍රමට අයත් කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවසේදී බව වාර්තා වේ. මෙම කෙටුම්පත සකස් කිරීමේ අවස්ථාවට රනිල්,මලික්,හර්ෂද සිල්වා මෙන්ම ඇමරිකානු තානාපති කාර්යාලයේ නිලධාරිනියන් දෙදෙනෙකුද, නෝර්වේ තානාපති කාර්යාලයේ ප්‍රධානියෙකු මෙන්ම බණ්ඩාරනායක පරම්පරාවට සම්බන්ධ අයෙක්ද සහභාගීව ඇත.
ලංකාවට නැවත ජීඑස්පී සහනා ලබාදීමට නම් ශ්‍රී ලංකාවේ ජීවත්වන සමලිංගික ප්‍රජාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කලයුතු බවටවූ යෝජනාවක් යුරෝපා සංගමය සිය නිර්දේශයක් සේ ඉදිරිපත් කර තිබුණි. මේ අවස්ථාව මැනවින් ප්‍රයෝජනයට ගතයුතු බව කෙටුම්පත සම්පාදනයට පැමිණි කමිටු සාමාජිකයින්ගේ අදහස වූ අතර එය යුරෝපා කොමිසමේ 58ක්වූ නිර්දේශ අතර සගවා ඉදිරිපත් කලහොත් සම්මත කර ගැනීම පහසුවනු ඇතැයි හර්ෂ ද සිල්වාගේ අදහස විය.
ඒ අනුව කරුණු 32ක් සහිතවු සමලිංගික කැබිනට් පත්‍රිකාව සකස් කිරීමේ වගකීම අමාත්‍ය හර්ෂ ද සිල්වා විසින් භාර ගැණුනු අතර තමන් කෙසේ හෝ මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවද හෙතෙම අග්‍රාමාත්‍යවරයා ඉදිරියේ ප්‍රතික්ඥා දී තිබේ. විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා මෙම යෝජනාව ඉදිරිපත් කලහොත් සමාජයීය අවධානය වැඩියෙන් එයට යොමුවනු ඇතැයි පැවසූ අමාත්‍යවරයා තමන් සමාජයීය මැදිහත්වීම අවම වන වශයෙන් මෙය ඉදිරිපත් කොට සම්මත කර ගැනීමේ ක්‍රමවේදය දන්නා බවද පවසා ඇත.
මෙහිදී ඉදිරියේ පැවැත්වීමට නියමිත කැබිනට් සංශෝධනය ගැනද තානාපති කාර්යාල නිලධාරීන් කරුණු විමසා ඇති අතර මලික් සමරවික්‍රම අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ ඉදිරි කැබිනට් සංශෝධනකදී හර්ෂ ද සිල්වා අමාත්‍යවරයාට ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධ කැබිනට් අමාත්‍යධූරයක් ලබාදිම කෙරෙහි අගමැතිවරයාගේද අවධානය යොමුව ඇති බවයි. තමන් මෙම පනතට මැදිහත්වූයේ තම වෙත මුදල් අමාත්‍යධූරය ලබාදෙන බවට මලික් සමරවික්‍රම අමාත්‍යවරයා පොරොන්දුවූ පසුව බව හර්ෂ ද සිල්වා මහතාද ඔහුගේ ව්‍යාපාරික හිතවතෙකුට පවසා තිබුණි.
මෙකී අවස්ථාවට නෛතික උපදෙස් ලබාදීම සදහා සම්බන්ධව සිටි එජාපයට සම්බන්ධ නීති විශාරදයකු මෙම ලියුම්කරු සමග පැවසූවේ හර්ෂ ද සිල්වාගේ හැසිරීම තුලින් ඇමරිකාවේ සීඅයිඒ නිලධාරියෙකුගේ කැපවීම මැනවින් පෙන්නුම් කරන බවයි.
තමන්ගේ දේශපාලන ගුරුවරයාගේ අමාත්‍යාංශය ඩැහැ ගැනීමට බලාපොරොත්තු වන හර්ෂ ද සිල්වා වැනි අයවලුන් ඉදිරියේදී වැදගත් එජාප පාක්ෂිකයින්ගේ ගැරහුමට හා නින්දාවට ලක්විය යුතු යැයි තමන්ට හැගී ගිය බවද හෙතෙම මෙම ලියුම්කරු හමුවේ ප්‍රකාශ කලේය.
උපුටා ගැනීම: abrighterfuture