ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අත්අඩංගුවට ගෙන බන්ධනාගාරය වෙත

යාපනය ශිවලෝගනාදන් විද්‍යා සිසුවිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා අනුරාධපුර බන්ධානාගාරය වෙත රැගෙනවිත් තිබේ. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා සඳහන් කළේ ඊයේ (16) පස්වරුව වන විට ඔහු අනුරාධපුර බන්ධනාගාරය වෙත රැගෙනවිත් තිබූ බවය. විද්‍යා සිසුවිය ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවෙකුට පළායාමට ආධාර අනුබල ලබාදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් …

Continue Reading

වාහන ආනයනය එකවරම පහත වැටෙයි

මාසිකව මෙරටට ආනයනය කරන වාහන සංඛ්‍යාව පසුගිය ජුනි මාසයේ විශාල වශයෙන් අඩුව ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. ඔවුන් පෙන්වා දෙන්නේ ත්‍රීරෝද රථ හා යතුරුපැදි හැර වෙනත් වාහන 39000ත් 40000ත් අතර ප්‍රමාණයක් මසකට ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන අතර එය පසුගිය මාසයේදී 13000කින් පමණ අඩු වී තිබෙන බවයි. ආනයනික වාහන සඳහා ඉහළ බදු ප්‍රතිශතක් පැවැතීම මෙන්ම රුපියලේ අගය අඩුවීම ද …

Continue Reading

බලතල සහිත බලවත් පනතක් මැති සබයට

මහා පරිමාණයේ වංචා දූෂණ විමර්ශනය සඳහා බලතල සහිත බලවත් පනතක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත අතර, එමඟින් මහා පරිමාණ වංචා දූෂණ රැසකට වගකිව යුතු දේශපාලකයන් රැසක් ද නීතිය හමුවට පැමිණවෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. දැනට පවතින නීති ප්‍රමාණවත් නොවීමෙන් මහා පරිමාණ වංචා හා දූෂණ සඳහා වගකිවයුත්තන් නීතිය ඉදිරියට ගෙන ඒම ප්‍රමාද වීම මේ පනත ගෙන ඒමට හේතු වී තිබෙන …

Continue Reading

සයිටම් අර්බුදය විසඳීමට අගමැති සහ GMOA එක අතර ධනාත්මක එකඟතාවයක්

සයිටම් ගැටළුව සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමඟ පැවති සාකච්ඡාව ධනාත්මකව අවසන් වූ බවත් එහිදි ක‍්‍රියාත්මක කිරීමට එකඟවු තීරණ කඩිනමින් ක‍්‍රියාත්මක කළ යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ඊයේ(13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ නියෝජිතයින් විසින් මෙම අදහස් පළ කළේය. පෙරේදා(12) දිනයේ අගමැතිවරයා සමඟ පැවති මෙම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා ද සහභාගී වී තිබේ. කෙසේ හෝ අගමැතිවරයා සමඟ …

Continue Reading

මහින්දට අභයාරාමය තහනම් වෙයි

නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානය හිටපු ජනාධිපති සහ වත්මන් කු.පා.ම. මහින්ද රාජපක්ෂ විසින් දේශපාලන කටයුතුවලට යොදාගැනීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් අතුරුතහනම් නියෝගයක් නිකුත් කර තිබේ. පූජ්‍ය පත්බේරියේ විමලඥාන හිමියන් විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් පසු කොළඹ දිසා විනිසුරු සුජීව නිශ්ශංක විසින් මෙම අතුරුතහනම් නියෝගය නිකුත් කර ඇත. 2016 පෙබරවාරි මස ගොනුකර ඇති මෙම පැමිණිල්ල තුළින් අභයාරාම විහරස්ථානය දේශපාලන කටයුතුවලට යොදාගැනීමෙන් …

Continue Reading

ජනපතිට බංග්ලාදේශයේදී ඉහළ පිළිගැනීමක්

බංග්ලාදේශ අගමැතිණි ෂීක් හසීනා මහත්මියගේ ආරාධනාවක් අනුව තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා බංග්ලාදේශය බලා පිටත්ව ගිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඊයේ (13) පෙරවරුවේ බංග්ලාදේශයේ ඩකා ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා විය. ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු මෛතී‍්‍රපාල සිරිසේන මහතා බංග්ලාදේශයේ සිදුකරන පළමු සංචාරය මෙය වන අතර ජනාධිපතිතුමා වෙත ඉහළ පිළිගැනීමක් ලබාදීම වෙනුවෙන් එරට රජය සියලු කටයුතු සූදානම් කර තිබුණි. ඩකා ජාත්‍යන්තර ගුවන්තොටුපළ …

Continue Reading

BOI සභාපති නීතිඥ උපුල් ජයසූරිය ඉල්ලා අස්වූයේ කාගේ බලපෑමකින්ද..?

වත්මන් යහපාලන රජයේ කුප්‍රකට ජාතික ලැයිස්තු අමාත්‍යවරයෙකු වන මලික් සමරවික්‍රමගේ අනිසි අතපෙවීම් සහ බලපෑම් නිසාවෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරයෙකු මෙන්ම ආයෝජන මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ නීතිඥ උපුල් ජයසූරිය මහතා සිය ධූරයෙන් ඉල්ලා අස් වූ බව ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. පුද්ගලික හේතුන් මත තමන් සිය ධූරයෙන් ඉල්ලා අස්වූ බවත්, මේවන විට අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති …

Continue Reading

පොරොන්දු ඉටු නොකළොත් තැපෑල 19 දා සිට යළි වර්ජනයට

තැපැල් වෘත්තීය සමිති පෙරමුණට රජය විසින් ලබාදුන් ලිත පොරොන්දු සියල්ල සතියක්‌ ඇතුළත ඉටු නොකළහොත් මෙම මස 19 වැනිදා සිට නැවත රට පුරා තැපැල් වැඩ වර්ජනයක්‌ ආරම්භ කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්‌ඩාර මහතා පවසයි. පැය 72 ක්‌ පුරා ක්‍රියාත්මක වැඩවර්ජනය තැපැල් වෘත්තීය සමිති පෙරමුණ විසින් නවතා දමනු ලැබුවේ සති දෙකක්‌ ඇතුළත කැබිනට්‌ මණ්‌ඩලය වෙත කැබිනට්‌ පත්‍රිකාවක්‌ …

Continue Reading

මහින්දවත් අන්දවපු, ඒකාබද්ධයත් ගිලගත්තු, පොලු සක්විතියෙක්.. (විශේෂ)

ඔහු නමින් එදිරිසිංහ ආරච්චිලාගේ අභීත උදයබණ්ඩාර එදිරිසිංහ. ඉපදුණේ 1979 මාර්තු මාසෙ 25 වෙනිදා. උපතින්ම ගෙදරට බරක් වෙච්චි මේ හාදයා ගියේ කුරුණෑගල මලියදේවෙට.ඒ කාලෙ ඉඳන් ගුරුවරු අතරේ බේධ ඇති කරලා, ගොට්ට අල්ලලා කොහොමින් කොහොම හරි පාසලේ ප්‍රධාන ශිෂ්‍යනායක කමත් අරගත්තා.මෑන් කොච්චර ආඳෙක්ද කියනව නම් අප්පච්චි අන්තිම හුස්ම පොද හෙළනකල් ගෙට ගත්තෙ නෑ.ඒකට හේතුව තමයි මිනිහා ගෙදර තිවුණ අප්පච්චිට අයිති මෝටර් රථය …

Continue Reading

කොළඹ කොටස් වෙළෙඳ පොළ දෙවැනි ඉහළම ආයෝජනයත් වාර්තාවේ

කොළඹ කොටස් වෙළෙඳ පො‍ළ ඉතිහාසයේ වාර්තා වූ දෙවැනි ඉහළම ශුද්ධ විදේශ ආයෝජනය ඉකුත්දා වාර්තාවීම සතුටක් බව කොටස් වෙළෙඳ පොළ සභාපති රේ. අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි. වසර 1992 දී විදේශිකයන්ට කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු කිරීමට ලබාදුන් අවසරය නිසාම කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු ඉහළයෑම් ඇරඹිණි. ඒ අනුව එදා මෙදාතුර දෙවැනි ඉහළම ආයෝජනය රුපියල් බිලියන 22.8ක් ඉකුත් 10 වැනිදා වාර්තා කිරීම සුබ …

Continue Reading