සයිටම් අර්බුදය විසඳීමට අගමැති සහ GMOA එක අතර ධනාත්මක එකඟතාවයක්

Spread the love

සයිටම් ගැටළුව සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමඟ පැවති සාකච්ඡාව ධනාත්මකව අවසන් වූ බවත් එහිදි ක‍්‍රියාත්මක කිරීමට එකඟවු තීරණ කඩිනමින් ක‍්‍රියාත්මක කළ යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඊයේ(13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ නියෝජිතයින් විසින් මෙම අදහස් පළ කළේය.

පෙරේදා(12) දිනයේ අගමැතිවරයා සමඟ පැවති මෙම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා ද සහභාගී වී තිබේ.

කෙසේ හෝ අගමැතිවරයා සමඟ ඇතිවු එකඟත්වය මත වර්තමානයේ හදිසි වැඩවර්ජන කරා යොමු වීමේ අවශ්‍යතාවයක් නොමැති බව ද එම සංගමය මෙහිදී පැවසීය.

මේ අතර වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප‍්‍රමිතිය රටේ නීතියක් බවට පත් කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කරන බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටියේය.

[youtube 0y0dde8sYbE]

RSL

Related Posts