වැඩ තහනමට ලක්වූ බැංකු අධ්‍යක්ෂක අර්ජුන් මහේන්ද්‍රන්ගේ හොඳම සහචරයෙක්!

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා එම තනතුර දැරූ අවදියේ තමාට ඔහු සමඟ ඇසුරක්‌ තිබූ බවත්, 2015 පෙබරවාරි 27 දා පැවැත්වූ භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියෙන් පසුව ඔහු වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට මහ බැංකුවේ නිලධාරීන් කණ්‌ඩායමක්‌ සමඟ ආණ්‌ඩුවේ ඇමැතිවරයෙකු හමුවීමට ගිය බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ අතිරේක අධ්‍යක්‍ෂවරයකු වන සමන් කුමාර මහතා ඊයේ (12 දා) ජනාධිපති බැඳුම්කර කොමිසම …

Continue Reading

දඹුලු විහාරයට ලෝක උරුමයෙන් ඉවත් විය හැකියි

දඹුල්ල විහාරයට ලෝක උරුමයෙන් ඉවත් වීමට වුවමනා නම් අස්ගිරිය මහා නාහිමි සමඟ සාකච්ඡා කර ඒ පිළිබඳ අදාළ ඇමැතිවරයා මගින් යුනෙස්කෝවට දැනුම් දිය හැකි බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. දඹුල්ල ලෝක උරුමයේ පැවතිමට නම් සංරක්ෂණය කළ යුතු බවට යුනෙස්කෝව දැනුම් දී ඇති බවත් ඒ සම්බන්ධයෙන් 2017 අවසන් වීමට පෙර යුනෙස්කෝවට වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බව පෙන්වා දුන් අගමැතිවරයා විහාරය ලෝක …

Continue Reading

මීතොටමුල්ල ජීවිත අහිමි වූවෙකුට රු මිලියනක වන්දියක්

මීතොටමුල්ල කසළ කන්ද නායයාම හේතුවෙන් ජීවිත අහිමිවූවන් වෙනුවෙන් එක් ජීවිත හානියක් සඳහා රුපියල් මිලියනයක් බැගින් වන්දි ප්‍රදානය කරයි. මෙම වන්දි ප්‍රදානය අද (ජූලි 11) සිදු කෙරුණේ කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී ය. පසුගිය අප්‍රේල් 14 වැනිදා මීතොටමුල්ල කසළ කන්ද නාය ගිය අතර ඊට ගොදුරු වූ 32දෙනෙකු ජීවිතක්‍ෂයට පත් විය මියගිය අයගේ පවුලේ ඥාතීන්ට වන්දි පිරිනැමීමේ අවස්ථාවට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රී …

Continue Reading

සැප්තැම්බර් මස සිට ලන්ච් ෂීට්, රිජිෆෝම් කෑම පෙට්ටි සහ ෂොපින් බෑග් තහනම්

සැප්තැම්බර් මස සිටලන්ච් ෂීට්, රිජිෆෝම් කෑම පෙට්ටි සහ ෂොපින් බෑග් තහනම් කරන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. කෙසේ වෙතත්, ෂොපින් බෑග් හා ලන්ච් ෂීට් භාවිතා කිරීම විශාල පරිසර ප‍්‍රශ්නයක් බව තමන් පිළිගන්නා නමුත් ඒවා භාවිත කරන පාරිභෝගිකයින්ට විකල්පයක් රජය විසින් කඩිනමින් හදුන්වාදිය යුතු බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

Continue Reading

බැඳුම්කර කොල්ලය සම්බන්ධයෙන් වැඩ තහනම් වූ අධ්‍යක්ෂක CIDය හමුවට

ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්‍ෂවරයකු වන සමන් කුමාර මහතා ප්‍රශ්න කිරීම සඳහා ඊයේ (11 දා) ජනාධිපති බැඳුම්කර කොමිසමේ රහස්‌ පොලිස්‌ අංශය හමුවට කැඳවා තිබිණි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සමන් කුමාර මහතාගේ වැඩ තහනම් කර ඇති බව ජනාධිපති බැඳුම්කර කොමිසමට සහය වන නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥ කණ්‌ඩායම් නායක ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා විසින් ඊයේ කොමිසමට දැනුම් දුන්නේය. …

Continue Reading

ඩෙංගු රෝගය තුරන් කිරීමට සියලු මාධ්‍ය එක්වෙයි

ජාතික ව්‍යසනයක්ව පවතින ‘ඩෙංගු රෝගය තුරන් කිරීමේ ජාතික වැඩසටහනක්’ රජය මඟින් ආරම්භ කෙරේ. ‘අපිම අරඹමු – ඩෙංගු දුරලමු’ මේ වැඩසටහනේ තේමාව වේ. ඩෙංගු රෝගය තුරන් කිරීමේ ජාතික වැඩසටහන යටතේ මුදල් හා ජන මාධ්‍ය අමාත්‍යංශය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණයෙන් සියලු මාධ්‍ය ඒකාබද්ධව මහජනතාව දැනුවත් කිරීම අද(12) සිට ආරම්භ කිරීමට නියමිතයි. මෙම වැඩසටහන පිළිබඳ විශේෂ සාකච්ඡාවක් මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය …

Continue Reading

ටිකට් විකිණීමේ අයිතිය අපට පමණයි!- දඹුලු විහාරයේ හිමිවරුන් (Video)

රංගිරි දඹුලූ ලෙන් විහාර සංකීර්ණය නැරඹීමට පැමිණෙන විදෙස් සංචාරකයන්ට ප්‍රවේශපත් අළෙවි කිිරීම මධ්‍යම සංස්කෘතික අරමුදලට භාර නොදෙන බවත් එම ටිකට් විකුණා ආදායම් ලැබීමේ අයිතිය භික්ෂූන් වහන්සේ සතු බවත් රංගිරි දඹුලූ රජමහා විහාරයේ භාරකාර පූජ්‍ය අඹගස්වැවේ රාහුල හිමියන් පවසති. දඹුල්ල විහාරස්ථානයේ අද පෙරවරුවේදී කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සදහන් කළේය. රංගිරි දඹුලූ ලෙන් විහාර සංකීර්ණය තාවකාලිකව වසා දමන …

Continue Reading

ඇප ප්‍රතික්ෂේප වී කපිතාන් තිස්ස නැවත ඇතුලට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රියදුරෙකු වන කපිතාන් තිස්ස විමලසේන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයකට අනුව අද යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඔහු සමග පුත්තලම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකුද ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීම නියෝග කෙරුනි. සැකකරුවන් ඇප අයදුම්පත්‍රයක් ඉදිරිපත් කර තිබුණද මහේස්ත්‍රාත්වරයා එය ප්‍රතික්ෂේප කරනු ලැබූයේ ඇප ලබාදීමට තරම් වන කරුණු ඉදිරිපත් කර නොමැති බව සඳහන් කරමින්ය. මෙම සැකකරුවන්ට නඩු …

Continue Reading

ප්‍රතිලාභ තොරතුරු ඇතුළත් වෙබ් අඩවියක්

ජනතාවට ලබාදෙන සුබසාධන දීමනාදිය ලබාදීම වඩාත් ක්‍රමවත්ව, ඉලක්කගතව සහ විනිවිදව ක්‍රියාත්මක කිරීම සඳහා සියලුම සුබසාධන ප්‍රතිලාභ පිළිබඳ තොරතුරු ඇතුළත් වෙබ් අඩවියක් රජය විසින් හඳුන්වා දෙයි. මේ වැඩපිළිවෙළ යටතේ ජනතාවට ලබා දෙන විද්‍යුත් දත්ත සංචිතයක් සකස්කර එම වෙබ් අඩවිය හරහා එම තොරතුරුවලට ප්‍රවේශවීමට හැකියාව ලබා දෙයි. http://socialregistry.gov.lk යන වෙබ් ලිපිනය හරහා දැනටමත් මේ දත්ත සහිත වෙබ් පිටුව ජනතාවට විවෘත කර ඇති …

Continue Reading

ඉල්ලීම්වලට විසඳුම් නැතහොත් නොදන්වාම සිකුරාදා සිට වැඩ වර්ජනයකට

ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ පවතින ගැටලු කිහිපයකට විසඳුම් ඉල්ලා රජය වෙත යොමු කර ඇති වාර්තාවට මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් නොලැබීම නිසා සිකුරාදා (14) මධ්‍යම රාත්‍රියෙන් පසු ඕනෑම වෙලාවක දැනුම් දීමකින් තොරව වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට යොමුවීමට සූදානම් බව ඛනිජ වෘත්තිය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩී.ජේ රාජකරුණා මහතා පවසයි. ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා සම්ඟ මේ සම්බන්ධයෙන් පසුගිය 07 වැනිදා කළ සාකච්චාවේදී රටේ පවතින …

Continue Reading